The Leader News
BREAKING
Top Ad
පුවත්

‘දිට්වා’ ඇවිත් ගිහින් මාසයයි - ලක්‍ෂ 3 කට තාමත් යන එනමං නෑ !

T

The Leader Desk

December 30, 2025 • 4:19 AM

‘දිට්වා’ ඇවිත් ගිහින් මාසයයි - ලක්‍ෂ 3 කට තාමත් යන එනමං නෑ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මින් පවුල් 76,801 ක පුද්ගලයන් 267,700 ක් ඥාති හෝ මිතුරන්ගේ නිවාසවලත්, පවුල් 10,340 ක පුද්ගලයන් 34,175 ක් ආරක්‍ෂිත මධ්‍යස්ථාන 358 ක රැඳී සිටින බවත් එම මධ්‍යස්ථානයට වාර්තා වී තිබේ.
  • ක් මරුට: 175 ක් අතුරුදන් පවුල් 149,460 ක පුද්ගලයන් 499,661 ක් පීඩාවට පත්ව ඇති බවත් මරණ 638 ක්, අතුරුදන්වීම් 175 ක් ඇති බවටත් වාර්තා වී ඇත.
  • පූර්ණ නිවාස හානි 6121 ක්, අර්ධ නිවාස හානි 114,314 ක් ද වාර්තා වී ඇත.
  • ප්‍රදේශ රැසකට යළිත් වැසි: ජලාශ 28 ක් වාන් දමයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන පලාශ 73 න් ජලාශ 10 ක් ඊයේ (29දා) වනවිටත් යම් මට්ටමකින් වාන් දමමින් ද මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 18 ක් යම් මට්ටමකින් වාන් දමමින් ද පැවැති එම දෙපාරත්මේන්තුවේ අධ්‍යක්‍ෂ (ජල කළමනාකරණ) පී.
අකුරු ප්‍රමාණය (Font Size):


මින් පවුල් 76,801 ක පුද්ගලයන් 267,700 ක් ඥාති හෝ මිතුරන්ගේ නිවාසවලත්, පවුල් 10,340 ක පුද්ගලයන් 34,175 ක් ආරක්‍ෂිත මධ්‍යස්ථාන 358 ක රැඳී සිටින බවත් එම මධ්‍යස්ථානයට වාර්තා වී තිබේ.

638 ක් මරුට: 175 ක් අතුරුදන්

පවුල් 149,460 ක පුද්ගලයන් 499,661 ක් පීඩාවට පත්ව ඇති බවත් මරණ 638 ක්, අතුරුදන්වීම් 175 ක් ඇති බවටත් වාර්තා වී ඇත.

පූර්ණ නිවාස හානි 6121 ක්, අර්ධ නිවාස හානි 114,314 ක් ද වාර්තා වී ඇත.

ප්‍රදේශ රැසකට යළිත් වැසි: ජලාශ 28 ක් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන පලාශ 73 න් ජලාශ 10 ක් ඊයේ (29දා) වනවිටත් යම් මට්ටමකින් වාන් දමමින් ද මධ්‍ය ප්‍රමාණයේ ජලාශ 18 ක් යම් මට්ටමකින් වාන් දමමින් ද පැවැති එම දෙපාරත්මේන්තුවේ අධ්‍යක්‍ෂ (ජල කළමනාකරණ) පී. එස්. ඩී. හේරත් පැවැසීය.

ඌව පළාතෙත්, අම්පාර, මඩකළපුව, නුවරඑළිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ නැඟෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට පැයට කිලෝමීටර් 40 ක පමණ තරමක සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණි.

ඊයේ පෙරවරු 6.00 ට අවසන් වූ පැය 24 ක කාලය තුළදී කල්මුණේ ප්‍රදේශයට මිලිමීටර් 73.8 ක්, තුංමන්කේලි ප්‍රදේශයට මිලිමීටර් 45 ක් සහ වාකනේරි ප්‍රදේශයට මිලිමීටර් 42.8 ක් ලෙස වැඩි වශයෙන් වර්ෂාපතනය ලැබී ඇත.

(divaina | චමින්ද සිල්වා)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...