සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සෑම බදාදා දිනකම රැස්වී මාස තුනකදී එහි විමර්ශන කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇත.
බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව කොළඹ වරායෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කෙරිණි.
කාරක සභාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර ගේ සභාපතීත්වයෙන් 21 වැනිදා පළමුවරට රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව කාරක සභාව හෙට (28) බදාදා ප.ව 2.00 ට නැවත රැස්වීමට නියමිත ය.
කාරක සභාවේ ඉදිරි කටයුතු කළ යුතු ආකාරය සහ කැඳවිය යුතු පාර්ශ්වයන් පිළිබඳ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්වූ අතර සාමාජික මන්ත්‍රීවරු ඒ පිළිබදව සිය අදහස් පළ කළහ.
මෙම කාරක සභා රැස්වීමට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, ඩී. වී. චානක, මුජිබුර් රහුමාන්, මයිල්වාගනම් ජෙගදීස්වරන් සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහභාගී වූහ.




