The Leader News
BREAKING
Top Ad
පුවත්

රනිල්ට එරෙහි නඩුව හෙට (28) කැඳවයි

T

The Leader Desk

January 27, 2026 • 5:29 AM

රනිල්ට එරෙහි නඩුව හෙට (28) කැඳවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම නඩුකරයේ විමර්ශන කටයුතු මාසයක කාලයක් තුළ අවසන් කර නඩු පැවරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය නොවැම්බර් 19 දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
  • මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට එංගලන්තයේදී ප්‍රකාශ කිහිපයක්ද ලබාගෙන ඇතැයි වාර්තාවේ.
  • එතුමා වුල්වර්හැම්ටන් විශ්ව විද්‍යාලයේ අවුරුදු 25 ක් කුලපති ධුරය දැරූ නිසා එය සැමරීමේ උත්සවයක් වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයේ සංවිධානය කර තිබුණා.
  • රනිල් වික්‍රමසිංහ මහතා උදේ 6 : 00 ට මේ කියන දිනයේ ලන්ඩන් වල Land කරලා කිලෝමීටර් 200 ක් පමණ දුර තිබෙන වුල්වහැම්ටන් විශ්ව විද්‍යාලයට ගියා.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම නඩුකරයේ විමර්ශන කටයුතු මාසයක කාලයක් තුළ අවසන් කර නඩු පැවරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය නොවැම්බර් 19 දා  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මෙම දැනුම්දීම කළේය.

මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට එංගලන්තයේදී ප්‍රකාශ කිහිපයක්ද ලබාගෙන ඇතැයි වාර්තාවේ.

''බොහෝම කල්පනාවෙන් බලන්න ඕන කාරණයක් "

පසුගියදා 'සිරිකොත'  එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති ශ්‍රමදානයෙන් පසුව එම පක්ෂයේ තරුණ තරුණියන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ඒ පිළිබඳව දේශපාලන විග්‍රහයක් කර තිබිණ.

මතු දැක්වෙන්නේ වජිර අබේවර්ධන කළ කරුණු පැහැදිලි කිරීමේ සංක්ෂිප්ත සටහනකි.

'' ස්වරාජ් පෝල් සාමිවරයා එංගලන්ත්යේ ලේබර් පක්ෂයේ අපේ රටටත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ඉතාමත් සමීප සාමිවරයෙක්. එතුමා වුල්වර්හැම්ටන් විශ්ව විද්‍යාලයේ අවුරුදු 25 ක් කුලපති ධුරය දැරූ නිසා එය සැමරීමේ උත්සවයක් වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයේ සංවිධානය කර තිබුණා. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට එන්න කියමින් දිගින් දිගටම සාමිවරයා දැනුම් දී තිබුණා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ නිව්යෝර්ක් වල පැවති වැඩකටයුතු අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ලන්ඩන් වලට පැමිණීමට සිදු වෙනවා. මොකද ලන්ඩන් හරහා තමයි ලංකාවට එන්න වෙන්නෙ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ගමන් කරන දිනයටම සමගාමීව සාමිවරයා මේ උත්සවයත් සංවිධානය කරගත්තා.

ඒ අනුව මේ උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතා අනිවාරයෙන්ම සහභාගී විය යුතුයි. හේතුව, අපට උදව් කරන එංගලන්තයේ බලවත් සාමිවරයෙක් නිසා සහභාගී විමට සිදු වෙනවා. එහෙම නැතිනම් අපේ රටට උදව් කරන අය අපට සළකන්නෙ නැතිව යයි.

රනිල් වික්‍රමසිංහ මහතා උදේ 6 : 00 ට මේ කියන දිනයේ ලන්ඩන් වල Land කරලා කිලෝමීටර් 200 ක් පමණ දුර තිබෙන වුල්වහැම්ටන් විශ්ව විද්‍යාලයට ගියා. එම උත්සවයට එතුමා සහභාගී වුනා. එය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අවස්ථාවක් වුනා. ශ්‍රී ලංකාව පිළිබඳවත්, අප රටට ගත යුතු උදව් උපකාර පිළිබඳවත්, ලේබර් පක්ෂයේ සහයෝගයත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙන නිසා. එම උත්සවය අවසන් කර රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ලන්ඩන් වලට පැමිණිලා නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කටයුතු කළා.

රනිල් වික්‍රමසිංහ මහතා මේ ගිය ගමන් පිළිබඳව සහ ජනාධිපති කාර්යාලයේ වියහියදම් පිළිබඳව Auditor General Department එක අධීක්ෂණය කරලා තියෙනවා. විගනකාධිපතිවරයා ඒ වියදම් අනුමත කරලා තියෙනවා. එම වියදම් පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙනවා.  එහෙම තිබෙන අවස්ථාවක විගනකාධිපති වරයා දන්නවා නිල ගමන් සහ නිල නොවන ගමන් මොනවද කියලා. අපි උදාහරණයක් බලමු - දැන් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල ඔත්තු බලන නිලධාරින්ට දෙන සල්ලි පොත්වල ලියන්නෙ නෑ. නමුත් විගනකාධිපති දෙපාර්තමේන්තුවේ අය දන්නවා ඒ ගැන කටයුතු කරන්න ඕන ආකාරය. ඒ අයට ඒ ගැන අත්දැකීම් තියෙනවා, පළපුරුද්දක් තිබෙනවා.

 

දැන් මේ රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව චෝදනාව ඉදිරිපත් කරන්නේ ජනාධිපති කාර්යාලයේ වැඩ කරපු Local Accountant කෙනෙක්. ඕක ඒ මිනිහ දන්නෙ නෑ, මේ ගෙවීම් අනුමත කරන්න ඕනද නැද්ද කියලා. එහෙම කෙනෙකුට මේ පිළිබඳ අවබෝධයක් තියෙන්න විදියකුත් නැහැ. දැන් ඒ පුද්ගලයා තමයි මේ ගිය ගමන වැරදියි කියලා යෝජනා කරන්නෙ. ඔහුට ඒ පිළිබඳව පළපුරුද්දක් තියෙන්න විදියකුත් නැහැ.

 

ජනාධිපතිවරයෙකුගේ ගමන් බිමන් කතා කරනකොට අපි ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕන. ඔවුන්ගේ ආරක්ෂාවට සමහර අවස්ථාවල ගමන යන අන්තිම අවස්ථාව වෙනකන් හෙළි කරන්නෙත් නෑ. මේ විදියට වැඩ කළාම දැන් ඉන්න ජනාධිපතිවරයාටත් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. මේවනේ රටට වැදගත්. ගමන් බිමන් සම්බන්ධයෙන් මේ ආකාරයට කටයුතු කළොත් ඒවා රටටත් සියලු දෙනාටත් අහිතකර බව මතක තබා ගන්න ඕන.

ඒ නිසා ජනාධිපතිවරයෙක් තමන් යා යුතු ගමන් වැදගත්ද නොවැදගත්ද කියලා ජනාධිපතිවරයා නිගමනය කරන්න ඕන. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනුත් ඔහුට ලබා දී තිබෙන බලය. එහෙම නිගමනය කරලා තමයි කටයුතු කරන්න ඕන. ඒ නිසා මේ ආකාරයට මේ වගේ ප්‍රශ්න හැසිරෙව්වොත් ශ්‍රී ලංකාවට සිදුවන පාඩුව සහ ජනාධිපතිවරුන්ට සිදුවන හානිය බොහෝම කල්පනාවෙන් බලන්න ඕන.'' යයි වජිර අබේවර්ධන හිටපු අමාත්‍යවරයා පවසා ඇත.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...