මෙරට කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයෙක් අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියි.

එසේ මිය ගොස් ඇත්තේ,  වයස අවුරුදු 58ක් වූ පිරිමි පුද්ගලයෙකි.

ඔහුගේ නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව හතර දක්වා ඉහළ යනු ඇත.

මරදානේ මියගිය පුද්ගලයාගේ දේහය ආදාහනය කෙරේ!

ශ්‍රී ලංකාව තුළ කොරෝනාවෛරසය ආසාදනය වී මරණයට පත් සංඛ්‍යාව ඉහළ යත් ම අවමංගල්‍ය කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබේ. ඒ මීගමුවේදී මරණයට පත් දෙවෙනි රෝගියාගේ මෘත දේහය ඉස්ලාම් ආගමික චාරිත්‍රවලින් බැහැරව ආදාහනය කිරීමට පියවර ගැනීමත් සමගය. 

කෙසේවුවද ඊයේ මියගිය කොරෝනා ආසාදීතයාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු කොටිකාවත්ත මුල්ලේරියාව ආදාහනාගාරයේදී සිදු කෙරින. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීතිරීතිවලට අනුකූලවයි. 

මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 151 ක් වාර්තා වෙයි.


##########################

Covid AD1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්