සෞඛ්‍ය බලධාරීන් හා ජනාධිපති ලේකම්වරයා ලබාදුන් උපදෙස්වලට පිටින් සේවා ස්ථාන රාජකාරී සඳහා සේවකයන් කැඳවීම

සම්බන්ධයෙන් සිය සංගමයේ අවධානය යොමුවී ඇති බව සඳහන් කරන ලංකා බැංකු සේවක සංගමය ඒ සම්බන්ධයෙන් සියලුම බැංකුවලට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

සියයකට පණහක් හෝ තුනෙන් එකක සේවකයන් සංඛ්‍යාවක් සේවයට කැඳවන ලෙස ලබාදෙන ලද උපදෙස් HSBC  හා සණස බැංකුව කඩ කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මැදිහත් වන්නට තම සංගමයට සිදුවූ බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක පැවසීය.

එම උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන බැංකු හෝ ශාඛා පිළිබඳව තම සංගමය දැනුවත් කරන ලෙස සාමාජිකයක් දැනුවත් කර ඇති බවද සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය.

(ඉඳුවර බණ්ඩාර - anidda.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්