The Leader News
BREAKING
මිලියන 25ක දඩයෙන් ඉතිරි මිලියන 9 ගෙවන්න ප්‍රසන්න තවත් කල් ඉල්ලයි●රිජ්වේ ළමා රෝහලේ දරු මරණය: වෛද්‍යවරුන් දෙදෙනෙකුට අධිකරණයෙන් සිතාසි●මීගමුව බන්ධනාගාර ගැටුමට අලුතින් සැකකරුවන් රැසක්●එක්නැළිගොඩ නඩුවේ පැමිණිල්ල අවසන්: විත්තියෙන් විශේෂ ඉල්ලීමක්●අපරාධ පනතේ දැඩි වගන්ති ලිහිල් කිරීමට ජනපති සූදානම්●රඛිත රාජපක්ෂගේ ගිණුම් 4ක් සහ වාහන 3ක් අත්හිටුවයි●වියළි දෑසට වෛද්‍යවරුන් නිර්දේශ කළ සරල විසඳුම●පීසා මත අන්නාසි තැබීම ප්‍රතික්ෂේප කළ ඉතාලි සූපවේදියාගේ රැකියාව අහිමිවෙයි●මැදවාර ජයෙන් පසු 2028 ඇමෙරිකානු ජනපතිවරණ සටන ඇවිළෙයි●මැදවාර පරාජයෙන් පසු ට්‍රම්ප්ගේ ගමන්මග වෙනස් කිරීමට රිපබ්ලිකන් බලපෑම්●
Top Ad
පුවත්

කිසිදු නව යොවුන් දැරියක් හෝ කාන්තාවක රක්තහීනතාවෙන් නොපෙළෙන දකුණු ආසියාවක් නිර්මාණය කළ යුතුයි - අගමැතිනිය

T

The Leader Desk

July 11, 2025 • 5:59 AM

කිසිදු නව යොවුන් දැරියක් හෝ කාන්තාවක රක්තහීනතාවෙන් නොපෙළෙන දකුණු ආසියාවක් නිර්මාණය කළ යුතුයි - අගමැතිනිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ "පෝෂණීය දකුණු ආසියාව" යන මැයෙන් ජූලි 9 දින සිට 11 දින දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හි පැවැත්වෙන දකුණු ආසියාවේ තරුණ කාන්තාවන් සහ ළමුන්ගේ රක්තහීනතාවය අවම කිරීම සඳහා වන ජාත්‍යන්තර සමුළුවෙහි සමාරම්භක දිනයේ එහි ප්‍රධාන ආරාධිතය ලෙස සහභාගි වෙමිනි.
  • මන්දපෝෂණ චක්‍රය බිඳ දැමූ සෞඛ්‍ය සම්පන්න සමාජයක් නව යොවුන් දැරියන් සහ කාන්තාවන් අතර දක්නට ලැබෙන රක්තහීනතා ගැටලුව විසඳීමට දුෂ්කර නමුත් විසඳිය නොහැකි දෙයක් නොවේ.
  • ඒ වෙනුවෙන් රජයක් හැටියට අපි උපරිමයෙන් කැපවෙන්න අදිටන් කරගෙන සිටින බව මම මෙහිදී මතක් කරන්න කැමැතියි.
  • මෙම සමුළුවෙන් මතුවන හරවත් සාකච්ඡා, වටිනා අදහස් හුවමාරුකරගැනීම් වගේම ප්‍රායෝගික කැපවීම් දෙස මම දැඩි වුවමනාවකින් සහ අපේක්ෂා සහගතව බලා සිටින බවත් කියන්න කැමැතියි.
අකුරු ප්‍රමාණය (Font Size):


අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ "පෝෂණීය දකුණු ආසියාව" යන මැයෙන් ජූලි  9 දින සිට 11 දින දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හි පැවැත්වෙන දකුණු ආසියාවේ තරුණ කාන්තාවන් සහ ළමුන්ගේ  රක්තහීනතාවය අවම කිරීම සඳහා වන ජාත්‍යන්තර සමුළුවෙහි සමාරම්භක දිනයේ එහි ප්‍රධාන ආරාධිතය ලෙස සහභාගි වෙමිනි.

එම සමාරම්භක උත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය...

සෑම දැරියකට ම පෝෂ්‍යදායී ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ගුණාත්මක රැකවරණය

කලාපීය වශයෙන් අතිශය වැදගත් මෙවැනි සමුළුවකට මට ආරාධනා කිරීම ගැන පළමුකොට මෙහි සංවිධායක මණ්ඩලයට මාගේ ස්තූතිය පුදකරන්න කැමැතියි. මේ සමුළුවේ අපගේ අරමුණ “කිසිදු නව යොවුන් දැරියක් හෝ කාන්තාවක, වළක්වා ගත හැකි රක්තහීනතාවයෙන් පෙළෙන්නේ නැති දකුණු ආසියාවක් නිර්මාණය කර ගැනීම සහ ඒ වෙනුවෙන් කැපවීම” යි.

මෙම අරමුණ ඉටුකර ගන්න නම්, සෑම දැරියකටම පෝෂ්‍යදායී ආහාර, සෞඛ්‍ය අධ්‍යාපනය සහ ගුණාත්මක රැකවරණයකට අවස්ථාව සලසා දියයුතු වෙනවා. ඒ වගේම, කාන්තාවන්ට ඔවුන්ගේ පූර්ණ විභවය අවබෝධ කර ගැනීමට හැකිවෙන, ඒ සඳහා ඔවුන්ට දිරි දෙන පරිසරයක් නිර්මාණය කළ යුතු වෙනවා. ඒ අරමුණ රජයකට පමණක් තනිවම ඉටුකරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසාම තමයි අපගේ ඉහත අරමුණට ආශීර්වාද කරන, ශක්තියක් වන, සමාජයේ සෑම අංශයකින් ම අලුත් කැපවීමක් සහ ප්‍රායෝගික ක්‍රියාවක් සඳහා සූදානම් සන්ධිස්ථානයක් හැටියට මෙම සමුළුව නිර්මාණය වී තිබෙන්නේ.

මන්දපෝෂණ චක්‍රය බිඳ දැමූ සෞඛ්‍ය සම්පන්න සමාජයක්

නව යොවුන් දැරියන් සහ කාන්තාවන් අතර දක්නට ලැබෙන  රක්තහීනතා ගැටලුව විසඳීමට දුෂ්කර නමුත් විසඳිය නොහැකි දෙයක් නොවේ. අලුත් කැපවීමකින්, කලාපීය සහයෝගීතාවයකින් සහ සාමූහික ක්‍රියාවකින්, අපට දකුණු ආසියාවේ අනාගත පරම්පරාවන් පෝෂණය කළ හැකි වන අතර ම, මන්දපෝෂණ චක්‍රය බිඳ දමා සෞඛ්‍ය සම්පන්න, වඩාත් සාධාරණ සමාජයක් ගොඩනැගිය හැකිය යන්න මගෙත්, අපගේ රජයෙත් අපේක්ෂාව සහ විශ්වාසයයි.

ඒ වෙනුවෙන් රජයක් හැටියට අපි උපරිමයෙන් කැපවෙන්න අදිටන් කරගෙන සිටින බව මම මෙහිදී මතක් කරන්න කැමැතියි. අපගේ පාසල් දරුවන් ඉලක්ක කරගත් පෝෂණ වැඩ සටහනෙත් එක් අපේක්ෂාවක් වෙන්නෙ ඒ දරුවන්ට නිසි පෝෂණය ලබා දීමෙන් ඔවුන් පෝෂණ ඌණතාවයට ගොදුරුවීම වළක්වා ගැනීමයි. මෙම සමුළුවෙන් මතුවන හරවත් සාකච්ඡා, වටිනා අදහස් හුවමාරුකරගැනීම් වගේම ප්‍රායෝගික කැපවීම් දෙස මම දැඩි වුවමනාවකින් සහ අපේක්ෂා සහගතව බලා සිටින බවත් කියන්න කැමැතියි.

රක්තහීනතාව අඩු කිරීමට සහ තුරන් කිරීමට කලාපීය ප්‍රමුඛතාව

කලාපයක් වශයෙන් එක්ව, මෙහි කාන්තාවන්ගෙන් සහ ගැහැනු ළමුන් අතර පවතින රක්තහීනතාවය අඩු කිරීමට සහ තුරන් කිරීමට කලාපීය ප්‍රමුඛතාවය සහ ඒ සඳහා වන මේ හවුල්කාරිත්වය සාර්ථක කරගන්න කැපවෙන බවට අපි ප්‍රතිඥා දෙමු. එක්සත්ව, අපගේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් හැකි අයුරින් පෝෂණය කරමින් එතනින් ඇතිකරගන්නා ආරම්භයෙන් මුළු දකුණු ආසියාව පෝෂණය කරමු යැයි මේ සමුළුවට යෝජනා කරන්න කැමැතියි.

අතිශය වැදගත් මෙම සමුළුව පැවැත්වෙන අපගේ සුන්දර දිවයිනේ උණුසුම් ආගන්තුක සත්කාරය සහ අද්විතීය චමත්කාරය අත් විඳිමින් ම, ඔබට වෘත්තීය වශයෙන් තෘප්තිමත් සහ පෞද්ගලිකව අමතක නොවන සුන්දර කාලයක් බවට ඔබ මෙහි රැඳී සටින කාලය පත්වේවායි,  ප්‍රාර්ථනා කරන්නත් මෙය අවස්ථාවක් කරගන්න කැමැතියි."

මෙම සමුළුවට සහභාගී වූ අග්‍රමාත්‍යවරිය සංවිධායක මඬුල්ල වෙනුවෙන්  Rini Simon Khanna විසින් පිළිගත් අතර, Md. Golam Sarwar (සාර්ක් සංවිධානය), Sanjay Wijesekera (යුනිසෙෆ් සංවිධානය) ඇතුළු කලාපීය ආරාධිතයන්, ක්‍රියාකාරී සාමජිකයින් ද එක්ව සිටියහ.

 

 

harini 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...