leader s

නේවාසික හෝටල් සහ අවන්හල්වල ආහාර පාන පිළිගන්වන සේවිකාවන්ට රාත්‍රී කාලයේ සේවයට ඇති නීතිමය බාධා ඉවත්කරමින් 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනත සංශෝධනයට රජය තීරණය කර ඇත.

පවතින නීතිය යටතේ නේවාසික හෝටල් සහ අවන්හල්වල සේවයේ යෙදී සිටින ආහාර පාන පිළිගන්වන සේවිකාවන් සේවයේ යෙදවිය හැක්කේ රාත්‍රී 10.00 දක්වා පමණක් වන බැවින් ඒවායේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමේදී විවිධ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වීම මුල්කරගෙන මෙම වෙනස සිදුවන්නේ යැයි ඊට අදාළව ඉදිරිපත් කර ඇති කැබිනට් යෝජනාවේ දැක්වේ.

ඒ අනුව නේවාසික හෝටල් සහ අවන්හල්වල සේවයේ යෙදී සිටින ආහාර හා පාන පිළිගන්වන්නියන්ගේ කාර්යයන්හි නියැලෙන වයස අවුරුදු 18ට වැඩි සේවිකාවන්ට පස්වරු 6.00ට පසුව සහ පෙරවරු 6.00ට පෙර සේවයේ යෙදීමට හැකි වන පරිදි 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති 3 වැනි නියෝගය සංශෝධනය කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

(සටහන | ගිම්හාන් සිල්වා) 

 

WhatsApp Image 2021 09 13 at 13.49.58

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්