The Leader News
BREAKING
Top Ad
පුවත්

නුගේගොඩ රැලියට බස් රථ 270 ක් උදෙන්ම පිටත්වෙලා ! දකුණෙන් තවත් බස් රථ 100 ක් !!

T

The Leader Desk

November 21, 2025 • 5:28 AM

නුගේගොඩ රැලියට බස් රථ 270 ක් උදෙන්ම පිටත්වෙලා ! දකුණෙන් තවත් බස් රථ 100 ක් !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුව පලවා හැරීමේ පළමු වෙඩි මුරය පත්තු කිරීම සඳහා එම රැලිය සංවිධානය කරන බවත් රට පුරා විවිධ ප්‍රදේශ වලින් අති විශාල ජනකායක් ඊට සහාය පළකරමින් නුගේගොඩට රැස්වන බවත් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
  • එම ජනරැලියට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන් හා ක්‍රියාකාරියන් සහභාගිවන බවද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
  • පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ ඉන් පිටත විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ නුගේගොඩ ජනරැළියට එක්වන බවට දැනටමත් තීන්දු කර තිබෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නායකයෝ පවසති.
  • නුගේගොඩ නගරයේදී අද දින පැවැත්වෙන විපක්ෂයේ ජන රැලිය සඳහා විවිධ ප්‍රදේශවල සිට බස් රථ 350කට අධික සංඛ්‍යාවකින් ජනතාව පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ආණ්ඩුව පලවා හැරීමේ පළමු වෙඩි මුරය පත්තු කිරීම සඳහා එම රැලිය සංවිධානය කරන බවත් රට පුරා විවිධ ප්‍රදේශ වලින් අති විශාල ජනකායක් ඊට සහාය පළකරමින් නුගේගොඩට රැස්වන බවත් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

එම ජනරැලියට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන් හා ක්‍රියාකාරියන් සහභාගිවන බවද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ ඉන් පිටත විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ නුගේගොඩ ජනරැළියට එක්වන බවට දැනටමත් තීන්දු කර තිබෙන බවද ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නායකයෝ පවසති.

 

නුගේගොඩ නගරයේදී අද දින පැවැත්වෙන විපක්ෂයේ ජන රැලිය සඳහා විවිධ ප්‍රදේශවල සිට බස් රථ 350කට අධික සංඛ්‍යාවකින් ජනතාව පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

 

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව සහ මැතිවරණයට පෙර ලබා දුන් පොරොන්දු ඉටුකිරීම සඳහා රජයට බල කිරීමේ අරමුණින් මෙම ජන හමුව පැවැත්වෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

මෙම රැස්වීම සඳහා විශාල ජනතා උනන්දුවක් ඇති බැවින් ඊට සහභාගි වීමට විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරනබව ද ඔහු සඳහන් කළේය.

ගාල්ල මාතර හම්බන්තොට කළුතර දිස්ත්‍රික්ක වලින්ද සෑහෙන පමණ බස්රථ පිටත් වීමට නියමිත බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය. අධිවේගී මාර්ගයේ එම බස් රථ පැමිණෙන බැවින් ඒවා දහවල් එකොලහෙන් පසුව ඒවා පිටත් වන බවද හෙතෙම සඳහන් කළේය

නුගේගොඩ රැළිය සඳහා ජනතාව බස් රථ වලින් පැමිණෙන ආකාරය දැක්වෙන ඡයාරූප රාශියක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත නිකුත්කර ඇති අතර ඉන් කිහිපයක් මතු පළවේ.


rally bus 2rally bus 3rally bus 4
rally bus 5

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...