The Leader News
BREAKING
Top Ad
පුවත්

ශිරන්ති රාජපක්ෂ පැය 4කට පසු FCIDයෙන් පිටව යයි

T

The Leader Desk

February 3, 2026 • 10:19 AM

ශිරන්ති රාජපක්ෂ පැය 4කට පසු FCIDයෙන් පිටව යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිදුකෙරෙමින් පවතින විමර්ශන කිහිපයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබුණේ අද (03) උදෑසන 9.30ට පමණය.
  • ශිරන්ති රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුගේ බද්ධ ගිණුමක් ලෙස රාජ්‍ය බැංකුවක සුදුවැල්ල ශාඛාවේ මෙම ගිණුම ආරම්භ කර තිබූ අතර, එහි ශිරන්ති රාජපක්ෂගේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන්කර තිබුණේ, 222 222 222V ලෙස ය.
  • එම ගිණුම හරහා සැකකටයුතු ගනුදෙනු රැසක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, 2015 වසරේදී ජූනි 1 වන දා ශිරන්ති රාජපක්ෂගෙන් එවකට කතානායකවරයාගේ නිල නිවසේදී ප්‍රකාශයක් ලබා ගෙන තිබිණි.
  • ශිරන්ති රාජපක්ෂ ඉකුත් ජනවාරි 27 වැනිදා ද ප්‍රකාශ ලබාදීම සඳහා කැඳවා තිබූ නමුත් එදින එහි නොපැමිණි ඇය වෙනත් දිනයක් ඉල්ලා සිටියාය.
අකුරු ප්‍රමාණය (Font Size):


සිදුකෙරෙමින් පවතින විමර්ශන කිහිපයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබුණේ අද (03) උදෑසන 9.30ට පමණය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේ ශිරන්ති රාජපක්ෂ තවත් දෙදෙනෙකු සමඟ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන ගිය "සිරිලිය" නැමැති ගිණුම හරහා සිදුවූයේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීමට අද දින ඇය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හමුවට කැඳවා තිබුණි.

ශිරන්ති රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුගේ බද්ධ ගිණුමක් ලෙස රාජ්‍ය බැංකුවක සුදුවැල්ල ශාඛාවේ මෙම ගිණුම ආරම්භ කර තිබූ අතර, එහි ශිරන්ති රාජපක්ෂගේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන්කර තිබුණේ, 222 222 222V ලෙස ය.

එම ගිණුම හරහා සැකකටයුතු ගනුදෙනු රැසක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, 2015 වසරේදී ජූනි 1 වන දා ශිරන්ති රාජපක්ෂගෙන් එවකට කතානායකවරයාගේ නිල නිවසේදී ප්‍රකාශයක් ලබා ගෙන තිබිණි.

ශිරන්ති රාජපක්ෂ ඉකුත් ජනවාරි 27 වැනිදා ද ප්‍රකාශ ලබාදීම සඳහා කැඳවා තිබූ නමුත් එදින එහි නොපැමිණි ඇය වෙනත් දිනයක් ඉල්ලා සිටියාය. අද දින ඇයව කැඳවනු ලැබුවේ ඒ අනුවයි.

ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව යන මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන විශාල පිරිසක් එහි රැස්ව සිටියහ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...