උපයා ගත් දීමනා කප්පාදු කිරීම, ප්‍රවාහන පහසුකම් විධිමත් නොකිරීම, මහ මග හෙදිය අනාරක්‍ෂිත කිරීම,

නිලධාරීන් චක්‍රලේඛන නොසලකා හැරීම, හෙද සේවාව නොසලකා ක්‍රියාකිරීම ආදී කරුණු කිහිපයක් මුල්කර ගනිමින්ද ඹුල්ල මූලික රෝහලේ හෙද නිලධාරීන් පිරිසක් ඊයේ (මැයි 26) එම රෝහල ඉදිරියේ විරෝධතාවක නිරත විය.

'සුව විරුවන් රූපවාහිනී පමණක්ද, රාජකාරිය ගන්නා තෙක් සෞඛ්‍ය සේවය සුව විරුවෝ, ප්‍රවාහන සේවය විධිමත් කරනු ආදී සටන් පාඨ සහිතව හෙද හෙදියන් මෙම විරෝධතාවයේ නියැලිනි.

මෙම විරෝධතාව සඳහා රෝහලේ හෙද හෙදියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මධ්‍යම පළාත් සභාව විසින් මෙම දීමනා ගෙවීමට නියමිතව තිබුණ ද එම දීමනා කප්පාදු කර ඇති බැවින් මෙම විරෝධතාවය පැවැත් වූ බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

 

''ඇමතිවරියගේ නියෝග පහල නිලධාරීන් ගණන් ගන්නේ නැහැ''

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමයේ දඹුල්ල ශාඛාවේ ලේකම් සමන් විජේරත්න කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යවරිය හෙද හෙදියන්ට 'හෙද විරුවන්' , 'සුව විරුවන්' යනුවෙන් පවසමින් හෙද නිලධාරීන්ගේ හෝ සෞඛ්‍ය සේවයේ දීමනා කප්පාදු නොකරන්නැයි දැනුම් දී තිබියදී ඇයගෙන් පහල නිළධාරීන් අමාත්‍යවරියගේ නියෝග ක්‍රියාත්ම නොකරන තත්වයක් මතුව ඇති බවයි.

මේ විරෝධතාවයෙන් අනතුරුව හෝ සෞඛ්‍ය ඇමතිවරියගේ නියෝග ක්‍රියාත්මක කරමින් සෞඛ්‍ය සේවයට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස ඔහු බලධාරීන් ගෙන් ඉල්ලා සිටියේය.

හෙද හෙදියන්ට බලපාන මෙම කරුණු මුල්කරගනිමින් මීට පෙරදී මහනුවර රෝහල ඉදිරිපිටදීත් හෙද උද්ඝෝෂණයක් පැවැත්විණි.

dambulla hospital 0

dambulla hospital 2

dambulla hospital 1

dambulla hospital 3

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්