හිටපු අමාත්‍ය මංගල සමරවීරට සංඝ ආඥාවක් පැනවිය යුතු බව රත්මලාන ධර්ම පර්යේශනාලයාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පවසා ඇත්තේ මංගල සමරවීර විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති 'ට්විටර්'  පණිවිඩයක් සම්බන්ධයෙන්  'යූ ටියුබ්' නාලිකාවකට ප්‍රකාශයක් කරමිනි.

තලේබාන්වල ළමා මනාලියන් වගේම ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම ද ඉතා සහාසික ලෙස එම දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව මංගල සමරවීර එම 'ට්විටර්' පණිවිඩයේ සටහන් කර තිබිණ.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, කුඩා ගැහැණු දරුවකු පැවිදි කිරිමට අදාලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින සංවේදී ජයාරූප කිහිපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ඊට ප්‍රතිචාර දක්වමින් මංගල සිය ට්විටර් පණිවිඩයේ මෙසේ සඳහන් කර ඇත.

''කුඩා ගැහැණු හා පිරිමි දරුවන් භික්ෂු භික්ෂුණියන් ලෙස පැවිදි කිරීම කොටින්ගේ ළමා සොල්දාදුවන් හා තලේබාන් ළමා මනාලියන් තරමට කම්පනයට පත් කරන්නක්. මෙය ඉතා සහාසික ලෙස දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.''

103304407 2589258887841760 2655335992276294044 o

මෙරට මහා සංඝරත්නය තලේබානුවන්ට සම කරමින් කරන ලද එම ප්‍රකාශයට එරෙහිව ත්‍රෛයිනාකායික මහා නාහිමිවරුන් මෙන්ම සමස්ථ භික්ෂූන්වහන්සේම නැගී සිටිය යුතු බවත් සංඝ ආඥාවක් පනවා ඔහු බෞද්ධත්වයෙන් ඉවත් කළ යුතු බවත් විපස්සි හිමි වැඩිදුරටත් අවධාරණය කර සිටිති. උන්වහන්සේ එසේ වදාරා ඇතත්, කුඩා දරුවන් පැවිදි කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විරෝධයක් එල්ල වෙමින් තිබේ.

Child Abuse. world

සබැඳි පුවත :

තලේබාන් ළමා මනාලියන් වගේම කුඩා දරුවන් මහණ කිරීම ද සාහසික ක්‍රියාවක් - මංගල 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්