2020 වසරේ ශ්‍රී ලංකාවේ පලවෙනි කාර්තුවට අදාල දළ දේශීය නිෂ්පාදිත (Gross domestic product, GDP)  සඳහන් වාර්තාව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ මාධ්‍ය

රාත්‍රී ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදනය සෘණ 1.6 ක් ලෙස වාර්තාවේ.

දළ දේශීය නිෂ්පාදිතය (Gross domestic product, GDP) යනු රටක නිශ්චිත කාල සීමාවක් තුළ නිපදවන සියලුම භාණ්ඩ හා සේවා වල වෙළඳපල වටිනාකම පිළිබඳ වටිනාකමයි.

සෑම වසරකම පළමු කාර්තුවට අදාල දළ දේශීය නිෂ්පාදනය වාර්තාව කාර්තුව අවසන් වී උපරිම වශයෙන් දින 75ක් තුලදී එනම්, ජුනි මැදට පෙර ප්‍රකාශයට පත් කිරීම මෙතෙක් අනුගමනය කල රීතියයි.

කොරෝන වසංගත තත්ත්වය තුල යම් පමාවක් සිදුවී නම් අඩුම තරමින් එම වාර්තාව ජුලි මැද හෝ ප්‍රකාශයට පත්කළ යුතු විය. 

WhatsApp Image 2020 08 05 at 8.03.19 AM
එහෙත් ආණ්ඩුවේ ඉහලින් ලැබුන නියෝගයක් මත එම වාර්තාව මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු නිමවන තෙක් ප්‍රකාශයට පත් නොකිරීමට පියවර ගෙන තිබිණ. 

ඒ අනුව එම වාර්තාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ඊයේ රාත්‍රී 10 රුපවාහිනී පුවත් විකාශයන්ට ද පසුවය. ඒ, ආණ්ඩුවේ නොහැකියාව විපක්ෂයේ ප්‍රචාරක වාසියක් වීම වලක්වා ගැනීම සඳහාය.

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව, අගමැති මහින්ද රාජපක්ෂගේ මුදල් අමත්‍යංශය යටතේ පවතින රාජ්‍ය ආයතනයකි.

ආණ්ඩුවේ නොහැකියාව හා අදුරදර්ශී මුල්‍ය කළමනාකරණය :

මෙසේ දළ දේශීය නිෂ්පාදනය සෘණ අගයක් ගැනීමට කොරෝනා වසංගත තත්වයේ කිසිඳු බලපෑමක් නොමැත. අපේ රටේ පළමු කාර්තුව ලෙස සලකන්නේ ජනවාරි 01 දින සිට මාර්තු 31 වෙනිදා දක්වා කාලයයි. කොවිඩ් වසංගත තත්වය නිසා රට සති කිහිපයකය අක්‍රිය වුයේ 2020 මාර්තු 20 වන දිනෙන් පසුවය.

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වූ වහාම ක්‍රියාත්මක කළ අදුරදර්ශී මුල්‍ය කළමනාකරණයේ බරපතල ප්‍රතිවිපාක ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කළ වාර්තාවෙන් ද තහවුරු වේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්