අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරමින් හෝමාගම දියගම අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදන බවට ඇමති බන්දුල ගුණවර්ධන

විසින් සිදුකළ ප්‍රකාශය, ''මොකක් හරි මොලේ අමාරුවකට කිව්ව කතාවක් ද දන්නේ නැහැ'' යයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අතිශයින් සමීප දේශපාලනඥයකු වන මහින්දානන්ද අලුත්ගමගේ එබව සඳහන් කර සිටියේ, SLTOP TUBE සමාජ මාධ්‍ය නාලිකාවේ 'මේ කව්ද මොනවද කරන්නේ' සංවාදශීලි දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

''දැන් කතාවක් යනවා හදිසියේ හතළිස් දාහක් දාන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න යනවා කියලා. මේක මේ වෙලාවේ අපේ රටට අවශ්‍ය දෙයක්ද?'' කියා එම වැඩසටහන මෙහෙයවූ ප්‍රවීන මාධ්‍යවේදී ශාන්ත බණ්ඩාර කල විමසීමේදී එබව පැවසු මහින්දානන්ද අලුත්ගමගේ තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''මම දන්නේ නැහැ බන්දුල ගුණවර්ධන මහත්තයා මොකක් හරි මොලේ අමාරුවකට කිව්වාද කියලා මේ කතාව, මොකද අපි ගාව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගන තුනක් තියෙනවා. හම්බන්තොට පල්ලේ කැලේ සහ ඛෙත්තරාම. අපිට ලෝක කුසලාන තරඟ සහ T 20 වුණත් ගහන්න පුළුවන් ලංකාවේ.

දැනට ලංකාවේ ක්‍රීඩාංගනවල තරඟාවලි තියගන්නත් බැහැ. ඒ නිසා මේ‌ වෙලාවේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මම දන්නේ නැහැ එතුමා ඇයි ඒ යෝජනාව කරේ කියලා. ඒක අදාළ නැහැ.

මම හිතනේ නැහැ ජනාධිපතිතුමා ඒ සඳහා රජයේ මුදල් සත පහක්වත් දෙයි කියලා ඒක හදන්න.''

SLTOP TUBE: හැබැයි ක්‍රිකට් ආයතනය මුදල් කියන්නේ ජනතාවගේ සල්ලි ඒ සල්ලි වෙන් කරොත්?

මහින්දානන්ද : ''ක්‍රිකට් ආයතනයේ සභාපති කිව්වා මේකට රජයේ මුදල් ගන්නේ නැහැ කියලා. අයිසීසී එකෙන් මුදල් අරගෙන එතුමා කිව්වේ 2020 වර්ල්ඩ් කප් එක ලංකාවේ ගහනවා කියලා ඒකට අවශ්‍ය ක්‍රීඩාංගන හදනවා කියලා. මම හිතන්නේ නැහැ ඒත් අපි වර්ල්ඩ් කප් ගැහුවත් අපිට මේක කරන්න පුළුවන්.

ඒ නිසා මේ වෙලාවේ අලුත් ක්‍රීඩාංගනයකට කරන ආයෝජනය වෙනුවට අපිට මේ ඉතුරු ක්‍රීඩාංගන තුන හදලා ඒ අවශ්‍ය පහසුකම් ටික හැදුවොත් ඇති....''

මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා සහභාගී වූ 'මේ කව්ද මොනවද කරන්නේ ? දේශපාලන වැඩසටහන ආන්දෝලනයට ලක්විය හැකි ප්‍රකාශ ගණනාවකින් සමන්විත බවත් එම වීඩියෝව ලබන සෙනසුරාදා (මැයි 24) පෙරවරුවේ දී සමාජ මාධ්‍යවෙත මුදාහැරීමට කටයුතු කර ඇති බවත් ශාන්ත බණ්ඩාර 'theleader.lk' වෙත පැවසිය.

 

 

''මොනරාගලටත් මෙහෙම පිට්ටනියක් ගැන හීනයක් තිබුනා''

ලංකාවේ ඉදිවන විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීම් ඇරඹීමට සියල්ල සුදානම් බව ඇමති බන්දුල ගුණවර්ධන කල ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ මත පලව ඇති අතර එහි එක් සටහනක මෙසේ සඳහන්ව ඇත.

''මොනරාගල ජනතාවටත් එහෙම හීනයක් තිබුනා... ලොකුම එක නොවුනත් එකක් හැදෙනවා කියලා..මොනරාගල කච්චේරිය ලඟ තිබ්බ ලස්සන පරිසරය නැති කරලා...ග්‍රවුන්ඩ් එකක් හදන්න සැලසුම් කලා... දැන් නටපු තොවිලෙකුයි බෙරේ පළුවකුයි නැති ගානයි... ගස් කපලා එළි කරපු ඉඩමේ හදන්න සැලසුම් කරපු ග්‍රවුන්ඩ් එක හදලා ඉවර කලා නම් නරකද ආයෙත් ග්‍රවුන්ඩ් එකක් හදන්න කියලා  හෝමාගම තියෙන ගස් ටිකත් කපන්න කලින්....

Monaragala1

Monaragala2

ගූගල් Street View එකෙන් පෙන්නන්නේ ඉස්සර රබර් වත්ත තිබුන විදිහ... ගූගල් මැප් එකෙන් පෙන්නන්නේ දැන් තියෙන විදිහේ ආරම්භක අවස්ථාව...ෆොටෝ වලින් පෙන්වන්නේ අදවන විට අතරමග වැඩ නැවතී ඇති ක්‍රීඩාංගනයේ තත්වය..

කිසිම දේශපාලන මතයක් අගතියට පත් කරනවා නෙවෙයි..  ඒත් රටේ ජාතික ප්‍රතිපත්තියක් නොමැති කමේ වැරැද්ද...

කොරෝනා නෙවෙයි... මොනවා ආවත් මේවා වෙනස් කරන්න බැරි වෙයි වගේ...''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්