හිටපු අමාත්‍යවරයෙකු වන හරින් ප්‍රනාන්දු පසුගියදා කොළඹ අගරදගුරු අති උතුම්  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අලලා සිදුකළ ප්‍රකාශයක්

සම්බන්ධයෙන් මුළු රටේම අවධානය ඒ කෙරෙහි යොමු විය. මේ සම්බන්ධයෙන් කතෝලික සභාවේ රදගුරුවරුන්, නායක පියතුමන් ඇතුළු බොහෝ පිරිසක් මාධ්‍ය ඉදිරියේ ඔවුන්ගේ විරෝධය පළකරන ලදී.

කෙසේ වෙතත්, අපට කරුණු දැක්වූ ගරු පියතුමෙකු ප්‍රකාශ කළේ, මේ සිද්ධියත් සමග සභාව අභ්‍යන්තරයේ කිසියම් මත ගැටුමක හටගෙන ඇති බවයි.

එයට හේතු දක්වමින් ඔහු ප්‍රකාශ කලේ, රටට අධ්‍යාත්මික සහ රාජතාන්ත්‍රික මට්ටමින් විශාල සේවයක් කළ, කොළඹ හිටපු අගරදගුරු අති උතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගේ අවමඟුල් උත්සවය සඳහා රජයේ නිරෝධායන නීති නිසා, එයට අවනත වීමට සිදුවීමෙන්, ගරු පියතුමන්ලා, ඥාතින් ඇතුළු විශාල පිරිසකට අවසන් ගෞරව දැක්වීමට නොහැකි වූ නමුත්, හිටපු අමාත්‍ය තොණ්ඩමන්ගේ අවමඟුල් උත්සවය දින හයක් පුරා අමු අමුවේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින්, රටම අවදානමක දමා, පවතින රජය කිසියම් මැතිවරණ ක්‍රියාවලියක් දියත් කරනු පැහැදිලිව පෙනෙන්නට තිබියදීත් කතෝලික සභා නායකයින් නිහඬව බලා සිටීම එම මතගැටුමට පදනම් වී ඇති මූලිකම කාරණය බවයි.

එමෙන්ම,

මේ  වනතෙක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරගැනීම සඳහා කතෝලික සභාව ප්‍රමාණවත් හඬක් නොනැගීමත්,

වත්මන් රජය බලයට පත්වූ වහාම, වැලි, පස්, ගල්, කැණීමට තිබූ නීති ලිහිල් කිරීම නිසා, අද වන විට කතෝලිකයින් බහුලවම වෙසෙන ගම්පහ, මන්නාරම , ත්‍රිකුණාමලය ආදී දිස්ත්‍රික්ක වල සිදුවන මහා පරිමාණ පරිසර විනාශය ගැන, කතෝලික සභාව නිහඬව සිටීමත්,

ඇතැම් දූෂිත පූජකයින්, වතිකාණුවේ සි⁣ට පවා ලංකාවට පැමිණ, වත්මන් ජනාධිපත වරයාගේ දිවුරුම් දීම් උත්සව වලට  සහභාගී වී තිබීමත්,

වැනි කරුණු නිසා සමස්ත කතෝලික සභාවටම එල්ලවන චෝදනාව සුළුකොට තැකිය නොහැකි බව  අප වෙත අදහස් දැක්වූ පියතුමා පැවසුහ.

මෙම කරුණු නිසා, පියතුමන්ලා බොහෝ දෙනෙකු දැඩි කණස්සල්ලෙන් පසුවන බවත්, ඉදිරියේදී සභාවේ දෙදරීමක් දක්වා මෙය ඉවහල් වියහැකි බවත් එම පියතුමන් වැඩිදුරටත් කියා සිටියහ.

Nevil Joe

Nevil Joe. Shavendra

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්