The Leader News
BREAKING
Top Ad
පුවත්

ආපදා මරණ ගණන 334ක් දක්වා ඉහළට: මිලියනයකට අධික පිරිසක් පීඩාවට

T

The Leader Desk

December 1, 2025 • 3:58 AM

ආපදා මරණ ගණන 334ක් දක්වා ඉහළට: මිලියනයකට අධික පිරිසක් පීඩාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, තවත් පුද්ගලයින් 370 දෙනෙකු අතුරුදන්ව ඇති බව යි.
  • ආපදා හේතුවෙන් පවුල් 309,607කට අයත් පුද්ගලයින් 1,118,929 දෙනෙක් පිඩාවට පත්ව සිටිති.
  • :00ට නිකුත් කළ වාර්තාව අනුව වැඩි ම මරණ ගණනක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි.
  • එම ගණන 88ක් ලෙස සටහන් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, තවත් පුද්ගලයින් 370 දෙනෙකු අතුරුදන්ව ඇති බව යි.

ආපදා හේතුවෙන් පවුල් 309,607කට අයත් පුද්ගලයින් 1,118,929 දෙනෙක් පිඩාවට පත්ව සිටිති.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (30) ප.ව. 6:00ට නිකුත් කළ වාර්තාව අනුව වැඩි ම මරණ ගණනක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එම ගණන 88ක් ලෙස සටහන් වී ඇත.

 බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71 සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 68ක් වාර්තා වී තිබේ.

 කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 37ක් වාර්තා වී ඇති අතර ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 12ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි' - ජනපති

මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ජාතිය අමතමින් ඊයේ  (30) විශේෂ ප්‍රකාශයක් කල ජනාධිපති අනුර කුමාර දිසානායක,  ඉදිරියේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන්නේ "එදා මෙදාතුර විශාලත ම ප්‍රතිසංස්කරණ ප්‍රයත්න සහ නැවත ගොඩනැංවීමේ කාර්යභාරයට යැයි කියා සිටියේය.

 "අපට ඉදිරියට මුහුණ දීමට සිදුවන්නේ එදා මෙදාතුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්ට සහ නැවත ගොඩනැංවීමේ කාර්යභාරයට බව අප සිහිපත් කළ යුතු වෙනවා. විනාශයේ තරම ගැන අනුමාන තක්සේරුව එතරම් ම බරපතළයි," ඔහු පැවසිය.

තවදුරටත් ඔහු සඳහන් කළේ, ස්වභාවික විපත් සහ ආපදා ඇති වීම පාලනය කිරීමට නොහැකි වූ විට ඇතිවන විපත් සහ හදිසි ආපදා නිසි අයුරින් කළමනාකරණය කිරිම, නැවත යථා තත්ත්වයට හෝ පෙර තත්ත්වයට වඩා දියුණු තත්ත්වයකට ගොඩනැගීම යන ත්‍රිවිධ ක්‍රියාවලියේ ම වැදගත්කම ආණ්ඩුව සතු වන බවයි.

"ඒ වෙනුවෙන් ගත යුතු සහ ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග මොන තරම් දුෂ්කර තත්ත්වයකදී වුවත් ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා," ඔහු පැවසිය.

"සීරුවෙන් සහ ක්‍රමානුකූලව හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි. කුඩා ස්වයං රැකියාවේ සිට මහා පරිමාණ කර්මාන්ත දක්වා ද, සුළු පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා ද මේ සියලු ක්ෂේත්‍ර තමන්ගේ ආදායම් අහිමි වීම්, තමන්ගේ කර්මාන්ත කඩා වැටීමේ අනතුරකට මුහුණ දී සිටිනවා. ඒ වගේ ම කෘෂිකර්මාන්තය, පශු සම්පත් ක්ෂේත්‍රය මේ ආදී ක්ෂේත්‍ර විශාල බිඳ වැටීමකට ලක් වී තිබෙනවා. ඒ නිසා මෙම ක්ෂේත්‍ර ඉතා වේගයෙන් නගාසිටුවීමට අපිට වේගවත් සැලැස්මක් අවශ්‍යයි," ජනාධිපතිවරයා අවධාරණය කළේය.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...