කණ්ඩායමක් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය කාර්යාලය මාධ්ය නිවේදනයක් නිකුත් කර ඇත.
අමාත්යංශ මාධ්ය ලේකම්වරයාගේ අත්සනින් යුතු මෙම නිවේදනයේ සඳහන් වන පරිදි මෙම පිරිස යළි මෙරටට ගෙන්වාගෙන ඇත්තේ මිනිස් ජාවාරම්කරුවන්ට ගොඳුරු වී සිටින ශ්රී ලංකිකයන් ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙස 2024.11.25 වන දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් උපදෙස් අනුව ය.
නව රජය පත් වීමෙන් ඉක්බිති (2024.11.01 සිට 2024.12.16 දක්වා) මියන්මාරයේ මිනිස් ජාවාරම් කඳවුරුවල සිර වී සිටි 63ක් ද, නොවැම්බර් මස 25දා තිස් දෙදනකුගෙන් යුතු කණ්ඩායමක් ද, ඊට පෙර අප්රේල් මාසයේ අටදෙනකු සහ අගෝස්තු මාසයේ විසිදෙනකුගෙන් යුතු කණ්ඩායම් දෙකක් ඇතුළුව වරින් වර 62ක් (2022.12.03 සිට 2024.10.10 දක්වා) නැවත ලංකාවට පැමිණ තිබෙන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.
මතු දැක්වෙන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය කාර්යාලය මාධ්ය වෙත නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්ය නිවේදනය යි.
මාධ්ය නිවේදනය
පාර්ශ්ව කිහිපයක සහායෙන් මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි 27ක කණ්ඩායමක් ගෙන්වා ගැනීමට රජය සමත් වෙයි
මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්රහණයේ සිටි කාන්තාවන් 08ක් ඇතුළු 27 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් අද දිවයිනට පැමිණියා. ඒ අද පස්වරුවේ බැංකොක් සිට කටුනායකට පැමිණි UL 405 ශ්රී ලංකන් ගුවන් යානයෙනි. එම කණ්ඩායම විශේෂ ගේට්ටුවකින් ඔවුන් පදිංචි ස්ථාන කරා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු යොදා තිබුණි.

මිනිස් ජාවාරම්කරුවන්ගේ මුදාගත් කණ්ඩායම නීති විරෝධී සයිබර් අපරාධ මෙහෙයුම්වලට සම්බන්ධ මිනිස් ජාවාරම්වලට ගොදුරුවී සිට ඇත. තවත් 14 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් මියන්මාරයේ මිනිස් ජාවරම්කරුවන්ගේ ග්රහණයේ සිටින බවට වාර්තා වේ. ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්ය කටයුතු යොදන ලෙසත් අමාත්ය විජිත හේරත් උපදෙස් දී ඇත.
මිනිස් ජාවාරම්කරුවන්ට ගොඳුරු වී සිටින ශ්රී ලාංකිකයින් ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙස 2024.11.25 වන දින විශේෂ රැස්වීමක් කැඳවමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් උපදෙස් දුන්නා. එහි ප්රතිඵලයක් ලෙස මියන්මාර සහ තායිලන්ත රජයන් සමග දෙරටේ තානාපතිවරු සාකච්ඡා කරමින් අඛණ්ඩ සම්බන්ධීකරණයක් පැවැත් වූ අතර ශ්රී ලංකාවේ සහ තායිලන්තයේ සංක්රමණිකයන් සඳහා වන ජාත්යන්තර සංවිධානයන්හි සහ ජාවාරමට ලක් වූ ශ්රී ලාංකිකයින්ගේ පවුල් නියෝජනය කළ පූජ්ය මාලිගාවිල අස්සජි හිමියන්ගේ සහාය ද අද පැමිණි 27 දෙනා මුදවා ගැනීමේ මෙහෙයුමට හිමි වුණා.
නව රජය පත් වීමෙන් පසු (2024.11.01 සිට 2024.12.16 දක්වා) මියන්මාරයේ මිනිස් ජාවාරම් කඳවුරුවල සිර වී සිටි 63ක් දිවයිනට පැමිණ තිබෙනවා. නොවැම්බර් මස 25දා තිස් දෙදනකුගෙන් යුතු කණ්ඩායමක් ද ඇතුළුව. ඊට පෙර අප්රේල් මාසයේ අටදෙනකු සහ අගෝස්තු මාසයේ විසිදෙනකුගෙන් යුතු කණ්ඩායම් දෙකක් ඇතුළුව වරින් වර 62ක් (2022.12.03 සිට 2024.10.10 දක්වා) පැමිණ තිබෙනවා.
මිනිස් ජාවාරම්වල ගොදුරු බවට පත් නොවීම සඳහා බලයලත් ක්රියා පටිපාටිවලට අනිවාර්යයෙන් අනුගත වන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යංශය විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්රී ලාංකිකයන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි. ඔවුන් විදේශ රැකියා ආරම්භ කිරීමට පෙර ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ඔවුන්ගේ රැකියා අවස්ථා හෝ දීමනා තහවුරු කර ගැනීම සිදුකළ යුතු ය.
තොරතුරු සඳහා http://www.slbfe.lk යන ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියට පිවිසෙන්න; නැතහොත් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංක 1989 (පැය 24 පුරා ක්රියාත්මක ඇමතුම් මධ්යස්ථානය) අමතන්න.
සකීෆ් සාම්
මාධ්ය ලේකම්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය කාර්යාලය
සකීෆ් සාම්
මාධ්ය ලේකම්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය කාර්යාලය