යුද සමයේත්, ඉන් පසුවත් නැගෙනහිර පළාතේ පුද්ගලයන් බලහත්කාරයෙන් පැහැර ගෙන අතුරුදහන් කිරීම සඳහා

රජයට සහාය වු බවට චෝදනාවට ලක්ව සිටින අතුරු සන්නද්ධ කල්ලි නායකයකුට ඡන්දය නොදෙන ලෙස බලකරමින් පැවැති විරෝධතාවයකට එරෙහිව පොලීසිය විසින් උසාවිය යොදාගෙන බාධා පමුණුවා  තිබේ.

උතුරු සහ නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ පවුල් වල ඥාතීන් විසින් ජුලි 27 සදුදා මඩකලපුවේ චෙන්කලඩි පැවැත්වු විරෝධතාවය අධිකරණ නියෝගයක් ලබා ගනිමින් එරාවුර් පොලීසිය වලක්වා ලූ බවයි  උද්ඝෝෂකයන් පවසන්නේ.

දකුණේ විවිධ උද්ඝෝෂණ අවහිරයකින් තොරව පැවැත්වීමට අවසර දී තිබියදී පොලිසිය මඩකලපුවේ විරෝධතාවට තහංචි පැනවීමට ගන්නා උත්සාහයට ඥාතීහු කෝපයෙන් හා ශෝකයෙන් යුතුව ප්‍රතිචාර දැක්වූහ.

වසර 10 ට වැඩි කාලයක්  තිස්සේ අතුරුදහන් කර  සිටින සිය සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි කරන ලෙස රජයට බලකරමින් මඩකලපුවේ චෙන්කලඩි  තැපැල් කාර්යාලය අසල  පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය පිළිබදව එරාවුර් පොලීසියත්, චෙන්කලඩි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාත් ලිඛිතව දැනුවත් කර උද්ඝෝෂණය පැවැත්වුවද පොලීසිය විසින් කලින් නොදන්වා විරෝධතා භුමියට පැමින  සිය උද්ඝෝෂණය  වැලැක්වු බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති.

The fight against disappearances

ඔවුන් පෙන්වා දෙන්නේ නිරෝධායන රීතීන් අනුගමනය කරමින් පුද්ගලයන් සිය දෙනකුගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණය සිදු කරන බව කල් වේලා ඇතිවම බලධාරීන් දැනුවත් කර තිබියදී අධිකරණ නියෝග ලබා ගනිමින් සිය විරෝධතාවය වැලැක්වීම තමන්ට සිදුවු මහත් අසාධාරණයක් බවයි.

උද්ඝෝෂණය පැවැත්වීම තහනම් කරමින් මඩකලපුව අතිරේක මහේස්ත්‍රාත් කේ. ජීවරානී විසින් ජුලි 27 නිකුත් කළ නියෝගයේ සදහන්ව ඇත්තේ එරාවුර් පොලිස් බල ප්‍රදේශය තුළ අනුමැතියකින් තොරව දින 14 ක් යනතෙක් රැස්වීම් සහ එකතුවීම් සිදු කළ නොහැකි බවයි.

නිරෝධායන හා කෝරෝනා වසංගත නීති අනුව  පා ගමන්  තහනම් බව සදහන් කරන අතිරේක මහේස්ත්‍රාත්, උද්ඝෝෂණයේ සංවිධායකට දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධයෙන්  අගෝස්තු මස 12 වැනි දින සිය අදහස් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

අධිකරණ නියෝගය පොලිස් නිලධාරීන් විසින් උද්ඝෝෂකයන්ට බාර දීමෙන් පසු උතුරු සහ නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් නායිකා අමලනායගී අමලිරාජා මාතාව ප්‍රශ්න කර ඇත්තේ රටේ පවතින  අධිකරණයෙන් තමන්ට  යුක්තිය ඉෂ්ට නොවේන්නේනම් වෙන කවුරුන් යුක්තිය ඉටුකර දේවිද යන්නයි.

''උතුරු සහ නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් නායිකා අමලනායගී අමලිරාජා මාතාව ප්‍රශ්න කර ඇත්තේ රටේ පවතින  අධිකරණයෙන් තමන්ට  යුක්තිය ඉෂ්ට නොවන්නේ නම් වෙන කවුරුන් යුක්තිය ඉටුකර දේවිද යන්නයි.''

යාපනය, මුලතිව් , කිලිනොච්චි, වවුනියා, මන්නාරම , මඩකලපුව, ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් අතුරුදහන් කරවුවන්ගේ පවුල් වල ඥාතීන්ගේ  විරෝධතාවයට සහභාගී වීම සදහා මඩකලපුවේ චෙන්කලඩි වෙත පැමිණ සිටි බව මඩකලපුව වාර්තාකරුවෝ පවසති.

"අහෝ ජාත්‍යන්තර ප්‍රජාව! අපේ ඇස් ඉදිරිපිට අපෙන් උදුරාගත් අපගේ ආදරණීයයන්ව අපි වසර දහයකට අධික කාලයක් කඳුලු පිරි දෙනෙතින් සොයමින් ඉන්නවා. යුක්තිය වෙනුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කරන්න" යනුවෙන්  දෙමළ සහ ඉංශ්‍රීසි බසින් සදහන් බැනරයක් විරෝධතා කරුවන් අත තිබෙනු දැකගත හැකිය.
විරෝධතාවයට  පොලීස් බාධා කිරීම් සිදු වන විට  අතුරුදහන් වුවන්ගේ පවුල් වල ඥාතීන්ද වේදනා භරිතව පොලීසියට විරෝධය පල  කර තිබේ.

තමන්ට පමණක් පනවන තහංචි පිළිබඳව අතුරුදහන් වුවන්ගේ ඥාතීන් කෝපයෙන් දොස් පවරද්දී, ඇතැමුන් තමන්ගේ දරුවන් ඇතුළු ආගිය අතක් නැති ඥාතීන්ගේ ඡායාරුප පොලිස් නිලධාරීන්ට පෙන්වමින් ඔවුන් සොයාගන්නට හැකිවන්නේ කවදාදැයි සෝබරව විමසනු දැකගත හැකි විය.

MR Karunaදෙමළ ජනතාවගේ අනන්‍යතාවය උකසට තබමින් මෙවන් පුද්ගලයන්ට ඡන්දය ලබා නොදන ලෙස ඉල්ලීමක්...

උතුරු සහ නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ ඥාතීන්ගේ සංගමය විරෝධතාවයට සමගාමීව නිකුත් කළ නිවේදනයක සදහන්ව ඇත්තේ, එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපතිවරයකු වන  විනායගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා සහ නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් දෙමළ ජාතියට එරෙහිව වැඩ කළ පුද්ගලයන් බවයි.

එවැනි තත්වයක් මත දෙමළ ජනතාවගේ අනන්‍යතාවය උකසට තබමින් මැතිවරණයේදී එවන් පුද්ගලයන්ට ඡන්දය ලබා නොදන ලෙස එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

විරෝධතාවයට එල්ල වන   පොලීස් බාධා කිරීම් හමුවේ උතුරු සහ නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් නායිකා අමලනායගී අමලිරාජා මාතාව සදහන් කළේ,  යුද සමයේදී සහ පශ්චාත් යුද සමයේ උතුරු සහ නැගෙනහිර සිදුවු පැහැරගැනීම සදහා රජයට සහාය ලබා දුන්නේ විනායගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා බවයි.

“2009 වේවා ඉන් පස්සේ වේවා මේ දරුවන් උස්සාගෙන ගියේ කරුණාගේ අය. පොලිසිය ආරක්ෂාව දෙන්නේ ඒ ගොල්ලන්ටයි. එයා මේවට උත්තර දෙන්න ඕනේ,” යනුවෙන් ඇය කෝපයෙන් යුතුව ප්‍රකාශ කළාය.

“2009 වේවා ඉන් පස්සේ වේවා මේ දරුවන් උස්සාගෙන ගියේ කරුණාගේ අය. පොලිසිය ආරක්ෂාව දෙන්නේ ඒ ගොල්ලන්ටයි. එයා මේවට උත්තර දෙන්න ඕනේ,” - අමලනායගී අමලිරාජා මාතාව

සිය සමීපතමයන් අතුරුදහන් කර වසර 11 ක් ගතව ඇතත් රජය මේ වන තෙක් ඔවුනට අත්වු ඉරණම හෙළි කර නොමැති බව සදහන් කරන ඇය වැඩි දුරටත් ඉල්ලා සිටියේ රජය තම දරුවන් ඉන්නේ කොහේදැයි වහාම ප්‍රකාශයට පත් කළ යුතු බව වැඩිදුරටත් කියා සිටියාය.

කරුණා නමින් ප්‍රකට විනායගමුර්ති මුරලිදරන්ගේ නායකත්වයෙන් යුත් TMVP අතුරු හමුදා කල්ලි  ශ්‍රී ලංකා රජයේ ආරක්ෂාව සහිතව පැහැරගැනීම් හා නඩු නැති ඝාතන සිදු කළ බවට  විශ්වසනීය තොරතුරු ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ මානව හිමිකම් සංවිධාන විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති ලේඛන වල සඳහන් වුනත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක්  ගෙන නැත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්