කොරෝනා අසාදිත පුද්ගලයින් 21 දෙනකු ඊයේ (31) දිනය තුල දී වාර්තා වීමත් සමග මෙරට කොරෝනා වයිරසය ආසාදනය වූ

බවට තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 143 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

මේ වන විට කොරෝන ආසාදිත වූ පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් 17 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

අලුත් තත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, ශ්‍රී ලංකාව තුළ සමූහ වශයෙන් කොරෝවා වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් ඇති බවයි.

කොරෝනා රෝග ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණීන් පනවනු ලැබ ඇති ඇඳිරි නීතීය විටින් විට ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

ඇඳිරි නිතීය විටින් විට ඉවත් කරන මෙරට ඇතැම් ප්‍රදේශවල සමාජ දුරස්ථකරණය 50%කට වඩා අඩු මට්ටමකට පහත වැටී තිබීම ඉතාමත් භයානක තත්ත්වයක් බවත්, සමාජ දුරස්ථකරණය 80% කට වඩා වැඩි මට්ටමේ පවත්වා ගැනීම සදහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග දිවයින පුරා ම ක්‍රියාවට නැංගවිය යුතුව ඇති බවත් එම සංගමය පවසයි.

 

ගෝලීය වසංගත තත්ත්වය පාලනය වනතුරු...

''වසංගත විද්‍යානුකූල අනාවැකි අනුව ශ්‍රී ලංකාව තුළ දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද රෝගීන් උපරිමයෙන් වාර්තා වීම ලබන අප්‍රේල් මස අග දක්වා සිදුවිය හැකියි.''

එසේම, පවතින ගෝලීය වසංගත තත්ත්වය පාලනය වනතුරු කිසිසේතම මෙරට ගුවන් තොටුපල හා වරායන් විවෘත නොකළ යුතු බවට ද නිර්දේශ කරන එම සංගමය, වසංගත විද්‍යානුකූල අනාවැකි අනුව ශ්‍රී ලංකාව තුළ දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද රෝගීන් උපරිමයෙන් වාර්තා වීම ලබන අප්‍රේල් මස අග දක්වා සිදුවිය හැකි බවද සදහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සියලුම සාමාජික රටවලට දැඩි ලෙස අවවාද කරමින් නිකුත් කර ඇති ක්‍රියාමාර්ගයක් වන 80%කට වඩා වැඩි ප්‍රමාණයකින් සමාජ දුරස්ථකරණයක් තහවුරු කිරීමට නම්, ඇඳීරි නිතීය විටින් විට ඉවත් නොකිරීමට පියවර ගත යුතුව ඇතැයි ද එම සංගමය වාර්තාවක් මගින් රජය දැනුම්වත් කර ඇත.

ශ්‍රී ලංකාව තුළ සමාජ දුරස්ථකරණය මට්ටම් තුනක පවතින බවට පෙනී යන අතර, සම්පූර්ණයෙන්ම හුදකලා කරන ලද ගම්මාන හා නගරවල සමාජ දුරස්ථකරණය 90%කට වඩා වැඩිවිම ඉතා සතුටුදායක බවත්, දැඩි අවධානම් කලාප ලෙස සලකා ඇ`දිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන ප්‍රදේශවල සමාජ දුරස්ථකරණය 70%කට වඩා වැඩිවීම සතුටුදායක බවත් එම සංගමය පවසයි.

 

භයානක තත්ත්වයක් !

එසේම, තාවකාලික පියවරක් ලෙස ඇඳීරි නිතීය විටින් විට ඉවත් කරන ප්‍රදේශයන්හි සමාජ දුරස්ථකරණය 50%කටත් වඩා අඩු මට්ටමකට පහත වැටීම ඉතාමත් දුර්වල මෙන්ම භයානක තත්ත්වයක් බවද එම සංගමය පෙන්වා දෙයි.

''ඇඳීරි නිතීය විටින් විට ඉවත් කරන ප්‍රදේශයන්හි සමාජ දුරස්ථකරණය 50%කටත් වඩා අඩු මට්ටමකට පහත වැටීම ඉතාමත් දුර්වල මෙන්ම භයානක තත්ත්වයක් බවද වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.''

සමජ දුරස්ථකරණය 80%කට වඩා වැඩි මට්ටමක පවත්වා ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ගයක් ලෙස සියලූ පුරවැසියන් හැකිතාක් දුරට තම නිවස තුළටම වී සිටීමේ වැදගත්කම නිරන්තරෙයෙන් අවධාරණය කිරීම, බැංකු කටයුතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධමය අවශ්‍යතාවයන් නිවස තුළටම ළඟා වන ක්‍රමවේදයන් ශක්තිමත් කිරිම, විටින් විට ඇ`දිරි නිතීය ලිහිල් කිරීම වහාම නැවැත්වීම, දිස්ත්‍රීක් අතර සංචරණ හැකිතාක් දුරටත් අවම කිරීම, රෝග ව්‍යාප්තිය රටපුරා සිදුකළ හැකි පරිදි ජනතාව එක් රැස් වන අධි අනතුරු දායක ස්ථාන පිළිබද දැඩි තින්දු තිරණවලට එළැඹීම යන තීරණ ගත යුතුව ඇතැයි ද එම සංගමය රජයට අවධාරණය කරයි.

විශේෂයෙන්ම ආර්ථික වෙළඳ මධ්‍යස්ථාන (දඹුල්ල), ධීවර වරායන් (තංගල්ල තුඩා වැල්ල ධීවර වරාය සහ මීගමුව ලෙල්ලම) , මැනිං වෙළඳ පොළ ඇතුලූ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථාන මෙන්ම තේ කර්මාන්ත ශාලා යනාදිය අධි අනතුරු දායක ස්ථාන පිළිබද අවධානය යොමු  කිරිම ඉතාමත් වැදගත් බවද එම සංගමය පවසයි.

 

පෞද්ගලික සනීපාරක්ෂාව :

Covid 19 marsk

රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව විසින් පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳ එනම් නිවැරදිව අත් සේදිම ආදියට නිරන්තර අවධානය යොමු කිරිම මෙන්ම පොදු ජනතාව විසින් මුඛ ආවරණ පැළදීම පිළිබඳව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙස් නැවත සමාලෝචනය කිරිම සඳහා කාලය එළැඹ ඇති බවද එම සංගමය අවධාරණය කර සිටියි.

පොදු ජනතාව මුඛ ආවරණ නිවැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් දැනට ශ්‍රී ලංකාව තුළ මෙම රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකිබව විශේෂඥයින් පෙන්වා දී ඇතැයි ද සදහන් කරන එම සංගමය, මේ පිළිබඳව සමාලෝචනය කිරිම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණීක කමිටුවක් කැඳවිය යුතුව බව ද බලධාරින්ට දැනුම් දී ඇතැයි ද සදහන් කරයි.

 

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය රෝහල:

ඉදිරියේදී සමාජය තුළ රෝගය පැතිරීමේ අවදියට ඇතුලූ වුවහොත් ඒ සදහා මුහුණ දීමට රෝහල්වල භෞතික හා මානව සම්පත් ධාරිතාව වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය බවත්, ඒ සදහා දැඩි සත්කාර ඒකක ඇදන් ප්‍රමාණය වැඩි කළ යුතුව ඇති බවත් එම සංගමය පවසයි.

කොරෝනා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත රෝහල් ස්ථාපිත කර තිබුණද, අධි වසංගත තත්ත්වයකට මුහුණ දීම සදහා ඒවායේ ධාරිතාව කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවත්, මේ සදහා වඩාත් ගැලපෙන මධ්‍යස්ථානයක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය රෝහල යෝජනා කරනු ලබන බවත් එම සංගමය සදහන් කරයි.

පසුගිය දින කිහිපය තුළ ඇතැම් රෝගීන් සත්‍ය වසන් කිරිම නිසා දිවයිනේ රෝහල් හතරක (මීගමුව, ශ්‍රී ජයවර්ධනපුර, කලූබෝවිල, රාගම සහ ද සොයිසා රෝහල) වෛද්‍යවරුන් ඇතුලූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සැලකිය යුතු ප්‍රමාණයක් නිරෝධායනයට යොමුවී ඇති බැවින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල දැඩි හිඟයක් ඇතිවිය හැකි බවද එම සංගමය පවසයි.

 

සැකකටයුතු සියලු දෙනා රසායනාගාර පරීක්ෂාවන්ට:

කොරෝනා රෝගීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් (ස්පර්ශකයින්) හදුනාගෙන ඔවුන් නිරෝධානයට ලක් කිරිම මෙන්ම, ප්‍රතිදේහ හදුනා ගැනීමේ පරීක්ෂණය මගින් එනම් විනාඩි 15ක් වැනි කෙටි කාලයකින් රෝගය තහවුරු කර ගැනීමේ ක්‍රමවේදය අප රටට ද හදුන්වා දීමේ හැකියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වන තාක්ෂණීක කමිටුවේදී සාකච්ඡා කිරිමට බලා පොරොත්තු වන බවද එම සංගමය වැඩිදුරටත් පවසයි.

කොවිඞ් 19 රෝග තත්ත්වය රට තුළ පාලනය කිරිම සදහා තමන් විසින් පෙන්වා දි ඇති කරුණු තවදුරටත් ප්‍රමාද නොකොට ක්‍රියාත්මක කිරිම ඉතාමත් වැදගත් බව ද මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්