The Leader News
BREAKING
Top Ad
පුවත්

නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම් - නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග

T

The Leader Desk

February 9, 2026 • 5:03 AM

නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම් - නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට අමතරව ඔහු නීතිඥ ධුරයෙන් නෙරපා හරින ලෙසත් එම නියෝගයේ සඳහන් වේ.
  • එම වග උත්තරකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ පැමිණිලි තුනක් විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව පසුගිය දා ප්‍රකාශයට පත් කර තිබුණි.
  • සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකකරන විනිසුරු අචල වෙංගප්පුලි, මෙම වග උත්තරකරුට පෙර වැරදි නොමැති බවත් දඬුවම් නියම කිරීමේදී අධිකරණය ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන බවත් සඳහන් කර ඇත.
  • ඊට අමතරව වග උත්තරකරු තිදරු පියෙකු යන කරුණත් සලකා බලා ඔහුට වසර තුනක සිරදඬුවම් නියම කරන බව සඳහන් කළ විනිසුරුවරයා, මෙම වග උත්තරකරු රිමාන්ඞ් භාරයට පත් කළ 2024 වසරේ ජූලි මස 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම සිරදඬුවම ක්‍රියාත්මක වන බවත් නියෝග කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊට අමතරව ඔහු නීතිඥ ධුරයෙන් නෙරපා හරින ලෙසත් එම නියෝගයේ සඳහන් වේ.

එම වග උත්තරකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ පැමිණිලි තුනක් විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව පසුගිය දා ප්‍රකාශයට පත් කර තිබුණි.

සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකකරන විනිසුරු අචල වෙංගප්පුලි, මෙම වග උත්තරකරුට පෙර වැරදි  නොමැති බවත් දඬුවම් නියම කිරීමේදී අධිකරණය ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන බවත් සඳහන් කර ඇත.

ඊට අමතරව වග උත්තරකරු තිදරු පියෙකු යන කරුණත් සලකා බලා ඔහුට වසර තුනක සිරදඬුවම් නියම කරන බව සඳහන් කළ විනිසුරුවරයා, මෙම වග උත්තරකරු රිමාන්ඞ් භාරයට පත් කළ 2024 වසරේ ජූලි මස 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම සිරදඬුවම ක්‍රියාත්මක වන බවත් නියෝග කර ඇත.

එසේම මෙම වගඋත්තරකරු ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය කිරීම තුළින් ඔහු නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයෙන් කටයුතු කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුව ඔහු නීතිඥ භාවයෙන් නෙරපා හරින ලෙස නියෝගයක් නිකුත් කරන බවත් සඳහන් කළේය.

නඩු විභාගයක් සඳහා පෙනී සිටින අතරතුරදී අධිකරණයට අපහාසාත්මක වන ආකාරයෙන් සහ නීතිඥවරයෙකුට නොගැලපෙන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකරන ලදැයි චෝදනා කරමින් කලින් නීතිඥවරයෙකුව සිටි වග උත්තරකාර සුසිල් ජයතුංග ට එරෙහිව මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

| adaderana

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...