The Leader News
BREAKING
Top Ad
පුවත්

කාන්තා කොමිසම මාස 4ක් අක්‍රීයයි ! - චමින්ද්‍රානි කිරිඇල්ල

T

The Leader Desk

February 16, 2026 • 4:30 PM

කාන්තා කොමිසම මාස 4ක් අක්‍රීයයි ! - චමින්ද්‍රානි කිරිඇල්ල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල අද (16) පැවසුවාය.
  • කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ එහි හිටපු සභාපතිනිය ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව පිරවීමට හෝ කොමිසම පවත්වාගෙන යාමට රජය මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.
  • ''කාන්තා කොමිසමට මුදල් වෙන් නොවී අක්‍රිය වූයේ ආණ්ඩුවේ නොසැලිකම නිසා.'' ''ජනාධිපති තුමනි, සභාපති කෙනෙක් ඉක්මනින් පත් කරන්න'' මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය මෙසේ ද සඳහන් කළාය.
  • “කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන ආණ්ඩුව වේදිකාවල ලොකුවට කතා කළත්, ජාතික කාන්තා කොමිසම පවත්වාගෙන යන්න 2025 අයවැයෙන් රුපියලක්වත් වෙන් කරලා නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල අද (16) පැවසුවාය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ එහි හිටපු සභාපතිනිය ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව පිරවීමට හෝ කොමිසම පවත්වාගෙන යාමට රජය මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.


''කාන්තා කොමිසමට මුදල් වෙන් නොවී අක්‍රිය වූයේ ආණ්ඩුවේ නොසැලිකම නිසා.''
''ජනාධිපති තුමනි, සභාපති කෙනෙක් ඉක්මනින් පත් කරන්න''


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය මෙසේ ද සඳහන් කළාය.

“කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන ආණ්ඩුව වේදිකාවල ලොකුවට කතා කළත්, ජාතික කාන්තා කොමිසම පවත්වාගෙන යන්න 2025 අයවැයෙන් රුපියලක්වත් වෙන් කරලා නැහැ. කොමිසම ගැන ජනාධිපති ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවට විෂයභාර අග්‍රාමාත්‍යවරිය සහභාගී නොවීමෙන්ම පෙනෙනවා මේ පිළිබඳව රජයේ ඇති උනන්දුව. ආණ්ඩුව තුළ කිසිදු සම්බන්ධීකරණයක් නැති බවත්, කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ඔවුන්ගේ ප්‍රමුඛතාවක් නොවන බවත් මෙයින් පැහැදිලි වෙනවා.”

හිටපු සභාපතිනිය අත්දැකීම් සහිත දක්ෂ නිලධාරිනියක බැවින් ඇයව නැවත පත් කර හෝ සුදුසු අයෙකු යොදවා මෙම කොමිසම වහාම සක්‍රීය කරන ලෙසත්, රටේ කාන්තාවන් වෙනුවෙන් ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙසත් මන්ත්‍රීවරිය මෙහිදී රජයෙන් ඉල්ලා සිටියාය.


| lankalokaya

සබැඳි පුවතක් :

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනි රමණි ජයසුන්දර ඉල්ලා අස්වෙයි!


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...