ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා පත් කරන ලද “සදාරවාරවාදී, විනය සහ නීති ගරුක සමාජයක්” ශ්‍රී ලංකාවේ බිහි කිරීම පිනිස කාර්ය සාධක බලකාය”

ආණ්ඩුවට එරෙහිව විවේචනාත්මක ප්‍රචාරයන්හි නියැලෙන කණ්ඩායම් ගැන සොදිසියකින් සිටින බව ජූනි 07 දින 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කර ඇත.

තනිකරම මිලිටරි සහ පොලිස් ප්‍රධානින් වන පිරිමින්ගෙන් පමණක් සමන්විත එම කාර්ය සාධක බලකායට පවරා ඇති තුන්වන විධානය වන්නේ “ අනෙක් රටවල සිටිමින් ශ්‍රී ලංකාව තුල සමාජ විරෝධී සහ නිති විරෝධී කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමය.”

මෙරට බුද්ධි අංශ දැනටමත් කණ්ඩායම් වශයෙන් කටයුතු කරන රටවල් තුනක එවැනි කණ්ඩායම් හදුනාගෙන ඇතැයි ද මෙම කණ්ඩායම්හි අරමුණ දුෂ්ඨ ප්‍රචාරයන් මගින් ආණ්ඩුව අස්ථාවර කිරීමට තැත් දැරීම බව සහතික යැයි ද ආන්ඩුවේ මූලාශ්‍රයක් තමන්ට දැනුම් දුන් බව 'සන්ඩේ ටයිම්ස්' පුවත්පතේ දේශපාලන කතුවරයා සඳහන් කරයි. දැනටමත් මෙම පුද්ගලයින් සම්බන්ධව ලිපි ගොනු සකස් කැරෙමින් ඇති බවද එම මූලාශ්‍රයම සඳහන් කර තිබේ.

draft

'විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය' ප්‍රකාශයක් නිතුත් කරමින් පෙන්වා දී ඇති පරිදි මෙම කාර්ය සාධක බලකායට අදාළව ඇති ප්‍රධාන අනතුරක් වන්නේ එයට පවරා ඇති විධානය නිශ්චිත නැති එනිසාම ඉතා පුළුල් ලෙස භාවිත කළ හැකි එකක් වීමයි.

මෙම මිලිටරි කාර්ය සාධක බලකාය හුදෙක් මත් ද්‍රව්‍ය පිළිබඳ කටයුතු කිරීමට පමණක් නොවන බව එයට ත්‍රිවිධ හමුදා සහ පොලිස් බුද්ධි අංශ ප්‍රධානීන් පත් කිරීමෙන් පැහැදිළි වන බව මානව හිමිකම් නීතිඥයකු පැවසීය. තවත් එවැනි අයකු පැවසූයේ මෙම තත්වයට වගකිව යුත්තේ ගත යුතු පියවර නොගත් රනිල්– සිරිසේන යහපාලන ආණ්ඩුව  බවයි.

මෙම මිලිටරි කාර්ය සාධක බලකාය ජාතික ආරක්ෂක මණ්ඩලයට වඩා බලවත් බවත් 'සන්ඩේ ටයිම්ස්' ලිපිය පෙන්වා දෙයි.

(srilankabrief.org )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්