ධාවනයෙන් ඉවත්වීමේ අවදානමක් ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.
ඇගයීමකින් තොරව වාහන ආනයනය කිරීමෙන් මාර්ග තදබදය තව දුරටත් ඉහළ ගොස් ඇති බව කී ගැමුණු විජේරත්න, මෙම තත්වය මත බස් රථවල ඉන්ධන වියදම ඉහළ යෑම සහ ගමන් වාර සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් බස් රථ හිමිකරුවන් එම ව්‍යාපාරයෙන් ඉවත්වීම මේ වන විටත් සිදුවෙමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.
වර්තමානය වන විට දිනකට යතුරුපැදි 1,000ක් පමණ දිනකට ලියාපදිංචි වන අතර සෙසු වාහන ද අඩුවකින් තොරව ලියාපදිංචි වන බවත් මීට පෙර දිනකට පිටකොටුවේ සිට කොට්ටාවට ගමන්වාර පහක් ධාවනය කළ බස් රථයකට වර්තමානය වන විට ගමන් වාර තුනක් පමණක් ධාවනය කළ හැකි තත්නවයක් උදාවී ඇති බවත් ඔහු කීය.
මීට පෙර පැයට කිලෝමීටර 5 ත් 6 ත් අතර වේගයකින් ධාවනය කළ බස් රථයකට අද වන විට පැයකට කිලෝමීටර 3 ක්වත් ධාවනය කළ නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව කී ගැමුණු විජේරත්න, වාහන ආනයනය සීමා නොකළහොත් පාගමනින් හෝ යෑමට නොහැකි තත්වයක් උද්ගතවනු ඇති බව ද සඳහන් කළේය.
මෙම දැඩි වාහන තදබදය හේතුවෙන් ඉන්ධන නාස්තිය තව දුරටත් ඉහළ යන බවත් රුපියල් බිලියන 1000 ක පමණ ඉන්ධන වසරකදී මාර්ග තදබදයේදී දහනය වීමෙන් අපතේ යනු ඇතැයි සමීක්‍ෂණයකින් හෙළිවී ඇති බවත් ගැමුණු විජේරත්න වැඩි දුරටත් සඳහන් කළේය.
(lankadeepa| යොහාන් භාසුර)




