මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පේරාදෙණිය පාරේ පදිංචි පුද්ගලයෙකි.
මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය විසින් සිදු කළ විමර්ශනයට අනුව මෙම සැකකරු සමගින් ඔහු සතු ඩිජිටල් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබූ අතර එහිදී සැකකරු විසින් වයස අවුරුදු 18 අඩු ළමුන් 36 දෙනකුට මෙලෙස ලිංගික අපයෝජන සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.
මෙම සැකකරු තවත් පුද්ගලයන් කීපදෙනකු සමග එක්ව ලිංගික ක්‍රියාකාරකම් වීඩියෝ දර්ශනය කර ඇති බව ද අනාවරණය වී ඇති අතර අතවරයට පත් දරුවන් හඳුනා ගෙන ඉදිරි විමර්ශන සිදුකිරීම සඳහා සැකකරුට එරෙහිව පැය 72 කාලයකට රැඳවුම් නියෝග ලබා ගන්නා බවත් පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් එම සැකකරු මේ වන විට කොටහේන පොලිසියේ සිර මැදිරියේ රඳවා ඇති අතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිනී දර්ශිකා කුමාරි, එහි අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීන් ඉමේෂා මුතුමාල යන නිලධාරිනියන්ගේ උපදෙස් මත ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.
( aruna | බිමල් ජයසිංහ)
දරුවන් 36ක් අපයෝජනය කළ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට
T
The Leader Desk
February 2, 2026 • 4:26 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පේරාදෙණිය පාරේ පදිංචි පුද්ගලයෙකි.
- මෙම සැකකරු තවත් පුද්ගලයන් කීපදෙනකු සමග එක්ව ලිංගික ක්‍රියාකාරකම් වීඩියෝ දර්ශනය කර ඇති බව ද අනාවරණය වී ඇති අතර අතවරයට පත් දරුවන් හඳුනා ගෙන ඉදිරි විමර්ශන සිදුකිරීම සඳහා සැකකරුට එරෙහිව පැය 72 කාලයකට රැඳවුම් නියෝග ලබා ගන්නා බවත් පොලිසිය සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



