The Leader News
BREAKING
Top Ad
පුවත්

විදුලිබල මණ්ඩලය අහෝසිය 27වැනිදාට පෙර

T

The Leader Desk

February 9, 2026 • 3:44 AM

විදුලිබල මණ්ඩලය අහෝසිය 27වැනිදාට පෙර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික විදුලි බල ප්‍රතිපත්තියද සකසා අවසන් වූ පසු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ලබාගෙන විදුලිබල මණ්ඩලය අහෝසි වන නියමිත දිනය ගැසට් කිරීම සිදුකරන බවත් එදින සිට විදුලිබල මණ්ඩලය අහෝසි වන බවත් ඔහු පැවැසුවේය.
  • ලංකා විදුලිබල මණ්ඩලය බෙදා සකස් කළ සමාගම් 06 ම මේ වන විට ලියාපදිංචි කර අවසන් බැවින් එම සමාගම් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලද පත්කර අවසන් කර තිබේ.
  • ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසිදෙදහසකට ආසන්න සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක් එනම් සේවකයන් දහ හතර දහස් අටසීයක් බෙදාහැරීමේ සමාගම සඳැහා යොමු කර තිබෙන බව ඔහු පැවැසුවේය.
  • ජනන කටයුතු සිදුකිරීමේ සමාගම සඳහා සේවකයන් දෙදාස් හයසීයක් ද, සම්ප්‍රේෂණ කටයුතු සිදුවන සමාගම සඳහා සේවකයන් දෙදහසක් ද, ජාතික පද්ධති ක්‍රියාකරුවන් ලෙස කටයුතු කරන සමාගම සඳහා සේවකයන් දෙසිය දහසයක් ද බෙදා වෙන් කර ඇති බව හෙතෙම කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාතික විදුලි බල ප්‍රතිපත්තියද සකසා අවසන් වූ පසු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ලබාගෙන විදුලිබල මණ්ඩලය අහෝසි වන නියමිත දිනය ගැසට් කිරීම සිදුකරන බවත් එදින සිට විදුලිබල මණ්ඩලය අහෝසි වන බවත් ඔහු පැවැසුවේය.

ලංකා විදුලිබල මණ්ඩලය බෙදා සකස් කළ සමාගම් 06 ම මේ වන විට ලියාපදිංචි කර අවසන් බැවින් එම සමාගම් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලද පත්කර අවසන් කර තිබේ.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසිදෙදහසකට ආසන්න සංඛ්‍යාවෙන් වැඩිම පිරිසක් එනම් සේවකයන් දහ හතර දහස් අටසීයක් බෙදාහැරීමේ සමාගම සඳැහා යොමු කර තිබෙන බව ඔහු පැවැසුවේය.

ජනන කටයුතු සිදුකිරීමේ සමාගම සඳහා සේවකයන් දෙදාස් හයසීයක් ද, සම්ප්‍රේෂණ කටයුතු සිදුවන සමාගම සඳහා සේවකයන් දෙදහසක් ද, ජාතික පද්ධති ක්‍රියාකරුවන් ලෙස කටයුතු කරන සමාගම සඳහා සේවකයන් දෙසිය දහසයක් ද බෙදා වෙන් කර ඇති බව හෙතෙම කියා සිටියේය.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරියේදී අහෝසි වුණ ද එම කාර්යාල පරිශ්‍රයන් කිසිවක් වෙනත් ස්ථානයකට ගෙන නොයන බවත් නව සමාගම් සහ එම සමාගම්වලට අදාළ කටයුතු ද සිදුවන්නේ පැරැණි ගොඩනැගිලිවලම බව ද ඔහු පැවැසුවේය.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩපිළිවෙළ අදියර 5ක් යටතේ සිදුවන අතර ඉන් අදියර 4ක් මේ වන විටත් සාර්ථකව අවසන් කර තිබෙන අතර මූලික පැවරුම් සැලැස්ම, වාර්ෂික විදුලි ප්‍රසම්පාදන සැලැස්ම, දිගුකාලීන ජනන සැලැස්ම, දිගු කාලීන සම්ප්‍රේෂණ සංවර්ධන සැලැස්ම යන අදියර එලෙස අවසන් කර ඇති බව විදුලිබල මණ්ඩල පරිවර්තන කාර්ය සාධක බලකායේ ප්‍රධානී පුබුදු නිරෝෂන් පැවැසුවේය.

මෙහි අවසන් පියවර වන ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය සකස් කිරීම තවදුරටත් සිදුවන අතර එය පෙබරවාරි මස තෙවන සතිය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ස්වේඡාවෙන් විශ්‍රාම යෑමට ඉල්ලුම් කළ පුද්ගලයන්ට වන්දි ගෙවීමේ කටයුතු ද ඒ අනුව සිදුකිරීමට නියමිතව ඇත.

විදුලිබල සේවකයන් 2,173 දෙනකු ස්වේඡාවෙන් විශ්‍රාම යෑමට ඉල්ලුම් කර තිබූ අතර ඉන් 20දෙනකු එම ඉල්ලා අස්වීම යළි කැඳවීමට තීරණය කර ඇති බව හෙතෙම පැවැසුවේය. ඒ අනුව සේවකයන් 2,153 දෙනකු ස්වේඡාවෙන් විශ්‍රාමයාම සඳහා අනුමැතිය හිමිව ඇති අතර ඔවුන්ට හිමිවන වන්දි මුදල් ලබාදීමට නියමිතව තිබේ.

( aruna | අශිකා ජයවීර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විදුලිබල මණ්ඩලය අහෝසිය 27වැනිදාට පෙර | The Leader