The Leader News
BREAKING
කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50ක විශ්වාසභංගයක්●ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ අර්බුදය අධිකරණයට සහ ජනපති හමුවට●ගෝඨාභය අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය යයි●2026 නොබෙල් සාම ත්‍යාගය විනිසුරු නවී පිල්ලේට●ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?●එක්නැලිගොඩ නඩුවේ සිව්වන සාක්ෂිකරුගෙන් 'විශේෂ' හෙළිදරව්වක්●"මැතිවරණ පොරොන්දු යනු නොපවතින සම්පත් පිළිබඳ වෙන්දේසියක් –  විපුල කරුණාතිලක ●ආසියානු රග්බි සෙවන්ස් අවසන් සටන කොළඹදී●පනාමුරේ කතාව (14 කොටස) : පනාමුරේ ඇත්ගාලට මුල පුරයි | ඉන්දු පෙරේරා●ව්‍යාජ කොවිඩ් එන්නත් සහතිකයට ස්විස් පාපන්දු නායකයාට අත්හිටවූ දඩයක් !●
Top Ad
පුවත්

විදුලි බල මණ්ඩලය අහෝසිකර පිහිටවූ නව සමාගම් 3කට නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කරයි

T

The Leader Desk

March 9, 2026 • 12:06 AM

විදුලි බල මණ්ඩලය අහෝසිකර පිහිටවූ නව සමාගම් 3කට නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අහෝසි කෙරෙන ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවට පිහිටුවනු ලැබූ විදුලි බල මණ්ඩලයේ සමාගම් 6න් 3ක් සඳහා නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කර තිබේ.
  • මෙම පත් කිරීම් පසුගිය 06 වැනි දින සිදුකර ඇති නමුත් විදුලි බල මණ්ඩල සේවක අරමුදල (පුද්ගලික) සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම සඳහා මෙතෙක් නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කර නොමැති බවත් සඳහන් වේ.
  • මේ අතර අද මැදියම් රැයේ සිට ලංකා විදුලි බල මණ්ඩලයේ මෙහෙයුම් කටයුතු අවසන් වීමත් සමග, විදුලිබල මණ්ඩලය යටතේ එහි සේවකයින් පිහිටුවා තිබූ වෘත්තිය සමිති සියල්ලද අද මැදියම් රැයේ සිට අවලංගු වේ.
  • විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරනුයේ මේ වන විට එම මණ්ඩලයේ වෘත්තිය සමිති 40කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් තම සේවා යෝජකයින් යටතේ නව වෘත්තිය සමිති ලියාපදිංචි කර පිහිටුවීමට පියවර ගනිමින් සිටින බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


අහෝසි කෙරෙන ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවට පිහිටුවනු ලැබූ විදුලි බල මණ්ඩලයේ සමාගම් 6න් 3ක් සඳහා නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කර තිබේ.

ඒ අනුව,

* ලංකා විදුලි උත්පාදන ලංකා පුද්ගලික සමාගම සඳහා ඉංජිනේරු එන්. ජී. සාලිය පණ්ඩිතරත්න ද,

* ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම සඳහා ඉංජිනේරු එන්. එස්. වෙත්තසිංහ සහ

* විදුලි බෙදාහැරීමේ ලංකා (පුද්ගලික) සමාගම සඳහා ඉංජිනේරු කේ. එස්. අයි. කුමාර ද පත් කර තිබේ.

010203
මෙම පත් කිරීම් පසුගිය 06 වැනි දින සිදුකර ඇති නමුත් විදුලි බල මණ්ඩල සේවක අරමුදල (පුද්ගලික) සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම සඳහා මෙතෙක් නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කර නොමැති බවත් සඳහන් වේ.

අද මැදියම් රැයේ සිට වෘත්තිය සමිති අවලංගුයි !

මේ අතර අද මැදියම් රැයේ සිට ලංකා විදුලි බල මණ්ඩලයේ මෙහෙයුම් කටයුතු අවසන් වීමත් සමග, විදුලිබල මණ්ඩලය යටතේ එහි සේවකයින් පිහිටුවා තිබූ වෘත්තිය සමිති සියල්ලද අද මැදියම් රැයේ සිට අවලංගු වේ.

ඒ අනුව අදාළ වෘත්තිය සමිති සියල්ල අහෝසි වන අතර නව සේවා යෝජකයන් යටතේ නව වෘත්තිය සමිති ලියාපදිංචි කර පිහිටුවා ගැනීමටද අදාළ වෘත්තිය සමිති වෙත සිදුවේ.

විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරනුයේ මේ වන විට එම මණ්ඩලයේ වෘත්තිය සමිති 40කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් තම සේවා යෝජකයින් යටතේ නව වෘත්තිය සමිති ලියාපදිංචි කර පිහිටුවීමට පියවර ගනිමින් සිටින බවය.

සේවකයින්ට සියයට 25ක වැටුප් වැඩිවීමක්

මේ අතර සියලුම ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා සියයට 25ක වැටුප් වැඩිවීමක් ලබාදී ඇත.

ඒ, එම මණ්ඩලය අනුප්‍රාප්තික සමාගම් වෙත අනුයුක්ත කිරීමේ ක්‍රියාවලියේ පියවරක් ලෙසිනි.

ඒ අනුව අදාළ වැටුප් වැඩිවීම 2025 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන බව සඳහන්ය.

මේ සමඟ දීර්ඝ කාලයක් පුරා පැවති වැටුප් විෂමතා සාර්ථකව විසඳා ඇති බව ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය තෝරාගත් සේවක එකමුතුව (VRS) සඳහන් කරයි.


මුලාශ්‍රය :

| aruna

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...