2020 මහ මැතිවරණයේ සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 71% ක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.


ඔහු මේ බව පැවසුවේ ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ අද (අගෝස්තු 05) සවස පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

අද (අගෝස්තු 05) උදෑසන 07:00 න් ආරම්භ වූ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සවස 05:00 න් නිම විය.

පැය 10ක් පුරා පැවති මෙම ඡන්ද විමසීමේ දී දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශකිරීමේ ප්‍රතිශතය සියයට හැත්තෑව ඉක්මවා ගොස් තිබුණි. අඩුම ප්‍රතිශතය මෙවර වාර්තා වී තිබුණේ කුරුණෑගල, ගාල්ල, පුත්තලම දිස්ත්‍රික්කවලිනි.

ඒ අනුව දිවයිනේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතයන් මෙසේ ය.

කොළඹ දිස්ත්‍රික්කය – 72%
ගම්පහ දිස්ත්‍රික්කය – 69%
කළුතර දිස්ත්‍රික්කය – 71%
මහනුවර දිස්ත්‍රික්කය – 71%
නුවරඑළිය දිස්ත්‍රික්කය – 75%
මාතලේ දිස්ත්‍රික්කය – 71%
ගාල්ල දිස්ත්‍රික්කය – 69%
මාතර දිස්ත්‍රික්කය – 71%
හම්බන්තොට දිස්ත්‍රික්කය – 73%
අනුරාධපුර දිස්ත්‍රික්කය – 71%
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 71%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 74%
මඩකලපුව දිස්ත්‍රික්කය – 72%
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය – 72%
බදුල්ල දිස්ත්‍රික්කය – 74%
මොනරාගල දිස්ත්‍රික්කය – 74%
වන්නි දිස්ත්‍රික්කය – 73%
යාපනය දිස්ත්‍රික්කය – 69%
කුරුණෑගල දිස්ත්‍රික්කය – 69%
පුත්තලම දිස්ත්‍රික්කය – 63%
රත්නපුර දිස්ත්‍රික්කය – 73%
කෑගල්ල දිස්ත්‍රික්කය – 71%

 

පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට පස්වරු 2 ට

මහ මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට(06) පස්වරු 2.30 පමණ වනවිට නිකුත් කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසිය.

අගෝස්තු 05 දින පැවති මෙම මහ මැතිවරණය ඉතිහාසයට එකතු වන්නේ වසංගත තත්ත්වයක් මැද, නිරෝධායන නීති යටතේ පැවති ශ්‍රී ලංකාවේ පළමු මැතිවරණය ලෙසිනි.

 

ඡන්ද පෙට්ටි ගෙන යාමේ කටයුතු ඇරඹේ

Galleගාලලේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත ඡන්ද පෙට්ටි ගෙන ආ ආකාරය (ජායා BBC සිංහල සේවය)

දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ඡන්ද පෙට්ටි, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදු වෙමින් පවතී.

එසේ ගෙන යනු ලබන ඡන්ද පෙට්ටි, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දැඩි රැකවල් මධ්‍යයේ තබා තැබීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, හෙට දිනයේ දී (අගෝස්තු 06) උදෑසන ඡන්ද ගණන් කිරීම ආරම්භ කෙරේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්