ඔහු මෙම අදහස් පළ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ඊයේ (24) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය සංජීව තලගහගොඩ පැවසුවේ තවත් වෛද්‍යවරු 5000ක පමණ පිරිසක් ඕනෑම මොහොතක මෙරට අතහැර යන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන ඇති බවයි.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක කමිටු සාමාජික වෛද්‍ය වාසන් රත්නසිංහම් සහභාගි වූහ.
''මේ වන විට රෝහල් පද්ධතියේ පවතින ගැටලු නොවිසඳෙන්නේ නම් සේවා සැපයීමේ අවදානමක් පවතිනවා.'' යයි වෛද්‍ය හංසමාල් වීරසූරිය මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.
''රෝහල් පද්ධතියේ ගැටලු පිළිබඳ සමීක්ෂණයක් කළ යුතුයි. ඒ වගේ ම ජනතාව ගේ සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා ජනතාවගේ බදු මුදල් යොදවන්න.''යයි වෛද්‍ය චමිල් විජේසිංහ මෙහිදී සඳහන් කළේය.




