The Leader News
BREAKING
Top Ad
පුවත්

අකුරේගොඩ නීතිඥයා සහ බිරිඳ ඝාතන සිද්ධියට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

T

The Leader Desk

February 16, 2026 • 6:51 AM

අකුරේගොඩ නීතිඥයා සහ බිරිඳ ඝාතන සිද්ධියට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලීසිය සඳහන් කළේ, සැකකරුවන්ට නවාතැන් ලබාදීම, ගිනි අවි ප්‍රවාහනය කිරීම හා මත්ද්‍රව්‍ය ලබාදීම සම්බන්ධයෙන් සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
  • බද්දේගම ප්‍රදේශයේ ගිණි තබා තිබියදී සොයා ගැනුණ ඝාතකයින් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ඉදිරි විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
  • සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 12 ක් මගින් විමර්ශන ක්‍රියාත්මකවේ.
  • නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ පසුගිය කාල සීමාවන් තුළ දේශපාලන අරමුණු වෙනුවෙන් පෝෂණය කළ පාතාලය හා මැර කල්ලි සිවිල් වැසියන්ගේ අයිතිවාසිකම් හා අධිකරණ පද්ධතියට එල්ල කරන අභියෝග දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


පොලීසිය සඳහන් කළේ, සැකකරුවන්ට නවාතැන් ලබාදීම, ගිනි අවි ප්‍රවාහනය කිරීම හා මත්ද්‍රව්‍ය ලබාදීම සම්බන්ධයෙන් සැකපිට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

බද්දේගම ප්‍රදේශයේ ගිණි තබා තිබියදී සොයා ගැනුණ ඝාතකයින් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ඉදිරි විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

තලංගම, අකුරේගොඩදී වෙඩි තබා නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිද ඝාතනය කෙරුණේ පසුගිය සිකුරාදා පස්වරුවේය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 12 ක් මගින් විමර්ශන ක්‍රියාත්මකවේ.

නීතිඥ බුද්ධික මල්ලවආරච්චි හා ඔහුගේ බිරිද ඝාතනය කිරීම පිළිබඳව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ද සංවේගය පලකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ පසුගිය කාල සීමාවන් තුළ දේශපාලන අරමුණු වෙනුවෙන් පෝෂණය කළ පාතාලය හා මැර කල්ලි සිවිල් වැසියන්ගේ අයිතිවාසිකම් හා අධිකරණ පද්ධතියට එල්ල කරන අභියෝග දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

එම ඝාතන සිද්ධියට විරෝධය පලකරමින් අද(16) දිනයේ දීපව්‍යාප්තව සියලු අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ  සභාපති රජීව් අමරසූරිය සඳහන් කළේ ය.

වෙඩි තැබීමට හේතුව සංවිධානාත්මක කල්ලි අතර ගැටුම් ද?

අකුරේගොඩ ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කෙරුණු නීතිඥවරයා සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතාව පවත්වා ඇති බවට පොලිසිය විසින් කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ප්‍රකාශ කරයි.

 

ඊයේ (15) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී මාධ්‍යවේදියකු විමසු පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

 

"ඔබ සඳහන් කළ පරිදි මම දැක්කා මාධ්‍ය ඔස්සේ ගොඩක් .... මේ තොරතුරු...... විකාශනය වෙනවා. මෙම නීතිඥවරයාගේ මේ ඔබ සඳහන් කළ ආකාරයේ සම්බන්ධතා සම්බන්ධයෙන්. නමුත් විමර්ශන භාරව කටයුතු කරන්නේ මම ප්‍රධාන වශයෙන් මම. ඊට පස්සේ නියෝජ්‍ය පොලිස්පති බස්නාරහිර පලාත දකුණ. විශේෂ කාර්ය බලකායත්. ඒ වගේම අපේ අනෙකුත් බුද්ධි අංශ ඇතුළුව කණ්ඩායම් 12ක් මේ අපරාධය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා විසඳගන්න. නමුත් අපි කිසිම අවස්ථාවක පොලිසිය වශයෙන් මේ වගේ නිවේදනය නිකුත් කරලා නැහැ. ජනමාධ්‍ය ඔස්සේ මම දැක්කා මේවා ප්‍රචාර වෙනවා. නමුත් අපි ඒවා ජනමාධ්‍යය සමාජ මාධ්‍යය හෝ වෙනත් විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යය වලින් විකාශන දේවල් අපි අධ්‍යයනය කරනවා. හැබැයි 100ට 100ක්ම ඒවා ඒ ආකාරයෙන් අපි අනුමත කරන්නෙත් නැහැ. බැහැර කරන්නෙත් නැහැ. "

 

ඝාතනයට ලක් වූ නීතිඥවරයා සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කරන්දෙණිය සුද්දා නමැත්තාගේ නීතිඥවරයා බවටත් ඔහු පිළිබඳව වෙනත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන තැනැත්තෙකුට තොරතුරු ලබා දීම හේතුවෙන් කරන්දෙණිය සුද්දා මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටත් පොලිසිය පැවසූ බව ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණු අතර මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් විමසීමේදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත කියා සිටියේ,

 

"අපි පොලිසිය වශයෙන් කිසිම මාධ්‍ය ප්‍රකාශකතුමා හෝ මම හෝ වෙන කිසිම නිලධාරියෙක් එවැනි නිවේදන නිකුත් කරලා නැහැ," යනුවෙනි.

 


සබැඳි පුවත් :

අපරාධ සහ මාධ්‍ය අතර සම්බන්ධය | Samabima Party

මාලිමා නීතිඥයින් පෙන්වන්නේද ආණ්ඩුවේ නොහැකියාවයි... | Shiral Lakthilaka

'දවසින් දවස ජනතාවගේ ආරක්ෂාව නැතිවෙමින් යනවා ; පාස්කු ප්‍රහාරයට අදාළ නඩුව සැක කටයුතුයි'  - ජන අරගල සන්ධානය


රටපුරා නීතිඥයෝ හෙට (16)  අධිකරණ කටයුතුවලින් බැහැරවීමට තීරණයක්

මෙම වසරේ දැනට වෙඩි තැබීම් 09 ක් ; 'පාර රාජ්‍යයේ ලේ පිපාසිතයින්ගේ යුගය ඉවර කරන වේගය වැඩි කරන්න' - මාලිමා නීතිඥයෝ කියති

 'රටේ ආරක්ෂාව ගැන ගැටලුවක් තියෙනවා' ! - වසර 14කට පසුව නීතිඥ සංගමය මහ සභා රැස්වීමක් කැඳවයි

අකුරේගොඩ දී නීතිඥයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 10ක්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...