තවත් කොවිඩ්-19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පාකිස්ථානයේ සිට පැමිණි එක් පුද්ගලයෙකු හා ඉන්දියාවේ සිට පැමිණි 9 දෙනෙකු මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

මේ අනුව අද (10) දිනයේ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 293කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2447 දක්වා ඉහළ ගොස් ඇත.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ගණන 456කි.

පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 1980කි.

අධිකරණ අමාත්‍යාංශය යටතේ පවත්වා ගෙන යනු ලබන කන්දකාඩු හා සේනපුර ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථාන දෙකේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලය 1150ක් පමණ සිටින බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

මේ වන විට එම පිරිසගේ PCR පරීක්ෂණ සිදුකර ඇති බවත් පවතින තත්ත්වය මත කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් පවතින බව යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.

 

ආසාදිතයින් කන්දකාඩු රෝහලට:

මෙලෙස හදුනා ගත් කොරෝනා ආසාදිතයින් මේ වනවිට කන්දකාඩු රෝහලට ඇතුළත් කර ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසිය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියදී නිවාඩු ගොස් සිටින නිලධාරීන් යළි මධ්‍යස්ථානය වෙත කැඳවා ගැනීම මේ වනවිට සිදුවෙමින් තිබේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීම සදහා පුද්ගලයින් 116 දෙනෙකු ඉකුත් දිනවල පැමිණ ඇති බවද මෙතෙක් සිදුකළ පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත.

ඔවුන්ද නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත්, නාත්තන්ඩිය ප්‍රදේශයට පැමිණි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ කොරෝනා ආසාදිත කාන්තාවගේ සමීපතමයින් ද නිරෝධායන ක්‍රියාවලියට යොමු කළ බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

කොරෝනා ආවේ පරීක්ෂණයේදී හසු නොවූ ආසාදිත රැඳවියෙකු ගෙන්ද?  

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළට කොරෝනා වෛරසය ඇතුළු වූයේ කෙසේ දැයි තවමත් සැක සහිත තත්ත්වයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ අද (10) පැවති මාධ්‍ය හමුවකදී එබව සදහන් කළේය.

 

පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් දස දෙනෙකු නිරෝධායනයට :

Quarantine Home

මේ අතර කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු පැල්මඩුල්ල ප්‍රදේශයේ සිය නිවෙස් වෙත පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශයේ පුද්ගලයින් දස දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇත.

 

ඒ අතරට භික්‍ෂූන් වහන්සේ පස් නමක්ද වේ.

පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය ශිරන්ති රණසිංහ පැවසුවේ කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පැමිණි නිලධාරීන් දෙදෙනා නැවත එම මධ්‍යස්ථානය වෙත ආරක්‍ෂිතව යොමුකළ බවයි.

 

අම්බලන්තොට පවුල් 03 ක සාමාජිකයන් 15 ක් නිරෝධායනයට:

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන පිරිස් සමග සබදතා පැවැත්වූ අම්බලන්තොට ප්‍රදේශයේ පවුල් 03 ක සාමාජිකයන් 15 ක් නිරෝධායනයට ලක් කර ඇත.

මෙලෙස නිරෝධායනයට ලක් කෙරුණෙ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන පුද්ගලයින් බැලීමට ගිය ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් පිරිසකි.

අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය වෛද්‍ය නිලධාරී යු. පි. මාලක සදහන් කළේ අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ නිලධාරීන් හා රැදවියන් 22 දෙනෙක්ද නිරෝධායනයට ලක් කළ බවයි.  

මෙලෙස නිරෝධායනයට ලක් කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ සිට අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයට මාරුකෙරුණු පිරිසකි.

අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැදවියන් 10 දෙනෙකු නැවත කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබු අතර ඉතිරි නිලධාරීන් හා රැදවියන් අගුනුකොලපැලැස්ස බන්ධනාගාරය තුලම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්