The Leader News
BREAKING
Top Ad
පුවත්

'මලෛයහ තමිල් ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා වූ ජනතා සමුළුව පෙබ. 4

T

The Leader Desk

January 21, 2026 • 4:30 PM

'මලෛයහ තමිල් ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා වූ ජනතා සමුළුව පෙබ. 4

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙබරවාරි 4 දා පැවැත්වීමට නියමිත ජනතා සමුලුව ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවක් අද ( 2026.
  • දින දවල් 12.00ට කොළඹ මහජන පුස්තකාලයේ දී පැවැතිවිණි.
  • සම අයිතිය ව්‍යාපාරය සහ සමාජ සාධාරණත්වය උදෙසා ජනතා ව්‍යාපාරය එය සංවිධානය කර තිබූ අතර වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන ගණනාවක් එයට සහභාගී විය.
  • 'මේ ආණ්ඩුවත් අද වතු හාමුපුත්තුන්ගේ පදයට නටන අතකොලු බවට පත් වෙලා' - ඉන්ද්‍රානන්ද ද සිල්වා | එහිදී අදහස් දැක්වූ සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා ''පෙබරවාරි 4 වෙනිදා හැටන්වලදි මලහෛ තමිල් ජනතාවගේ සමුළුව පැවැත්වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙබරවාරි 4 දා පැවැත්වීමට නියමිත ජනතා සමුලුව ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවක් අද ( 2026. 01. 21 ) දින දවල් 12.00ට කොළඹ මහජන පුස්තකාලයේ දී පැවැතිවිණි.

සම අයිතිය ව්‍යාපාරය  සහ සමාජ සාධාරණත්වය උදෙසා ජනතා ව්‍යාපාරය එය සංවිධානය කර තිබූ අතර වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන ගණනාවක් එයට සහභාගී විය.


'මේ ආණ්ඩුවත් අද වතු හාමුපුත්තුන්ගේ පදයට නටන අතකොලු බවට පත් වෙලා' - ඉන්ද්‍රානන්ද ද සිල්වා
cxvxvd| එහිදී අදහස් දැක්වූ සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා
''පෙබරවාරි 4 වෙනිදා හැටන්වලදි මලහෛ තමිල් ජනතාවගේ සමුළුව පැවැත්වෙනවා. අපි දන්නවා මලහෛ තමිල් ජනතාව වසර 200ක් පුරා වහල් ජීවිතයක් තමයි ලංකාව ඇතුළේ ගතකලේ. තොණ්ඩමන්ලගේ ඉඳන් සියලු දේශපාලකයන් ඔවුන්ව පාවිච්චි කළා. වර්තාමන ආණ්ඩුව පවා බලයට ආවේ වතුකරයේ ජනතාවට පොරොන්දු රැසක් ලබා දෙමින්. ඒ පොරොන්දු එක්ක තමයි අම්බිගා වගේ කාන්තාවන්ට පාර්ලිමේන්තු එන්න පුලුවන් කම ලැබුණේ. නමුත් අදටත් ඔවුන්ගේ ඒ ඉල්ලීම් ඉටු කරන්න මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ. වතු කම්කරුවන් විදිහට ඔවුන් ලංකාවට ඇවිත් දැන් අවුරුදු 200කට වැඩියි. නමුත් අදටත් ඒ ජනතාවට ඉඩමක් නිවසක් නැහැ. ජීවත් වෙන්න ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැහැ. ලංකාවේ පුරවැසියෙක් විදිහට ලැබිය යුතු අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු මූලික අයිතීන් කිසිවක් ඔව්න්ට ලැබෙන්නේ නැහැ. මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්.


අපි දන්නවා මේ මලහෛ තමිල් ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් එදා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සටන් බිමට ආවා. ඒ සටන්වල ප්‍රතිඵලයක් විදිහට යම් අයිතිවාසිකම් ප්‍රමාණයක් දිනාගන්න පුලුවන් වුණා. හැබැයි අදටත් මලහෛ තමිල් ජනතාවගේ අයිතිවාසිකම් ඔවුන්ට ලැබිලා නැහැ. ඡන්දෙට කලින් වතු ප්‍රදේශවලට ඇවිත් අනුර දිසානායක ජනාධිපතිවරයා පොරොන්දු වුණේ සියලු වතු කම්කරුවන්ට ජීවත් වෙන්න ඉඩමක් නිවසක් ලබා දෙනවා කියලා. හැබැයි කයිවාරු ගැහුවට මාලිමා ආණ්ඩුව කිසිවක් කරලා නෑ.


අපි සම අයිතිය ව්‍යාපාරය විදිහට මලහෛ තමිල් ජනතාවගේ අයිතිවාසිකම් ලබා දෙන්න කියලා මේ ආණ්ඩුවට ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළා. හැබැයි ඒ එකකටවත් ආණ්ඩුවෙන් උත්තරයක් ලැබුණේ නෑ. පසුගිය දවසක දෙමළ පුද්ගලයෙක් තමන්ගේ ප්‍රශ්නයක් කියන්න රජයේ ආයතනයකට කතා කළාම ඔවුන් අහල තියෙන්නේ ඉංග්‍රීසි දන්නේ නැද්ද කියලා. අඩුමතරමින් දෙමළ ජනතාවට තමන්ගේ භාෂාවෙන් ප්‍රශ්නයක් විසඳගන්න තියන අයිතියවත් තවම ලැබිලා නැහැ. පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් පවා වැඩිම විනාශයක් සිදු වුණේ මලහෛ තමිල් ජනතාවට. ඔවුන් ඉන්න ලයිම් නිවාස විශාල ප්‍රමාණයක් නාය ගියා. රැකියා අහිමි වුණා.

මෙහෙම තත්වයක් එක්ක තමයි මලහෛ තමිල් ජනතාවගේ සමුළුව පවත්වන්න අපි සූදානම් වෙන්නේ. මලහෛ තමිල් ජනතාවගේ ඉඩම් අයිතිය නිවාස අයිතිය සහ ඔව්න්ට ප්‍රමාණවත් මාසික වැටුපක් ලැබෙන්න ඕන. ඒ වගේම තමයි ඔවුන් ලංකාවේ පුරවැසියන් විදිහට සහ ජාතියක් විදිහට පිළිගන්න ඕන. අන්න ඒ ඉල්ලීම් එක්ක තමයි මේ සමුළුව පැවත්වන්න අපි කටයුතු කරන්නේ. අපි දන්නවා 1972 පනතට අනුව වතු කම්කරුවන්ට නිවසක් තනා ගන්න ඉඩමෙන් 1/8ක ප්‍රමාණයක් දිය යුතුයි. නමුත් ඒ අයිතිය අදටත් ලැබිලා නැහැ. අදටත් මලහෛ තමිල් ජනතාව ඉන්නේ වතු හාමුපුත්තුන්ගේ ග්‍රහණයේ. ඔවුන් මේ ජනතාව සූරාකමින් විශාල ලාභයක් උපයනවා. ආණ්ඩුව පවා අද මේ වතු හාමුපුත්තුන්ගේ පදයට නටන අතකොලු බවට පත් වෙලා.


නමුත් අපි සූදානම් නැහැ පරාජය බාර ගන්න. මලහෛ තමිල් ජනතාවගේ ඉඩම් නිවාස ඇතුළු මූලික අයිතිවාසිකම් දිනාගන්නකල් සඨන් කරන්න අපි සූදානම්. ඒ සටනත් එක්ක එකතුවෙන්න කියලා අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා. "


'මලහෛ තමිල් ජනතාවගේ නිදහස කෝ ? කියන ප්‍රශ්නය අරගෙන අපි පාරට බහිමු'- ළහිරු වීරසේකර

xvsdfsee| මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ Youth For Chenge සංවිධානයේ සංවිධායක ලේකම් ළහිරු වීරසේකර
" පසුගිය දවසක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට කිව්වා මේ රටේ ආර්ථිකය දැන් ශක්තිමත් වෙලා තියෙන්නේ භාණ්ඩාගාරය උතුරා යමින් තියනවා කියලා. හැබැයි ලංකාවේ ආර්ථිකයට ප්‍රධාන මැදිහත්වීමක් කරන මේ රටට විදේශ විනිමය ගෙන ඒම සඳහා තමන්ගේ ශ්‍රමය වැය කරන කොටින්ම තමන්ගේ ජීවිතය පවා පරදුවට තියපු ජනතාවක් ඉන්නවා මලහෛ තමිල් එහෙම නැත්තම් වතු කම්කරු ජනතාව නමින්. අද ඊයේ නෙවෙයි දැන් අවුරුදු 200ක් තිස්සේ ඔවුන් මේ රටේ ආර්ථිකය ගොඩ දාන්න කඹුරනවා. හැබැයි කියන්න කණගාටුයි අදටත් ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න තමන්ට කියලා ඉඩමක් නිවසක් නැහැ. ජීවත් වෙන්න ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ දරුවන්ට පහසුකම් සහිත ඉස්කෝලයක් නැහැ. ලෙඩක් වුණාම බෙහෙතක් ගන්න රෝහලක් නැහැ.


එහෙම තත්වයක් තියෙද්දි තමයි රටේ ජනාධිපතිවරයා තමන් දීපු පොරොන්දුවලින් 10/30 ක් ඉෂ්ට කළා කියලා කැම්පේන් කරමින් යන්නේ. ඒ කරපුවා මොනවද කියලා හොයල බැලුවා වෙනදා ආණ්ඩු වගේම රුපියල් 5000 ඒවා 10000 ඒවා බෙදපුවා තමයි කරලා තියෙන්නේ.


 හැබැයි  රටට ඩොලර් ටික හොයලා දෙන්න අවුරු 200ක් තිස්සේ කඹුරපු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1750ක් කරන වැඩේ තවම කරලා නැහැ. දැන් මේ අවුරුද්දේ ඔය 1750 දෙන්නං කියලා තමයි මේගොල්ලො ආණ්ඩුව ඇදගෙන යන්න සූදානම් වෙන්නේ. හැබැයි අපි දන්නවා පසුගිය කාලේ වතු කම්‍කරු වැටුප රුපියල් 1000ක් කරගත්‍තෙත් සඨන් කරලා. දැන් 1750 කරද්දි ඒකෙන් 200ක් තියෙන්නේ පැමිණීමේ දීමනාවක් විදිහට. හැබැයි වතු කම්කරුවෝ ඉල්ලුවේ ඒක නෙවෙයි. ඔවුන් ඉල්ලුවේ දෛනික අවම වැටුප රුපියල් 2000ක් කරන්න කියලා. හරි නම් මේ බදු බරත් එක්ක ඒ ගාණත් ජීවත් වෙන්න ප්‍රමාණවත් නැහැ.  

අද බදුල්ලෙන් නුවරඑළියෙන් පාර්ලිමේන්තු ආව සමන්ත විද්‍යාරත්නලට අම්බිගලාට තමන් ආවෙ මොකටද කියලා මතක නැහැ. මේ මලහෛ තමිල් ජනතාව තමයි ඔවුන්ව පාර්ලිමේන්තු එව්වේ. ඒ එව්වේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගයි කියන බලාපොරොත්තුවෙන්. හැබැයි ඒක කරන්නෙ නැතුව අද සමන්ත විද්‍යාරත්නලා අපි වතු කම්කරුවගේ මාසික වැටුප දහදාහක් කළා කියලා බොරු කියමින් යනවා. මේ මිනිස්සුන්ට මාසික වැටුපක් ලැබෙන්නෙ නැහෑ කියලා ඔහුට අමතක වෙලා.


අනික් පැත්තෙන් විපක්ෂය දැන් කිඹුල් කඳුළු හෙලමින් යනවා. ඒ කිඹුල් කඳුළු හෙලන අය තමයි ඡන්ද ටික ගන්න විතරක් මේ ජනතාවගේ බලාපොරොත්තු හීන අමු අමුවේ පාවිච්චි කළේ. හැම පෙබරවාරි 4 වෙනිදාකම ඔය කියන විපක්ෂයේ අය ආණ්ඩු කරද්දි අභිමානයෙන් නිදහස සැමරුවා. ඒගොල්ලන්ව එලවලා බලයට ගෙනාව මේ ආණ්ඩුවත් මේ පෙබරවාරි 4 වෙනිදා සූදානම් වෙනවා නිදහස සමරන්න. හැබැයි අදටත් නිදහස අහිමි කරපු වතු කම්කරු ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. අපි දන්නවා පසුගියා ආපදාව වෙලාවේ වැඩියෙන්ම හානි වුණේ මේ වතු කම්කරුවන්ගේ ලැයින් නිවාස. හැබැයි නිත්‍යානුකූල ඔප්පුවක් නැති නිසා අද ඔවුන්ට ආණ්ඩුවෙන් දෙන සහන ටිකවත් ලබා ගන්න විදිහක් නැතිවෙලා.

 

කොහොමත් ඔය ගෙවල් කැඩෙන්න පටන් ගත්තේ දිට්වා ඇවිල්ලා නෙවෙයි. අවුරුදු 200ක් තිස්සේ මේ ලැයින් නිවාස තිබුණේ කැඩි කැඩී තමයි. ඒ කඩා වැටෙන ගෙවල්වල ඉන්න මිනිස්සුන්ට ගෙයක් හදල දෙන්න ඒකෙ අයිතිය තහවරු කරන්න අවශ්‍ය නීති ටික සම්පාදනය කරන්නවත් 159ක් මන්ත්‍රීදුර තියන ආණ්ඩුවට හැකියාවක් නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුවත් අසමත් කියලා.

ඒ නිසා මේ රටේ කහට උගුරක් හරි බීපු මනුස්සයෙක් ඉන්නවනං පෙබරවාරි 4 වෙනිදා එන්න හැටන් නගරයට. මලහෛ තමිල් ජනතාවගේ නිදහස කෝ ? කියන ප්‍රශ්නය අරගෙන අපි පාරට බහිමු. ඒ සටන ඇතුළේ විතරයි ඒ ජනතාවට අයිතිවාසිකම් දිනා දෙන්න පුලුවන් වෙන්නේ. "

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'මලෛයහ තමිල් ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා වූ ජනතා සමුළුව පෙබ. 4 | The Leader