leader s

සත්‍ය තොරතුරු සමාජගත කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සිදුකරන සංවාද, යෝජනා චෝදනා ඉතා වැදගත් යැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ  වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.


අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඊයේ (17) බස්නාහිර පළාත්සභා ශ්‍රවණාගාරයේ පැවති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනේ දී ය.

මෙම වැඩසටහනේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය...

අධ්‍යාපනය තුළත් දැවැන්ත පරිවර්තනයක් සිදුවිය යුතුයි

''නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන සියලු දෙනා ම විශාල අවධානයකින් ඉන්නවා කියලා සමාජය තුළ ඇතිවෙලා තියෙන සංවාදය තුළින් පැහැදිළි වෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විශාල පිපාසයක් ජනතාව තුළ තිබිලා තියෙනවා. ඒ නිසා තමයි සියලු දෙනාම විවිධ අදහස් යෝජනා චෝදනා ඉදිරිපත් කරන්නේ.  ඒක හොඳ තත්ත්වයක් ඒ හරහා තමයි අපිට හොඳම තැනට යන්න පුළුවන් වෙන්නේ.

අපි රජයක් හැටියට ප්‍රතිපත්ති හදන තැන ඉඳන් ම අධ්‍යාපනයට විශාල අවධානයක් දෙන පොරොන්දුවත් එක්ක තමයි අපි වැඩ කළේ.  ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් අපේ දේශපාලන වේදිකාව  තුළත් අපි කියලා තිබෙනවා.  මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. සියලු දෙනාම පෙනී හිටියේ මේ රටේ සංවර්ධන ඉලක්ක සඳහායි.

නමුත් සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කිරීම විතරක් නෙමෙයි මේ සමාජය තුළ සිදු විය යුතු වෙන්නේ. අධ්‍යාපනය තුළත් දැවැන්ත පරිවර්තනයක් සිදුවිය යුතුයි.  ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ පටු දැනුම දෙන පොතකට, එක විෂයකට, විෂය ධාරාවකට සීමා වෙච්ච පුද්ගලික ගමනක් ගැන විතරක් හිතන  පුද්ගලයෙක් බිහි කිරීම නෙමෙයි. අපි මේ නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. ඊට වඩා පුළුල් මනසක් තියෙන නිදහස් චින්තනයක් ඇති, ලෝකය දිහා පුළුල් ලෙස බලන්න පුළුවන්, නායකත්වයක් දෙන්න පුළුවන් මිනිසෙක්.

 



ව්‍යුහාත්මක වෙනසකට කුලුනු පහක්

මේ ප්‍රතිසංස්කරණය විෂය නිර්දේශය ගැන විතරක් හිතලා කරන වෙනසක් නෙවෙයි.  මේක සකස් කරලා තියෙන්නේ ව්‍යුහාත්මක වෙනස දක්වා කුලුනු පහක් තුළ.   මූලික ප්‍රශ්න කිසිවක් හඳුනා ගන්නේ නැතුව ජනප්‍රිය තීරණ ගැනීමෙන් අධ්‍යාපනය මේ තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ. නව ප්‍රතිසංස්කරණයෙන් සිදු වන  ප්‍රධානම වෙනස  වැඩ ලෝකයට ඇතුළු වෙන්න පුළුවන් විදියට දරුවන් තුළ නිපුණතා සංවර්ධනය  කරන එක.  අපි දහවෙනි ශ්‍රේණියේ සිටම එය හදුන්වා දෙනවා.

සමහරු මේ ප්‍රතිසංස්කරණය  වැරදි තැනකින් අල්ලගන විවිධ චෝදනා කරනවා; අසත්‍ය ප්‍රචාර කරනවා. හරියට අධ්‍යයනය කරලා මේ ගැන විවේචනය කරන්න‍ යෝජනා ඉදිරිපත් කරන්න; සංවාද ගොඩ නගන්න. ඒකට අපි එකඟයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු  දෙනා නව ප්‍රතිසංස්කරණය අවබෝධ කරගෙන හරි දේ ජනතාව අතරට ගෙනියන්න. දරුවන් වෙනුවෙන් මේ ඓතිහාසික කටයුත්තට සහයෝගය ලබා දෙන්න. බෙදිලා මේක කරන්න බැහැ අපි සියලු දෙනා එකතු වෙන්න ඕන. දරුවන් වෙනුවෙන් නව ප්‍රතිසංස්කරණය ක්‍රියාවට නැංවිමට සියලු දෙනා තුළ සංවාදයක් ඇති වීම වැදගත්.''

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන  නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ,  කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූස්ෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුනආරච්චි, සංජීව රණසිංහ, රුවන් මාපලගම, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර යන මහත්වරුන් ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.




යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාල සටහන මෙතනින් බලන්න

 

meeting

meeting 2


සබැඳි ලිපි :

අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත කරන්න එපා - අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : ආචාර්ය නිර්මාල් කරන යෝජනාවට කන්දෙන්න | Wijayananda Jayaweera


ඉතිහාස විෂය ඉවත් කිරීම ගැන නිර්මාල්ගේ යූටියුබ් වීඩියෝව ඓතිහාසික එකක් | Chinthana Dharmadasa

මේ අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කවුරුන් වෙනුවෙන්ද? | කුසල් පෙරේරා

අගමැතිනිය, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කරයි

ලංකාවේ අධ්‍යපනය මනින ක්‍රමය වෙනස් කළ යුතුයි - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්