The Leader News
BREAKING
Top Ad
පුවත්

31ක් මරුට! රු. කෝටි 12ක විනාශය ඇවිලූ 'කටුවැල්ලේගම සුරේෂ්' - මීගමුව බන්ධනාගාර මනුෂ්‍ය ඝාතන නඩුවේ CID විමර්ශන උසාවියට එයි

T

The Leader Desk

July 15, 2026 • 7:19 AM

 31ක් මරුට! රු. කෝටි 12ක විනාශය ඇවිලූ 'කටුවැල්ලේගම සුරේෂ්' - මීගමුව බන්ධනාගාර මනුෂ්‍ය ඝාතන නඩුවේ CID විමර්ශන උසාවියට එයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ව්‍යායාම කරන්න දුන්න වෙලාව මදි කියලා ජේලර්ලාට මරණ තර්ජන කළා" - මුළු ලංකාවටම බෙදාහැර ඇති රැඳවියන් සියල්ලන්ගෙන්ම වෙන් වෙන්ව ප්‍රකාශ ගන්න මහේස්ත්‍රාත් ශිලනි පෙරේරාගෙන් CID නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරට පූර්ණ බලතල
  • ව්‍යායාම වේලාව සහ මීගමුව ඇවිලූ සුරේෂ්ගේ භූමිකාව මීගමුව මූලස්ථාන පොලීසිය සතුව තිබූ මෙම නඩුකරය මහේස්ත්‍රාත් නියෝග මත CIDය යටතට පවරා ගැනීමෙන් පසු අනාවරණය කරගෙන ඇති මූලික කරුණු මෙසේය.
  • තර්ජනය සහ ගැටුම: කටුවැල්ලේගම සුරේෂ් නමැති සිරකරුට බන්ධනාගාරය තුළ ව්‍යායාම කිරීම සඳහා ලබා දී තිබූ කාලය ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් ඔහු එදින බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන කර තිබේ.
  • ඉන් ඇතිවූ බහින්බස්වීම දුරදිග ගොස් රැඳවියන් සහ නිලධාරීන් අතර සමස්ත කලහය නිර්මාණය වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


"ඇප දුන් 15ක් තාමත් හිරකරගෙන කටඋත්තර බලෙන් ලියවා ගන්නවා" - බන්ධනාගාර නිලධාරීන් උසාවි නියෝග උල්ලංඝනය කරන බවට සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් (CPRP) හදිසි චෝදනාවක්



බන්ධනාගාර පොලිස් හදිසි උපක්‍රමික බළකායේ (බන්ධ පොලිස්) නිලධාරීන් දස දෙනෙකු සහ රැඳවියන් පිරිසක් ඇතුළු 31 දෙනෙකු ඝාතනය වී, රුපියල් කෝටි 12කට අධික බන්ධනාගාර දේපළ විනාශ කළ මීගමුව බන්ධනාගාර මහා ලේවැකි ගැටුම ආරම්භ වීමට සෘජුවම බලපෑවේ "කටුවැල්ලේගම සුරේෂ්" නමැති රැඳවියා බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන කරමින් කළ කලහකාරී හැසිරීම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (ජූලි 14) නිල වශයෙන් අනාවරණය කළේය.

මෙම මාරාන්තික නොසන්සුන්තාව සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති සියලුම රහස් විමර්ශනවල සම්පූර්ණ ප්‍රගති වාර්තාව හෙට (ජූලි 16) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා CID භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර වෙත නියෝග කළාය.

ව්‍යායාම වේලාව සහ මීගමුව ඇවිලූ සුරේෂ්ගේ භූමිකාව

මීගමුව මූලස්ථාන පොලීසිය සතුව තිබූ මෙම නඩුකරය මහේස්ත්‍රාත් නියෝග මත CIDය යටතට පවරා ගැනීමෙන් පසු අනාවරණය කරගෙන ඇති මූලික කරුණු මෙසේය.

තර්ජනය සහ ගැටුම:
කටුවැල්ලේගම සුරේෂ් නමැති සිරකරුට බන්ධනාගාරය තුළ ව්‍යායාම කිරීම සඳහා ලබා දී තිබූ කාලය ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් ඔහු එදින බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන කර තිබේ. ඉන් ඇතිවූ බහින්බස්වීම දුරදිග ගොස් රැඳවියන් සහ නිලධාරීන් අතර සමස්ත කලහය නිර්මාණය වී ඇත.

රැඳවියන් සියල්ලගෙන්ම ප්‍රකාශ:
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට නිලධාරීන් සහ සිරකරුවන් ඇතුළු 287 දෙනෙකුගෙන් කටඋත්තර ලබාගෙන ඇත. ගැටුම වන අවස්ථාවේ එහි සිටි, දැනට දිවයින පුරා විවිධ බන්ධනාගාරවලට මාරු කර යවා සිටින සියලුම රැඳවියන්ගෙන් වෙන් වෙන්ව ප්‍රකාශ සටහන් කරගැනීමට මහේස්ත්‍රාත්වරිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළාය.

ඇප ලැබුණු රැඳවියන් සිරකර තැබීමේ නීති විරෝධී අර්බුදය

CIDය අධිකරණය හමුවේ කරුණු දක්වන අතරතුර, බන්ධනාගාර බලධාරීන්ගේ පැත්තෙන් සිදුවන බරපතළ නීති උල්ලංඝනයක් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) විසින් රටට හෙළි කර තිබේ.

උසාවි නියෝග බල්ලට:
මීගමුව අධිකරණය මඟින් නීත්‍යානුකූලව ඇප ලබාදුන් රැඳවියන් අවම වශයෙන් 15 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් නිදහස් නොකර නීති විරෝධී ලෙස දිගින් දිගටම රඳවා තබාගෙන සිටිති.

සාක්ෂි යටපත් කිරීම:
මූලික ගැටුම ඇසින් දුටු සාක්ෂි යටපත් කිරීම සහ බන්ධනාගාර නිලධාරීන්ට වාසිදායක වන පරිදි බලහත්කාරයෙන් ප්‍රකාශ (Forced Statements) ලියවා ගැනීම සඳහා මෙම රැඳවියන්ව මෙලෙස නීති විරෝධී අත්අඩංගුවේ තබාගෙන සිටින බවට CPRP සංවිධානය සිය හදිසි තත්ත්ව වාර්තාව මඟින් චෝදනා කරයි.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ගේ ඍජු නියෝග මත, නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන CID විශේෂ විමර්ශන කණ්ඩායම් හෙට (ජූලි 16) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රගති වාර්තාව මත මෙම නඩුවේ ඉදිරි තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයන් තීරණය වනු ඇත.
dgu6iik789

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...