The Leader News
BREAKING
Top Ad
පුවත්

වාහන 400ක් රේගුවේ හිරවෙලා !

T

The Leader Desk

January 14, 2026 • 2:58 PM

 වාහන 400ක් රේගුවේ හිරවෙලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත්, එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොකිරීම නිසා එසේ සිරවී ඇති බවත් ආනයනකරුවෝ පවසති.
  • එම වාහන මෙරටට ආනයනය කරන විට පැවැති වටිනාකම මෙන් තුන්තුණයකට වැඩි බදු අයකිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බව කී ආනයනකරුවෝ ඇතැම් වාහන ආනයනය කර මාස හයකටත් වැඩි කාලයක් ගතවී ඇති බව ද සඳහන් කළහ.
  • එම වාහන සියලුම ආනයන රෙගුලාසිවලට අනුකූලව ආනයනය කර ඇති අතර ඉන්පසුව ශ්‍රී ලංකා රේගුව අදාළ රේගු බද්දෙන් සියයට 50කට ආසන්න අධිභාරයක් ඇතුළුව අමතර බදු පැනවීම මෙම තත්වයට හේතුව බවත් ඒ හේතුවෙන් ඇතැම් වාහනවල සමස්ත බදු ප්‍රමාණය රුපියල් කෝටිය ඉක්මවූ ඒවා ද ඇති බවත් ආනයනකරුවෝ කීහ.
  • මෙම වාහන විශාල තොගයෙන් වැඩි සංඛ්‍යාවෙන් පෞද්ගලික පරිහරණයට ආනයනය කළ වාහන බව කියන ආනයනකරුවෝ රේගුව පනවා ඇති අමතර බදු හේතුවෙන් ඒවා නිදහස් කිරීමේ නිශ්චිත දිනයක් හෝ නොමැති බව ද සඳහන් කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත්, එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොකිරීම නිසා එසේ සිරවී ඇති බවත් ආනයනකරුවෝ පවසති.

එම වාහන මෙරටට ආනයනය කරන විට පැවැති වටිනාකම මෙන් තුන්තුණයකට වැඩි බදු අයකිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බව කී ආනයනකරුවෝ ඇතැම් වාහන ආනයනය කර මාස හයකටත් වැඩි කාලයක් ගතවී ඇති බව ද සඳහන් කළහ.  

එම වාහන සියලුම ආනයන රෙගුලාසිවලට අනුකූලව ආනයනය කර ඇති අතර ඉන්පසුව ශ්‍රී ලංකා රේගුව අදාළ රේගු බද්දෙන් සියයට 50කට ආසන්න අධිභාරයක් ඇතුළුව අමතර බදු පැනවීම මෙම තත්වයට හේතුව බවත් ඒ හේතුවෙන් ඇතැම් වාහනවල සමස්ත බදු ප්‍රමාණය රුපියල් කෝටිය ඉක්මවූ ඒවා ද ඇති බවත් ආනයනකරුවෝ කීහ.


මෙම වාහන විශාල තොගයෙන් වැඩි සංඛ්‍යාවෙන් පෞද්ගලික පරිහරණයට ආනයනය කළ වාහන බව කියන ආනයනකරුවෝ රේගුව පනවා ඇති අමතර බදු හේතුවෙන් ඒවා නිදහස් කිරීමේ නිශ්චිත දිනයක් හෝ නොමැති බව ද සඳහන් කරති.


මෙම බදු ගැටලුව විසඳාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් මැදිහත් වන ලෙස ඉල්ලා සිටින අතර සිය වාහන රඳවා තබා ගැනීම නිසා මූල්‍යමය වශයෙන් සහ මානසික වශයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත් සියලුම ගාස්තු ගෙවා නීත්‍යානුකූලව මෙම වාහන ආනයනය කළ බවත් ඔවුහු කියති.

බොහෝ ආනායනකරුවන් සිය ජීවිත කාලය පුරාම ඉතිරි කරගත් මුදල් පවුලේ පාවිච්චිය වෙනුවෙන් වාහනයක් මිලදීගැනීමට භාවිතා කළ අය බවත් වාහනය ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමෙන් පසු නීති වෙනස් කිරීම නිසා ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ඔවුහු පැවසූහ.

''රේගුවට දොස් කීමෙන් පළක් නැහැ''

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා ගෙන් ‘කළ විමසුමකදී පැවසුවේ, රේගු දෙපාර්තමේන්තුව නීති සම්පාදනය නොකරන අතර රජයේ නීති ක්‍රියාත්මක කිරීම පමණක් කරන බවත් මෙම වාහන සම්බන්ධයෙන් ද ආනයන පාලකවරයා දැනුම්දී ඇති පරිදි කටයුතු කර ඇති බවත්ය.

මෙම වාහනවලට පනවා ඇති බදු ඉවත්කර නිදහස් කරන ලෙස රජය දැනුම් දෙන්නේ නම් රේගුව ඒවා නිදහස් කරන බව කී චන්දන පුංචිහේවා, මේ සම්බන්ධයෙන් රේගුවට දොස් කීමෙන් පළක් නොමැති බව ද සඳහන් කළේය.

( lankadeepa | යොහාන් භාසුර)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...