කල්බදු සමාගමක සේවකයින් පිරිසකගේ අමානුෂික පහරදීමෙන් ඝාතනයට ලක් වු ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ

ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කැස්බෑව පොදු සුසාන භූමියේදී අද (14) සිදුකිරීමට නියමිතව තිබේ.

මේ අතර අත්තනෝමතිකව ක්‍රියාත්මක වන ලීසිං ආයතනවලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

සුනිල් ජයවර්ධනගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලින් වසන් වීමට කිසිවෙකුට හෝ හැකියාවක් නොලැබෙන බවද ඔහු මාධ්‍ය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

මහ මැතිවරණයට දින නියම කිරීමෙන් පසු නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා මාර්ග දැඩි ලෙස විවේචනය කරමින් සිටින්නේ, විපක්ෂයේ නායකයින් ද අභිබවා යමිනි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ උද්ඝෝෂණයට එල්ල කරන ලද ම්ලේච්ඡ ‌පොලිස් ප්‍රහාරය ද ඔහුගේ බරපතල විවේචනයට ලක්ව තිබිණ.

 

'මහ දවල් මිනී මරණ රටක් බිහිවෙලා' -සජිත් කියයි

මහ මග පහරදී වෘත්තීය සමිති නායකයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට වරද පවරා තිබේ.

 සුනිල් ජයවර්ධනගේ ඝාතනය ත්‍රීරෝද හිමියන් වෙත ආණ්ඩුව විසින් ලබාදෙන බවට පොරොන්දුවූ කල්බදු සහන ලීසිං සමාගම් වෙත නිසියාකාරයෙන් දැනුවත් නොකිරීම නිසා සිදුවුවක් බවයි සමගි ජන බලවේගයේ නායකයා පවසන්නේ.

 ආසන්න කාලයේ දී රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඉහළ ගොස් ඇති අතර මිනීමැරුම්, පහරදීම්, මංකොල්ලකෑම ආදී කටයුතු වැඩි වශයෙන් අසන්නට ලැබෙන බව ඔහු සදහන් කළේ ජුනි 11 බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්