සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ගත වූ පැය 24 තුළ අලූතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 60 දෙනෙකි.


ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,154 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අතරින් ප්‍රතිකාර ලබන්නේ 164 දෙනෙකු පමණයි. 1,979 දෙනෙකුම පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානය හරහා ඇතිවී තිබෙන නව කොරෝනා රෝගී පොකුර හේතුවෙන් සමාජයට වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටියි.

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වීමෙන් පසු ඔහු පුනුරුත්ථාපනය සඳහා යොමු කොට සිටි කන්දකාඩු මත්ද්‍රව්‍ය නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ සේවකයින් ගේ සිදුකළ PCR පරීක්ෂණ මගින් ආසාදිතයින් 56ක් වාර්තා වූ බවත් එය ඉදිරියේදී තවත් වැඩිවෙනු ඇති බවයි වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් සඳහන් කළේය.

එම මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි උපදේශිකාවකටද කොරෝනා රෝගය වැලදී ඇති බවට ඊයේ (ජුලි 09) දින තහවුරැ වී ඇති බව පැවසූ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා ඇය පොදු ප්‍රවාහන සේවා භාවිතා කොට ඇති බවද කියා සිටියේය.

එමෙන්ම එම උපදේශිකාව නිවසට පැමිණීමෙන් පසුව ඇයට තිබු අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ද ගොස් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවත් අසල්වැසි නිවසකට හා ඇඳුම් මසන ස්ථානයකට ද ගොස් ඇති බව කරුණු අනාවරණය වී ඇත.

මිට අමතරව එම පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන ඇතැම් අය නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මේ හේතුවෙන් වෛරසය සමාජ ගත වීමේ අවධානමක් ඇති බව කියා සිටියේය.

පුනුරුත්ථාපනය වෙමින් සිටින පුද්ගලයින්ගේ දෙමව්පියන් සහ ඥාතීන් ඔවුන් ගේ සුවදුක් බැලීමට එම මධ්‍යස්ථානය වෙත පැමිණ ගොස් ඇති බවත් එහිදී ඔවුන්ව නිසි නිරෝධායන ක්‍රියාවලියකට යොමු කොට තිබුනද එමගින් ඇතැම් විට අවධානමක් මතුවන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

 

කන්දකාඩුවේ සිටින රැඳවියන් බලන්න පැමිණි අය සොයා බුද්ධි අංශ මෙහෙයුමක් !

මේ අතර කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයටා ආගිය පිරිස් හා ඔවුන් ඇසුරු කළ පිරිස් සොයා ආරක්ෂක බුද්ධි අංශ විසින් පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. 

කොරෝනා ආසාදිත යයි හෙලි වූ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කරන ලද මාරවිල ප්‍රදේශයේ කාන්තාව ගෙන් වෛරසය සමාජගත වීමේ යම් අවදාමනම සලකා බුද්ධි අංශ විසින් ඇයගේ ගමන් බිමන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබේ.

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  අද උදැසන 'නෙත් නිවුස්' වෙත කියාසිටියේ ඇය අසුරු කළ පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳවද හදුනා ගෙන ඇති බවයි.

''යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  අද උදැසන 'නෙත් නිවුස්' වෙත කියාසිටියේ ඇය අසුරු කළ පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳවද හදුනා ගෙන ඇති බවයි.''

බුද්ධි අංශ තොරතුරුවලට අනුව, ඇය පසුගිය තුන් වෙනිදා නිවාඩු දමා තම නිවස කරා ගොස් ඇත්තේ අවස්ථාවන් කිහිපයකදීම පොදු ප්‍රවාහන සේවා බස් රථ භාවිතා කරමිනි.

පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ සිට ඇය පොළොන්නරුව බලා එහි කැබ් රථයකින් පැමිණ ඇති අතර එතැන් සිට කුරුණෑගලට බස් රථයකින් පැමිණ ඇත.

කුරුණෑගල සිට මීගමුව බලා යන බස් රථයකින් ඇය දංකොටුවට පැමිණ ඇත. නැවතත් නාත්තන්ඩිය පැමිණ ඇත්තේ තවත් බස් රථයකිනි.

නමුත් මේ සියලු අවස්ථාවන්හි දී ඇය මුඛ ආවරණයක් පැළඳ ගෙන සිටීම හේතුවෙන් වෛරසය පැතිරයාමේ යම් සීමාවක් ඇති විය හැකි යයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු සඳහන් කරයි.

දැනටමත් ඇයගේ සමිපතයන් 07 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති අතර ඇය ගිය ස්ථාන කිහපයක පිරිසද ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

මෙම තැනැත්තිය ගමන් ගත් බස් රථවල ඒ මොහොතේ සිටි පුද්ගලයන් සොයා නිරෝධායනයට ලක් කිරීම දැඩි අභියෝගයක් වී ඇති බව බුද්ධි සේවා ආරංචිමාර්ග වලින් වාර්තා වෙයි.

හලාවත, කොස්වත්ත ප්‍රදේශයේ නිවාස 10 ක පුද්ගලයින් 42 ක් ස්වයං නිරෝධායනයට ලක් කළ බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, ඔවුන් කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාව අසුරු කළ පිරිසක් බවයි.

''කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට බවට පත් කර තිබේ.''

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට බවට පත් කර තිබේ. මේ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

 

වෛද්‍ය සංගමය අනතුරු අඟවයි !

කොරෝනා රෝගීන් තවදුරටත් සමාජය තුළ සිටිය හැකි නිසා වහාම අහඹු ලෙස සමාජය තුළින් පී. සී. ආර්. පරීක්‍ෂණ සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට දන්වා සිටී.

එසේ නොකර රට තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ව්‍යාප්ත වුවහොත් එහි වගකීම සෞඛ්‍ය අංශ බලධාරීන් භාරගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සෙනාල් ප්‍රනාන්දු පැවසිය.

කොරෝනා වසංගතය ආරම්භ සමයේ ජනාධිපතිවරයා විසින් පත්කළ තාක්‍ෂණික කමිටුව සතියකට දෙවරක් පමණ රැස් වී සාකච්ඡා කර තීන්දු තීරණ ගත්තත් මේ වනවිට එම කමිටුව මාසයකට වරක් රැස්වන තත්ත්වයට පත්ව ඇතැයි ද ලේකම්වරයා කීය.

වසංගත රෝග විද්‍යා අංශයම ප්‍රකාශ කරන ආකාරයට මසකට පී. සී. ආර්. පරීක්‍ෂණ 68,000 ක් පමණ සිදුකළ යුතු බව කීවත් මේ වනවිට දිනකට එවැනි පරීක්‍ෂණ සිදුකරන්නේ 1000 ක් 1500 ක් අතර යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සෙනාල් ප්‍රනාන්දු පවසයි.

මෙම කමිටුවේදී වසංගත රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරුන්, ආරක්‍ෂක අංශ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නියෝජිතයන් ඇතුළු පිරිසක් එක් වී සාකච්ඡා කර තීන්දු තීරණ ගත් බව ද ඔහු  කියා සිටියේය.

වසංගත රෝග විද්‍යා අංශයම ප්‍රකාශ කරන ආකාරයට මසකට පී. සී. ආර්. පරීක්‍ෂණ 68,000 ක් පමණ සිදුකළ යුතු බව කීවත් මේ වනවිට දිනකට එවැනි පරීක්‍ෂණ සිදුකරන්නේ 1000 ක් 1500 ක් අතර යැයි ද සෙනාල් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්