ඉලක්කයට ළඟා වීමට නොහැකි වනු ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ පවසයි.
ගුවන් තොටුපල මෙම ගැටළුව හේතුවෙන් ගුවන් ගමන් වාර 30 සිට 40 ක පමණ සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදු වූ නිසා මෙම ඉලක්කය මගහැරුනු බවත් ඔහු කියයි.
නොවැම්බර් 17 වන දින 2025 වසරේ සංචාරක පැමිණීම් මිලියන 2ක කඩ ඉම පසු කළ බව පැවසු ඔහු 2024 වසරේ සංචාරක පැමිණීම් මිලියන 2 සීමාව පසු කළේ දෙසැම්බර් 26 වන දින බවත් පැවසීය.
වසරේ ඉදිරි කාලය තුළ සංචාරකයින් 280,000 ක් පමණ දිවයිනට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම වසරේ සංචාරක පැමිණීම් මිලියන තුනක ඉලක්කයට ළඟවීමට අපහසු වන්නේ සංචාරක ප්‍රවර්ධනයේ අඩුපාඩු හෝ වෙනත් කිසිදු ගැටළුවක් නිසා නොව ගුවන්තොටුපළ පුළුල් කිරීමේ කටයුත්ත අසාර්ථක වීම නිසා බවත් ඔහු අවධාරණය කරයි.
සබැඳි පුවතක් :
ජනපතිගේ මහන්සිය වතුරේ... ඉලක්කය හාන්සියි...| කටුනායක ගුවන් තොටුපලේ දෙවැනි අදියරේ, දුෂණය දොරේ ගලයි




