මෙරට ආගමික අන්තවාදීන්ගේ බලකිරීමකට අනුව යමින් මාධ්‍යවේදී කුසල් ‌පෙරේරා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබඳ වාර්තා වේ.

වාර්තාවන ආකාරයට, පසුගිය මැයි 17 ‌වෙනිදා ඩේලිමිරර් පුවත්පතේ පළවන සිය තීරු ලිපිය සඳහා "From Islamic terrorism to marauding Sinhala Buddhist violence" මැයෙන් ලියන ලද ලිපි‌යෙහි වූ සඳහනක් සම්බන්ධයෙන් ‌කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන ‌කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලක් මත කුසල් ‌පෙරේරා අත් අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇත.

කුසල් ‌පෙරේරා ආගමික එදිරිවාදිකම් ඇවිලවීමට කටයුතු කළා යැයි ‌ ICCPR පණත යටතේ ‌චෝදනා ‌ගොනු කර අධිකරණයට ඉදිරිපත් කිරීමට සුදානම් වන අතර එවිට ඇප දීමේ බලයක් විනිසුරුට නොමැති වන බැවින් කෙටි කතාවක් ලිවීම නිසා සිරගතව සිටින ශක්තික සත්කුමාර ‌මෙන් කුසල් ‌පෙරේරාට ද සිරගත වී සිටීමට සිදුවනු ඇත.

21 පාස්කු ‌බෝම්බ ප්‍රහාරයන්ගෙන් පසු මීගමුවේ මුසල්මානුවන්ගේ නිවාස සහ ‌දේපොලවලට එල්ල කරන ලද අන්තවාදීන්ගේ ප්‍රහාරයන්ට ඒ ප්‍රදේශයේ සමහර කතෝලික පූජකතුමන්ලාගේ රහසිගත සහායක් තිබුනා යැයි ඒ ප්‍රදේශයේ ජනතාවට හැඟී ගිය බව ඔහු ලියූ ‌තීරු රචනාවේ සඳහන්ව තිබී ඇත. පැමිණිලි කර ඇත්තේ එකී සඳහන පිළිබඳව යැයි වැඩිදුරටත් වාර්තා වේ. (People in those areas feel disturbed that a few Catholic priests were “behind the scene” instigators)

ඒ අනුව ඊ‌යේ (14) සිකුරාදා ‌ඩේලි මිරර් පුවත්පතට ගිය සංවිධානාත්මක අපරාධ අංශයේ ‌පොලිස් නිලධාරීන් ‌මේ සම්බන්ධයෙන් එහි ‌කර්තෘ මණ්ඩලයෙන් ප්‍රශ්න කර එහිදී ලද තොරතුරු මත කුසල්‌ පෙරේරාගෙන් ප්‍රශ්න කර ඔහු අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර ඇත.

මෙරට ඉංග්‍රීසි සහ සිංහල භාෂාද්විත්වයෙන් දශක ගණනාවක් පුරා ලේඛණ කලාවේ නියැලෙමින් දේශපාලන විචාරකයකු මෙන්ම ප්‍රවීන මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන මාධ්‍යවේදී කුසල් ‌පෙරේරා, සිය වෘත්තිය ආරම්භයේ සිටම ත්‍රස්තවාදයට, ජාතිවාදයට, අන්තවාදයට මෙන්ම ආගමික බලහත්කාරයට එරෙහිව තම පෑන ‌මෙහෙයවූ වාමවාදියෙකු ‌ලෙස ප්‍රසිද්ධියක් උසුලන නිදහස් මාධ්‍යවේදියෙකි.

ICCPR පණත යටතේ ‌දේශපාලන විචාරකයෙකු සහ මාධ්‍යවේදියෙකු අත් අඩංගුවට ගැනීමට සූදානම් වන ප්‍රථම අවස්ථාව ‌‌මෙය ‌වන අතර මේ මොහොතේ ඔහු අත්අඩංගුවට ගත යුතු යැයි බල කරන්නේ කිතුණු පූජකයන් විසිනි. මීට පෙර සාහිත්‍යකරුවකු වන ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීමට බල කරන ලද්දේ ‌බෞද්ධ භික්ෂූන් විසිනි.

කරුණු එසේ සිදුවෙද්දී මේ ගොඩනැගෙමින් ඇත්තේ, පසුගිය වසර ගණනාවක් පුරා මෙරට ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන මිනිසුන් විසින් අරගල කර දිනාගත් ලේඛණයේ නිදහස දැන් ආගමික අන්තවාදීන් විසින් අමු අමුවේ විනාශ කර දැමීමයි.

මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් ඩේලිමිරර් පුවත්පතට ලියන ලද "From Islamic terrorism to marauding Sinhala Buddhist violence" ඉංග්‍රීසි ලිපිය කියවන්න.

(ලංකා ඊ නිව්ස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්