The Leader News
BREAKING
Top Ad
පුවත්

ශ්‍රී ලාංකිකයින් 275ක් රුසියානු යුද බිමේ මිය ගිහින්! - දකුණු ආසියානුවන් අතරින් මියගිය වැඩිම පිරිස ලංකාවෙන්

T

The Leader Desk

March 6, 2026 • 4:41 AM

ශ්‍රී ලාංකිකයින් 275ක් රුසියානු යුද බිමේ මිය ගිහින්! - දකුණු ආසියානුවන් අතරින් මියගිය වැඩිම පිරිස ලංකාවෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමස්තයක් වශයෙන් ගත් කළ උස්බෙකිස්තානය සහ තජිකිස්තානයට පසුව මියගිය වැඩිම විදේශිකයින් පිරිස ශ්‍රී ලාංකිකයින්.
  • ශ්‍රී ලාංකිකයින් 59 දෙනෙක් රුසියානු යුද බිමේදී මියගොස් ඇතැයි පසුගිය වසර මුල භාගයේ විදේශ අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් අනතුරුව රුසියාව හෝ ශ්‍රී ලංකාව මෙතෙක් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකොට නැහැ.
  • නිල සංඛ්‍යාලේඛන නොතිබුණත් ඒ වනවිටත් ඊට වඩා වැඩි පිරිසක් මියගොස් ඇති බව ඒ අවස්ථාවෙත් අප පෙන්වා දුන්නා.
  • රුසියානු හමුදා මූලාශ්‍ර උපුටා දක්වමින් යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයක් පවසන ආකාරයට බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ඝනිස්තානය ඇතුළු සමස්ත දකුණු ආසියානු රටවලින් රුසියානු හමුදාවට බැඳුනු 455 දෙනෙක් යුද බිමේදී මියගොස් තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


සමස්තයක් වශයෙන් ගත් කළ උස්බෙකිස්තානය සහ තජිකිස්තානයට පසුව මියගිය වැඩිම විදේශිකයින් පිරිස ශ්‍රී ලාංකිකයින්.  

ශ්‍රී ලාංකිකයින් 59 දෙනෙක් රුසියානු යුද බිමේදී මියගොස් ඇතැයි පසුගිය වසර මුල භාගයේ විදේශ අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් අනතුරුව රුසියාව හෝ ශ්‍රී ලංකාව මෙතෙක් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකොට නැහැ. නිල සංඛ්‍යාලේඛන නොතිබුණත් ඒ වනවිටත් ඊට වඩා වැඩි පිරිසක් මියගොස් ඇති බව ඒ අවස්ථාවෙත් අප පෙන්වා දුන්නා.  

Himal Southasian සඟරාව වෙනුවෙන් මා කළ ගවේෂණයකදී හෙළි වූ ආකාරයට, ශ්‍රී ලාංකිකයින්ට පසුව මියගිය වැඩිම දකුණු ආසියානුවන් පිරිස වාර්තා වෙන්නේ නේපාලයෙන්. රුසියානු හමුදා මූලාශ්‍ර උපුටා දක්වමින් යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයක් පවසන ආකාරයට  බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ඝනිස්තානය ඇතුළු සමස්ත දකුණු ආසියානු රටවලින් රුසියානු හමුදාවට බැඳුනු 455 දෙනෙක් යුද බිමේදී මියගොස් තිබෙනවා. ඒ සියලු දෙනාගේ සම්පූර්ණ නම, හමුදාවට බැඳුණ දිනය ඇතුළු විස්තර සහිත සම්පූර්ණ ලැයිස්තුවක් මට ලැබිල තියෙනව.  

647705135 10162114360122155 4690661009957051176 n
යුක්රේනය පවසන අන්දමට මේ වනවිට විදේශිකයින් 24,000 කට වැඩි පිරිසක් රුසියානු හමුදාවට බැඳී තිබෙනවා. කෙසේ වුවත් ඉහත කී සියල්ල, පසුගිය වසරේ සැප්තැම්බර් මාසය දක්වා යුක්රේනය රැස් කළ තොරතුරු ඇසුරෙන් සකස් කළ සංඛ්‍යාලේඛන. ඒ වගේම මියගිය හෝ යුද්ධයට බැඳුණ ඇතැම් පිරිස් ගැන තවමත් නිශ්චිත තොරතුරු නැහැ.

ඒ නිසා යුද්ධයට බැඳුණ සහ මියගිය ශ්‍රී ලාංකිකයින් ඇතුළු සියලු සංඛ්‍යා පැහැදිලිවම මීට වඩා වැඩි විය යුතුයි.

Himal Southasian සහ OCCPR ආයතනය වෙනුවෙන් සකස් කළ සවිස්තර ලිපි දෙකේම ලින්කු (URL) පහත කොමෙන්ටුවේ සටහන් කරන්නම්. 275 දෙනෙකුගේ පවුල්වලට කතා කරලා පුද්ගලිකව මේ ගැන දැනුම් දෙන්න කාලවේලාවක් නැති නිසා, යුද්ධයට බැඳුණ සහ මියගිය ශ්‍රී ලාංකිකයින්ගේ සවිස්තර වාර්තාවක් ඉදිරි දින කිහිපයේදී Sandeshaya by Saroj යූටියුබ් නාලිකාවේ ඉදිරිපත් කරන්නම්.

රුසියාවේ හමුදාවට බැඳුණ ශ්‍රී ලාංකිකයින් ගැන කියන කොට, ඇයි යුක්රේනයේ ඉන්න අය ගැන කතා නොකරන්නේ කියන එක නිතරම මගෙන් අහන ප්‍රශ්නයක්. (කොයි තරම් පැහැදිලි කළත්). මේ වෙනකොට යුක්රේන හමුදාවට බැඳුණ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙක් යුද බිමේදී මිය ගිහින්. මම දන්නා විදියට තවත් පස් දෙනෙක් තවමත් යුක්‍රේන හමුදාවේ ඉන්නවා. රුසියානු හමුදාවට බැඳිලා සටන් කරද්දී අත් අඩංගුවට ගත්ත ශ්‍රී ලාංකිකයින් අට දෙනෙක් යුක්රේනයේ අත් අඩංගුවේ ඉන්නවා.

Saroj Pathirana
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com


(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 මාර්තු 05

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලාංකිකයින් 275ක් රුසියානු යුද බිමේ මිය ගිහින්! - දකුණු ආසියානුවන් අතරින් මියගිය වැඩිම පිරිස ලංකාවෙන් | The Leader