The Leader News
BREAKING
Top Ad
පුවත්

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදට වසර 16යි - ඝාතකයින් තවමත් නිදැල්ලේ

T

The Leader Desk

January 8, 2025 • 3:04 AM

 ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදට වසර 16යි - ඝාතකයින් තවමත් නිදැල්ලේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා ලෙස ලසන්ත වික්‍රමතුංග ජනතාව ඉදිරියේ බොහෝ වංචා දූෂණ හෙළිකළේ සිය දිවිය ද දෙවෙනි කොට සලකමින්ය.
  • අවසානයේ 2009 වසරේ ජනවාරි 8 වෙනි දා උදෑසන 10.25ට ලසන්තගේ ජීවිතය උදුරාගන්නට ඔහුගේ පෑනට බිය වූ පිරිසකට හැකි විය.
  • වර්ල්ඩ් ප්‍රෙස් ෆ්‍රී‍රීඩම් හීරෝ සම්මානයෙන් ඇගයීමට ලක් කළේ ය.
  • සැප්තැම්බර් මාසයේ 27 වෙනි දා ලසන්තගේ සිරුර යළි ගොඩගත් අතර සැකකරුවන් කිහිපදෙනෙකු නීතිය හමුවට ඉදිරිපත් කළත් ඉන් පසුව ක්‍රියාවලිය ඇල් මැරුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා ලෙස ලසන්ත වික්‍රමතුංග ජනතාව ඉදිරියේ බොහෝ වංචා දූෂණ හෙළිකළේ සිය දිවිය ද දෙවෙනි කොට සලකමින්ය.

කිසිවෙකුට ළඟාවිය නොහැකි තොරතුරු වෙත සූක්ෂ්මව ළඟාවීමේ හැකියාවක් පිහිටි මේ ගවේෂණාත්මක මාධ්‍යවේදීයා රටට හෙළිකළ බොහෝ තොරතුරු ඔහු නොවන්නට සදහටම සැඟවෙන්නට ඉඩ තිබුණි.

මේ නිසාම ඔහුගේ ජීවිතයට තර්ජන එල්ලවූයේ වරක් දෙවරක් නොවේ.

අවසානයේ 2009 වසරේ ජනවාරි 8 වෙනි දා උදෑසන 10.25ට ලසන්තගේ ජීවිතය උදුරාගන්නට ඔහුගේ පෑනට බිය වූ පිරිසකට හැකි විය.

සුපුරුදු පරිදි සේවා ස්ථානයට යමින් සිටි ලසන්ත විකුමතුංග ආයුද සන්නද්ධ මැරයින් අත්තිඩිය පාරේදී මරාදමන විට ඔහු සන්තකයේ තිබුණේ පෑනත්, සටහන් පොතත් පමණි.

ජාත්‍යන්තරයේ විශිෂ්ට සම්මාන ගණනාවකින් ඇගයූ ලසන්ත, නොබියව කළ මෙහෙවර වෙනුවෙන් ඝාතනයෙන් පසුවත් අයි.පී.අයි. වර්ල්ඩ් ප්‍රෙස් ෆ්‍රී‍රීඩම් හීරෝ සම්මානයෙන් ඇගයීමට ලක් කළේ ය.

මේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා නිහඬ කළ මැරයින් නිදැල්ලේ පසුවෙද්දී ඔහුගේ මරණය මතින්, පසුගිය සමයේ ආණ්ඩු පවා වෙනස් විය.

බලය ගත් පිරිස පරීක්ෂණ ආරම්භ කළේ ය.

2016 සැප්තැම්බර් මාසයේ 27 වෙනි දා ලසන්තගේ සිරුර යළි ගොඩගත් අතර සැකකරුවන් කිහිපදෙනෙකු නීතිය හමුවට ඉදිරිපත් කළත් ඉන් පසුව ක්‍රියාවලිය ඇල් මැරුණි.

තවමත් ඔහු වෙනුවෙන් යුක්තිය ඉටුවී නැත.

ලසන්ත ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම, කීත් නොයාර්ට, පෝද්දල ජයන්තට පහර දීම, කප්පම් ගැනීම සදහා පාසල් සිසුන් 12 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ආදී සිදු වීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට තමන් කැපවෙන බවට ජනපති අනුර දිසානායක ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුළ පොරොන්දු විය.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...