තමන්ට ලබාදුන් අමාත්‍යංශය දෛවයේ සරදමක් බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමති

රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

පළාත් සභා සඳහා විරුද්ධ වූ පුද්ගලයෙක් ලෙස තමනට මෙම අමාත්‍යංශය ලැබීම දෛවයේ සරදමක් වන නමුත් කිසිසේත්ම පොලිස් සහ ඉඩම් බලතල පලාත් සභාවලට ලබා නොදෙන බව ඔහු අවධාරණය කර සිටියි.

සිය අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ මේ බව කියා සිටියේය.

 

විමල්ගේ ජාතික සංවිධානවල විරෝධය

උතුරට පොලිස් – ඉඩම් බල තල නොදෙන බවට රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති කැබිනට් අමාත්‍ය විමල් විරවංශගේ 'ජාතික සංවිධාන' ජාලයේ ප්‍රධානි වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසන්නේ, සරත් වීරසේකර පොලිස් බලතල ගැන කියන කතාව දේශපාලනික වශයෙන් අතිශයින්  බරපතල බවයි.

වර්තමාන ව්‍යවස්ථා සංශෝධන කථිකාව තුල සරත් වීරසේකර රාජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය වැදගත් නොවේද යන ප්‍රශ්නය  Lanka Lead News විසින් කල විමසීමක දී වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙසේ පවසයි.

lead 2

''එතුමාගේ ප්‍රකාශය මගින් මහජනයා තුල ව්‍යාජ සුභවාදී මනසක් ඇතිවෙනවා. මේ වනතුරු පළාත්සභාවලට පොලිස්–ඉඩම් බලතල ලබා දීල නැහැ. වර්තමාන ආණ්ඩුව කොහොමත් දෙන්නේ නැහැ වැනි මතයක් තමයි හැදෙන්නේ. එවිට ඒ බලතල දෙන්නේ නැතිව වෙන සුළු දෙයක් දුන්නට කමක් නැහැ වැනි මනසක් ඇති වෙනවා. ඒක හරිම භයානකයි. ''

ඇත්ත තත්වය අනුව දැනටමත් පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බල තල දීල තියෙන්නේ. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි පවා ව්‍යවස්ථාවට ඇතුල් කරල තියෙන්නේ. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙන්නේ ඊට අදාල ප්‍රඥප්ති සම්මත කිරීමට ආණ්ඩුකාරවරයා විසින් ඉඩ නොදීම නිසා.

ඒ අනුව ඉතා සුළු සංශෝධනයකින් ආණ්ඩුකාරවරයා මහ ඇමතිගේ අනුකම්පාවට යටත් කළොත් ඉඩම් පොලිස් බල තල නිකම්ම ලැබෙනවා විශේෂයෙන් දෙන්න ඕන නැහැ.”

''සරත් වීරසේකරගේ ප්‍රකාශය මගින් මහජනයා තුල ව්‍යාජ සුභවාදී මනසක් ඇතිවෙනවා. මේ වනතුරු පළාත්සභාවලට පොලිස්–ඉඩම් බලතල ලබා දීල නැහැ. වර්තමාන ආණ්ඩුව කොහොමත් දෙන්නේ නැහැ වැනි මතයක් තමයි හැදෙන්නේ. එවිට ඒ බලතල දෙන්නේ නැතිව වෙන සුළු දෙයක් දුන්නට කමක් නැහැ වැනි මනසක් ඇති වෙනවා. ඒක හරිම භයානකයි. ''

පසුගිය මහ මැතිවරණයේදී විමල් විරවංශ හා සරත් වීරසේකර යන දෙදෙනාම 'පොහොට්ටුව' ලකුණ යටතේ කොළඹ දිස්ත්‍රීක්කයට තරඟ කළ අතර එහිදී විමල් විරවංශ, බැසිල් රාජපක්ෂගේ සහය ලද සරත් විරසේකරට 'සෙකන්ඩ්' විය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image