ප්‍රජා සවිබල ගැන්විම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්ත වු බව සැලවීමත් සමග

අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයින් කිහිප දෙනෙකු ම තලංගම මූලික රෝහල වෙත පැමිණි සිටි අතර එහිදී අගමැතිවරයා පැවසුයේ, ඊයේ පස්වරු 6.00 පමණ වන තෙක් ද ආරුමුගම් තොණ්ඩමන් තමන් සමඟ සාකච්ඡාවක යෙදී සිටි බවයි.

එම සාකච්ඡාවේදී ද ආරුමුගම් තොණ්ඩමන් විශේෂ අවධානයක් දුන්නේ වතුකර ජනතාවගේ සුභසාධනය පිළිබඳ බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසිය.

හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ද හමුවූ බව වාර්තා වේ.

යාපනයේ සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ එහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Indian Twite

තොන්ඩමන් හිටපු අමාත්‍යවරයා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ රාත්‍රී නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් ඔහුව රෝහලට ඇතුලත් කර තිබිණ. රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත වනවිටත් ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි.

 ආරුමුගම් තොණ්ඩමන් දේශපාලනයට පිවිසියේ සිය මුත්තණුවන් වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ මඟ යමිනි. 1994 වසරේදී නුවරඑළිය දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ආරුමුගම් තොණ්ඩමන් ආණ්ඩු කිහිපයක් යටතේම විවිධ අමාත්‍ය ධුර හොබවනු ලැබිය.

 අභාවප්‍රාප්ත වන විට ඔහු ප්‍රජා සවිබලගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

වතුකරයේ කැපී පෙනෙන දේශපාලන බලයක් හිමි ලංකා කම්කරු කොංග්‍රසයේ  නායකයා ලෙසද ආරුමුගම් තොණ්ඩමන් කටයුතු කළේය. 1964 වසරේ මැයි මස 29 වන දා උපත ලබා ඇති ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වනවිට පසුවූයේ 56 වියේ පසුවිය.

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය තවමත් තීරණය කර නොමැත.

නුවරඑළියේ පොහොට්ටු ලයිස්තුව අර්බුදයක !

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්ගේ අභාවප්‍රාප්ත වීමත් සමඟම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුව යම් ගැටලුකාරී තත්වයකට පත්ව ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා සී නිව්ස්' වාර්තා කරයි.

මැතිවරණ නීතිය අනුව අපේක්ෂකයෙකු මියගිය හොත් දින තුනක් ඇතුළත වෙනත් අපේක්‍ෂකයෙකු නම් කල හැක.

නමුත් මැතිවරණය පැවැත්වීමට විරුද්දව උපරිමාධිකරණය හමුවේ නඩු පවරා ඇති තත්වයක් මත එය යම් ගැටළුකාරී තත්වයකට පත්ව තිබේ.

ආරුමුගම් තොණ්ඩමන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ නුවරඑලියෙන් තරග වැදීමට නාම යෝජනා බාර දී තිබිණ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්