ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවීමේ හැකියාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පවසයි.

අමරවීර මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ බෙලිඅත්තේ පැවති උත්සවයකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සන්ධාන මහ ලේකම්වරයා මෙසේද පැවසීය.

“ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට එකතු වීමේ අදහසක් නැහැ. එහෙම එකතුවෙයි කියලා මගේ විශ්වාසයක් නැහැ. ඒත් අපි සියළුම තීන්දු ගතයුත්තේ පක්ෂයක් විදියටයි. 

මේ නිසා කරන්න ඕන දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි තීන්දු කරන්නේ. මගේ පෞද්ගලික මතය නම් අපි දෙගොල්ලන්ට එකතුවීමේ හැකියාවක් නැ.

ඒ වගේම තමයි විවිධ පක්ෂවලින් විවිධ අපේක්ෂකයෝ ගැන කිව්වට තවමත් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් නිර්මාණය වෙලා නැහැ. ” යැයිද ඔහු වැඩිදුරටත් කීය.


'බහුජන පෙරමුණේ කෙනෙක්' 


මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසන්නේ, ඉදිරියේදී පුළුල් බහුජන පෙරමුණක් හදන බවත් එය සිදුකරන්නේ කිසිදු ආකාරයකින් මැතිවරණයක් ඉලක්ක කරගෙන නොවන බවත්ය.

කැලණිය ආසන බලමණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට ඊයේ (09)දින පස්වරුවේ එක් වෙමින් මේ බව පැවසීය.

මෙම පුළුල් පෙරමුණ නිර්මාණය කරන්නේ රටේ ඉදිරි ගමන ගැන සිතා බවත් කෙසේ වෙතත් ආණ්ඩුව කුමන මැතිවරණය ඉදිරියට ගෙනාව ද තම පක්‍ෂය ඒ සඳහා සුදානම් බවද ඔහු කියා සිටියේය. 

එසේම ආණ්ඩුව මුලින් ජනාධිපතිවරණයක් ගෙන ආවොත් ඒ සඳහා මුහුණ දීමට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් එම අපේක්ෂකයා ගොඩ නගන පුළුල් බහුජන පෙරමුණේ කෙනෙක් වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය .

(colombotrust.com)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්