රජයට අයත් හෝටල් සමාගම් ඒකාබද්ධ කරමින් පිහිටුවීමට නියමිත ඒකාබද්ධ සමාගම වෙනුවෙන් ඇති කරන ගිවිසුමක් සඳහා

රුපියල් කෝටි හයසීයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබාගැනීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක්වක් ඉදිරිපත් වී ඇත.

ඒ සම්බන්ධයෙන් 'අනිද්දා' සති අන්ත පුවත්පතේ පලවී ඇති වාර්තාවක මෙසේ සඳහන් වේ.

 ''මුදල්, ආර්ථික හා ‍ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එය ජුලි 15 වනදා පැවති කැබිනට් මණ්ඩලය සාකච්ඡාවට ඉදිරිපත් කර ඇත.

රක්ෂණ සංස්ථාවෙන් එම මුදල් ලබාගැනීම සඳහා වූ අනුමැතිය කැබිනට් පත්‍රිකාවේ 6 'ඇ' හි සඳහන් වන්නේ, ''පරිච්ඡේද අංක 3 හි සඳහන් ආකාරයට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් අයිතිය දකින මව් සමාගමේ එස්කෝ ගිණුමේ රුපියල් බිලියන 6ක මුදල ක මුදලක් තැන්පත් කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට නියෝග කිරීම'' යනුවෙන් ය.

 

ලංකා බැංකුවේ අරමුදල් ද යොදවන බවට සඳහනක් :

මීට අමතරව අලුතින් පිහිටුවන මෙම ඒකාබද්ධ සමාගම සඳහා ශ්‍රී ලංකා බැංකුව ද කොටස්කාර පාර්ශවයක් වශයෙන් එක් කර ගැනීමට නියමිත අතර එම බැංකුවෙන් ද අරමුදල් සම්පාදනය කර ගන්නා බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් ය.

 එම ඒකාබද්ධ සමාගම පිහිටුවන්නේ, කැන්විල් සමූහ ව්‍යාපාරය, ග්‍රෑන්ඩ් හයට් හෝටලය අයත්  සීනෝ ලංකා හෝටලය සහ ස්පා සමාගම, හිල්ටන් හෝටලයේ අයත් හොටෙල් ඩිවලොපර්ස් (ලංකා)  පොදු සමාගම හා ග්‍රාන්ට්  ඔරියන්ටල් හෝටලය ඒකාබද්ධ කරමින් ය.

 මෙම ඒකාබද්ධ සමාගම යටතට පත්කර ඇති ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතිය සඳහා පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ දී රුපියල් බිලියන 18.5 ක මුදලක් රජයේ ආයතන තුනකින් යෝජනය කරනු ලැබූ අතර එහි දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් බිලියන 8.5 ක් ද  ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් බිලියන 5 ක් ද සේවක අර්ථ සාධක අරමුදල රුපියල් බිලියන 5ක් ද ආයෝජනය කළේය.

''මෙම ඒකාබද්ධ සමාගම යටතට පත්කර ඇති ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතිය සඳහා පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ දී රුපියල් බිලියන 18.5 ක මුදලක් රජයේ ආයතන තුනකින් යෝජනය කරනු ලැබූ අතර එහි දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් බිලියන 8.5 ක් ද  ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් බිලියන 5 ක් ද සේවක අර්ථ සාධක අරමුදල රුපියල් බිලියන 5ක් ද ආයෝජනය කළේය.''

ග්‍රෑන්ඩ් හයට් හෝටලය සඳහා එම රාජ්‍ය ආයතන ආයෝජනය කළ මුදල් වලින් හම්බන්තොට හා නුවරඑළියේ ඉඩම් මිලදී ගැනීම් ගැන පරීක්ෂණ සිදුකර නඩු පැවරීම සිදුකළ අතර ග්‍රෑන්ඩ් හයට් හෝටලයේ ඉඳිකිරීම් තවම නිවී නිමවී නැත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතිය වෙනුවෙන් සිය මුදලින් විශාල කොටසක් මේ වනවිටත් වියදම් කර තිබේ.

 නව සමාගම යටතේ ද ග්‍රෑන්ඩ් හයට් හෝටලයේ වැඩ නිමකිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සිදු සිදු කරන බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

 

සිරිනිමල් පෙරේරාට සුවිශේෂී බලයක් ඉල්ලයි !

sirinimal pereraඒ සඳහා හෝටලය ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස පත්කර ඇති හොටෙල් ඩිවලොපර්ස් සමාගමේ සභාපති සිරිනිමල් පෙරේරාට රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කිරීමට කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ඉල්ලා ඇත.

''හෝටලය ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස පත්කර ඇති හොටෙල් ඩිවලොපර්ස් සමාගමේ සභාපති සිරිනිමල් පෙරේරාට රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කිරීමට කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ඉල්ලා ඇත.''

ඊට අමතරව මෙම සමාගමේ ආයෝජන කටයුතු වලට අදාළව පහසුකම් සලසන ලෙස, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කිරීමට අනුමැතිය ලබා දෙන ලෙස ද කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලා ඇත.

(උපුටා ගැනීම - අනිද්දා සති අන්ත පුවත්පතින්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්