මෙම මාර්ග සහ පාලම් නවීකරණය සඳහා රුපියල් කෝටි 7532ක් පමණ වෙතැයි ගණන් බලා ඇති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසීය.
මේ අනුව විනාශයට පත්ව ඇති මාර්ග දුර ප්‍රමාණය කිලෝමීටර් 1481කි.
එසේම කාලගුණ ආපදාවෙන් මාර්ග කලාප (SECTION ) 572ක්ද විනාශයට පත්ව ඇති බව එම වාර්තාවේ දැක්වේ.
මෙම මාර්ග පිළිසකර කිරීමට රුපියල් කෝටි 6894 කට වැඩි මුදලක් වැය වනු ඇතැයිද ගණන් බලා ඇති බව ප්‍රසන්න ගුණසේන පැවසීය.
වැඩිම මාර්ග ප්‍රමාණයක් විනාශයට පත්ව ඇත්තේ මධ්‍යම පළාතේය. එම සංඛ්‍යාව හැට අටකි. ඊට පසු වැඩිම මාර්ග සංඛ්‍යාවක් විනාශවී ඇත්තේ බස්නාහිර පළාතේ වන අතර එම සංඛ්‍යාව හතළිස් දෙකකි.
මෙයට අමතරව සබරගමුව පළාතේ මාර්ග 36ක්ද ඌව පළාතේ මාර්ග 33ක්ද වයඹ පළාතේ මාර්ග 24 ක්ද උතුරු මැද පළාතේ මාර්ග 22ක්ද උතුරු පළාතේ මාර්ග 21ක්ද නැගෙනහිර පළාතේ මාර්ග 14ක් ද දකුණු පළාතේ මාර්ග 03 ක්ද විනාශයට පත්ව ඇත.
(lankadeepa | සුජිත් හේවාජුලිගේ)




