The Leader News
BREAKING
Top Ad
පුවත්

ප්‍රධාන පාරවල් 256ක්; පාලම් 15ක් කැඩිලා

T

The Leader Desk

December 2, 2025 • 4:30 AM

ප්‍රධාන පාරවල් 256ක්; පාලම් 15ක් කැඩිලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමෙන් ම, ප්‍රධාන පාලම් 15ක් පමණ කැඩී අනතුරට පත්ව ඇති බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.
  • ප්‍රධාන නගර යා කෙරෙන මර්ග පද්ධතිය බිඳ වැටීමෙන් ඇනහිටි ගමනාගමන කටයුතු යථාවත් කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා එම මාර්ග පද්ධතිය කඩිනමින් යථාවත් කිරීමට පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් සියලු දත්තයන් ලබාගෙන මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේ ය.
  • ඒ අනුව, මේ වන විටත් හානියට පත් මාර්ගවලින් 123ක ක්ෂණික ප්‍රතිසංස්කරණයක් කර වාහන ධාවනයට විවෘත කර නගර අතර සම්බන්ධතාවය බිඳ වැටී ඇති ඉතිරි මාර්ග දින 10ක පමණ කාලයකදී වාහන ගමනාගමනය සඳහා විවෘත කිරීමට කටයුතු කරන බව අධ්‍යක්ෂකවරයා පැවසීය.
  • ජල ගැල්මෙන් යට වූ මාර්ග ජලය බැස යෑමෙන් අනතුරුව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරෙන බව ත් නාය යෑමට, පස් කඳු කඩා වැටීමට ලක්වූ හා විශාල ගල් පෙරළී තිබූ මාර්ග ක්ෂණිකව යථාවත් කිරීමට පියවර ගැනීම නිසා මා‍ර්ග 123ක වාහන ධාවනයට ඊයේ (දෙසැ.
අකුරු ප්‍රමාණය (Font Size):


එමෙන් ම, ප්‍රධාන පාලම් 15ක් පමණ කැඩී අනතුරට පත්ව ඇති බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.

ප්‍රධාන නගර යා කෙරෙන මර්ග පද්ධතිය බිඳ වැටීමෙන් ඇනහිටි ගමනාගමන කටයුතු යථාවත් කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා එම මාර්ග පද්ධතිය කඩිනමින් යථාවත් කිරීමට පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් සියලු දත්තයන් ලබාගෙන මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

ඒ අනුව, මේ වන විටත් හානියට පත් මාර්ගවලින් 123ක ක්ෂණික ප්‍රතිසංස්කරණයක් කර වාහන ධාවනයට විවෘත කර නගර අතර සම්බන්ධතාවය බිඳ වැටී ඇති ඉතිරි මාර්ග දින 10ක පමණ කාලයකදී වාහන ගමනාගමනය සඳහා විවෘත කිරීමට කටයුතු කරන බව අධ්‍යක්ෂකවරයා පැවසීය.

ජල ගැල්මෙන් යට වූ මාර්ග ජලය බැස යෑමෙන් අනතුරුව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරෙන බව ත් නාය යෑමට, පස් කඳු කඩා වැටීමට ලක්වූ හා විශාල ගල් පෙරළී තිබූ මාර්ග ක්ෂණිකව යථාවත් කිරීමට පියවර ගැනීම නිසා මා‍ර්ග 123ක වාහන ධාවනයට ඊයේ (දෙසැ. 1) වන විට හැකි වූ බව ද ඔහු පැවසීය.

අධ්‍යක්ෂකවරයා වැඩිදුරට ත් පැවසුවේ, කැඩී ගිය පාලම් සඳහා ස්ථිර පාලම් සකස් කරන තෙක් ඒ සඳහා වේලි පාලම් තැනීමට පියවරගෙන ඇති බව ය.

( mawbima | Anura Balasooriya)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...