රුසියාවේ ප්‍රධාන පෙළේ සරසවි තුනක වෛද්‍ය උපාධි සඳහා වන පිළිගැනීම අවලංගු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණයට

එකට එක කිරීමක් වශයෙන් ඉදිරියේදී රුසියානු රජය විසින් බරපතල ක්‍රියාමාර්ගයක් ගැනීමේ ඉඩක් ඇතැයි රාජ්‍යතන්ත්‍රීක විශේෂඥයින් පවසති.

ශ්‍රී ලංකාවට රුසියානු ඇස්බැස්ටෝස් ආනයනය කිරීම තහනම් කිරීමට පසුගිය යහපාලන ආණ්ඩුව විසින් ගනු ලැබූ තීරණයට එකට එක කිරීමක් ලෙස ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කරන තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා තාවකාලික තහනමක් පැනවීමට රුසියානු රජය මිට ඉහතදී කලයුතු කළේය.

රුසියාව විසින් එවැනි තහනමක් පනවනු ලැබුවේ ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ කුඩු තොගයක තිබී කෘමියෙකු හමුවූ බව පවසමිනි.

අනතුරුව දෙපාර්ශයේ ඉහලම දේශපාලන මැදිහත්වීම් මත සුදු කෙරුණා සාකච්ජා වලදී තේ අපනයනය සම්බන්ධයෙන් පනවා තිබෙන තහනම ඉවත් කිරීම සඳහා රුසියාව විසින් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරනු ලැබු අතර ශ්‍රී ලංකා රජයට ඊට අවනතවීමට සිදුවිය.

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 25% ආසන්න ප්‍රමාණයක් අපනයනය කරනු ලබන්නේ රුසියාව වෙතයි.

b663a0d6 c2f9 4e10 988f 8111e980f6fd

 

රාජ්‍යතන්ත්‍රීක අවුලක් !

වසර 60ක් පුරාවට අඛණ්ඩව ශ්‍රී ලංකාවට පූර්ණ වෛද්‍ය ශිෂ්‍යත්ව ලබාදුන් රුසියානු වෛද්‍ය විද්‍යාල 03ක් පසුගියදා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් කිසිදු පෙර දැනුම්දීමකින් තොරව ⁣පැහැදිලි හේතුවක් නොදක්වා අනුමත විශ්ව විද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කර තිබීමේ අර්බුදය මේවනවිට රුසියාව හා ශ්‍රී ලංකාව අතර බරපතල දේශපාලන අවුලක් දක්වා වර්ධනය වෙමින් තිබේ.

2020 ජූනි 26 වනදා පැවති වෛද්‍ය සභා රැස්වීමේ තීරණයක් අනුව බව පවසමින් මෙතෙක් අනුමැතිය දුන් විදෙස් විශ්ව විද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කර ඇත්තේ,

1- රුසියාවේ ජනතා මිත්‍රත්ව සරසවිය (Peoples' Friendship University of Russia),
2- පිරගොෆ් පර්යේෂණ වෛද්‍ය සරසවිය  (Pirogov Russian National Research Medical University) සහ
3 - ත්වේර් රාජ්‍ය වෛද්‍යවිද්‍යා සරසවිය ( Tver State Medical University) යි.


මෙම ඉවත්කිරීම සිදුකර ඇත්තේ මෙරට ඉහල ප්‍රතිඵල ලැබූ සිසුන් 05 දෙනෙකුට 2020 වසර සඳහා ද පූර්ණ වෛද්‍ය ශිෂ්‍යත්ව ලැබී තිබුණු පසුබිමකය.

නිව්ස් 1st කල විමසීමකදී වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ පවසා සිටියේ, ඉතා පුළුල්ව සිදුකල විමර්ශනයකින් අනතුරුව මෙම විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය පිළිබඳ ගැටළු නිසා මෙම විශ්වවිද්‍යාල හදිසියේම ඉවත්කල බවයි.

 

විමතියට කාරණයක් !

නමුත් මෙම ඉවත්කළ විශ්වවිද්‍යාලවල දත්ත සලකා බැලීමේදී ප්‍රමිතිය පිළිබඳ කවර ආකාරයේ හෝ ගැටළුවක් පැන නොගැනීම මවිතයට කරුණකි.

ඉවත්කල විශ්වවිද්‍යාලයක් වන Peoples Friendship University හෙවත් ලෝකප්‍රසිද්ධ Patrice Lumumba විශ්වවිද්‍යාලය ලොව ඉහළම ගණයේ විශ්වවිද්‍යාල 1000 අතර 326වන ස්ථානයේ පවතින්නකි.

එසේම එය ලෝකප්‍රකට QS World Rankingsහි Overall, Facilities, Teaching, Innovation ඇතුළු සෑම අංශයකින්ම ඉහලම තරු 05 ස්ථානය දිනාගත් විශ්වවිද්‍යාලයකි.

ශ්‍රී ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයක් තවමත් QS Star Rankingsවලට ඇතුලත් වී නැත.

ඉවත්කල අනෙකුත් රුසියානු වෛද්‍ය විද්‍යාල ද එසේම ය.

Pirogov University -
#451 - 500
(QS Rankings - Subject Rankings - Medicine)

Tver University - 91st
(The Rankings - Impact Rankings - Quality Education)

University of Russia

මෙවන් ලොව පිලිගත් විශ්වවිද්‍යාල ගුණාත්මක භාවයේ ගැටළු නිසා ඉවත්කල බව පවසන වෛද්‍ය සභාව මගින් QS Star Rankings කිසිවකට ඇතුළත් නොවූ බොහෝ අඩු පහසුකම් සහිත විශ්වවිද්‍යාල පිලිගෙන ඇත.

Katmandu Medical College - 13590
Jawaharlal Nehru Medical College - 15193
(Webomatrics Rankings - 2020 July)

 

විදේශ වෛද්‍ය විද්‍යාල 40කට අනුමැතිය :

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් විදේශ වෛද්‍ය විද්‍යාල 40ක් අනුමත කර තිබිණි. ඒ විශ්වවිද්‍යාල 40න් ම මෙරටට වෛද්‍ය ශිෂ්‍යත්ව ලබාදුන්නේ රුසියානු වෛද්‍ය විද්‍යාල 03 සහ කියුබානු වෛද්‍ය විද්‍යාලය පමණි.

වෛද්‍ය සභාව විසින් ඔවුන් පවසන පරිදි ගැඹුරු අධ්‍යනයකින් අනතුරුව පසුගියදා ඉවත්කරේ එම ශිෂ්‍යත්ව ලබාදෙන විශ්වවිද්‍යාල 03යි.

මේ තීරණය මගින් වසර 60ක් පුරාවට රාජ්‍ය මිතුදම නිසා රුසියාව විසින් ලබාදෙන සියලු වෛද්‍ය ශිෂ්‍යත්ව මෙරට වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කර ඇත.

රුසියානු සමූහාණ්ඩුවට අයත් Belarus, Aremenia පමණක් නොව India, Pakistan, Saudi Arabia සේම Greneda වැනි රටවල වෛද්‍ය උපාධි පවා පිළිගන්නා වෛද්‍ය සභාව, රුසියාව ලබාදෙන වෛද්‍ය උපාධිය ගුණාත්මක නොමැති බව පවසා ඇත්තේ Covid - 19 සඳහා රුසියාව නිපදවූ එන්නත ශ්‍රී ලංකාවට ලබාගැනීමට සාකච්ඡා පවතින අතරවාරයේ වීම විශේෂත්වයකි.

''රුසියානු සමූහාණ්ඩුවට අයත් Belarus, Aremenia පමණක් නොව India, Pakistan, Saudi Arabia සේම Greneda වැනි රටවල වෛද්‍ය උපාධි පවා පිළිගන්නා වෛද්‍ය සභාව, රුසියාව ලබාදෙන වෛද්‍ය උපාධිය ගුණාත්මක නොමැති බව පවසා ඇත්තේ Covid - 19 සඳහා රුසියාව නිපදවූ එන්නත ශ්‍රී ලංකාවට ලබාගැනීමට සාකච්ඡා පවතින අතරවාරයේ වීම විශේෂත්වයකි.''

කෙසේ වුව ද, ශිෂ්‍යත්ව ලබා නොදෙන විදේශ පෞද්ගලික විශ්වවිද්‍යාල අගය කරමින්, ලංකාවේ ඉහළ ප්‍රතිඵල ගන්නා සිසුන් තෝරා ඔවුන්ට සෑම වසරකම ශිෂ්‍යත්ව ලබාදෙන විශ්වවිද්‍යාල ඉවත්කිරීමෙන් වෛද්‍ය සභාව බලාපො⁣රොත්තු වන්නේ කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයකි. ⁣

මින් දැනුවත්ව හෝ නොදැනුවත්ව වෛද්‍ය සභාව සිදුකර ඇත්තේ ඉහල ප්‍රතිඵල ලබන සිසුන්ට ලැබෙන විදේශ වෛද්‍ය ශිෂ්‍යත්ව සියල්ල නවත්වා, අඩු ප්‍රතිඵල සහිත සිසුන් ⁣විදේශ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවා ඔවුන්ට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් වීමට ඉඩ සැලසීමයි.

තවත් මවිතයට කරුණක් වන්නේ වෛද්‍ය සභාව මෙම ඉවත්කිරීම සිදුකර ඇත්තේ පසුගිය අගෝස්තු 21 වන දා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි (YURY B. MATERIY) අතර පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරිය රුසියාව ලබාදෙන වෛද්‍ය ශිෂ්‍යත්ව අගය කර ඒ සඳහා විශේෂ ස්තූතියක් පිරිනමා තිබියදී වීමයි.

NW15ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන සැලසුම ඇගයුමට

 

ලැයිස්තුවෙන් ඉවත් කිරීමට හේතුවිමසීමක් !

වර්ෂ 1966 දී සෝවියට් සංගමයෙන් උපාධිලත් පළමු ශිෂ්‍යත්වලාභීන් විසින් උපාධි ලබා මෙරටට පැමිණි පසු ආරම්භ කරන ලද සමාජවාදී රටවල උපාධිලත් ශ්‍රී ලාංකිකයින්ගේ සංගමයේ  (Association of Sri Lankan Graduates from Socialist Countries - ASLGSC) ප්‍රධාන ලේකම් ධම්මික මෙන්ඩිස් පවසන්නේ, මෙම අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීමට හේතු විමසා තම අත්සනින් වෛද්‍ය සභාව වෙත ලිපියක් යොමු කොට ඇති බවයි.

Letter Russian Uni

වසර 54 ක ඉතිහාසයක් ඇති සමාජවාදී රටවල උපාධිලත් ශ්‍රී ලාංකිකයින්ගේ සංගමයේ වත්මන් සභාපතිත්වය දරනුයේ පරිසර අමාත්‍යංශ ලේකම් හා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසිනි. ඔහුද සෝවියට් සංගමයේ විද්‍යා විද්‍යාලයක උපාධිධාරියෙකි.

සෑම වසරකම ශ්‍රී ලංකික සිසුන් සඳහා පසුගිය 60 වසර පුරාම විවිධ ක්ෂේත්‍රයන්හි ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරුණු අතර වර්තමානයේ රුසියානු රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා ශිෂ්‍යත්ව 40ක් පිරිනැමේ. ඉන් 5 ක් වෛද්‍ය විද්‍යාල සදහා වේ.

මෙම ශිෂ්‍යත්ව රුසියානු රජයෙන් විදේශ අමාත්‍යංශය හරහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත යොමු කෙරෙන අතර ඒ හරහා අයදුම්පත් කැඳවීමකින් පසුව සිසුන් තොරා ගනු ලැබේ.

ඉන් අනතුරුව වෛද්‍ය විද්‍යාල සදහා ශිෂ්‍යත්ව ලැබූ සිසුන් තම අධ්‍යයන කටයුතු සදහා පිටත් වීමට පෙර තම විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත වෛද්‍ය විද්‍යාලයක් බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කරනු ලබන ලිපියක් සමග අධ්‍යයන කටයුතු සඳහා පිටත් වේ.

රුසියාවේ ප්‍රධාන පෙළේ සරසවි තුනක වෛද්‍ය උපාධි සඳහා වන පිළිගැනීම අවලංගු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය සමග 2020/21 ශිෂ්‍යත්ව ලාභීන් මෙන්ම අනාගතයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා රුසියානු රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට බලාපොරොත්තු වන සිසුන් බරපතල අර්බුදයකට මුහුණපා ඇති බව සමාජවාදී රටවල උපාධිලත් ශ්‍රී ලාංකිකයින්ගේ සංගමයේ  (ASLGSC) ප්‍රධාන ලේකම්වරයා පවසයි.

 

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමත විදේශීය වෛද්‍ය විද්‍යාල මෙන්න

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත වෛද්‍ය විද්‍යාල ලැයිස්තුව (https://www.who.int/hrh/wdms/en/) වර්තමානයේ පවතින්නේ World Federation for Medical Education (http://www.wfme.org/) සහ  Foundation for Advancement of International Medical Education and Research (http://www.faimer.org/) විසින් පවත්වාගෙන යනු ලබන https://www.wdoms.org/ වෙබ් අඩවිය.

ලොව බොහෝ රටවල් විසින් විදේශ වෛද්‍ය විද්‍යාල අනුමත කිරීම හෝ නොකිරීම මෙම ජාත්‍යන්තර ලැයිස්තුව පාදක කරගෙන සිදු කෙරේ.

 

උපකාර කළ රටකට මෙතරම් කෙනෙහිලි ඇයි ?

Rus SL

1991 ට පෙර සෝවියට් දේශය ලෙසත්, දැන් රුසියානු ෆෙඩරේශනය ලෙසත් එරට දිගටම ශ්‍රි ලාංකීය ජනතාවගේ මිතුරකු සේ කටයුතු කර ඇත.

රුසියාව විසින් වසර හැටකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට විවිධාකාරයෙන් ලබාදී ඇති සහය ASLGSC ප්‍රධානියකු විසින් එකින් එක විග්‍රහ කළේ මෙසේය.

# අප රටේ ස්ථාවරත්වයට සහ ආර්ථිකයට ගැටළු ඇතිවූ සෑම අවස්ථාවක ම පහේ රුසියාව අපට විශාල සහයක් ලබාදී ඇත.

# 1971 කැරැල්ල අවස්ථාවේ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත රුසියානු මිග් ගුවන් යානා ලබා දීම.

# ඛනිජතෙල් ජනසතු කළ විට, බටහිරින් එල්ල වූ පීඩනය මැඩීමට ශ්‍රී ලංකාවට තෙල් ලබා දීම.

# එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී තුන් වරක් නිශේධ බලය භාවිතා කරමින් බටහිර රටවලින් එල්ල වූ විවිධාකාර චෝදනාවලදී අප වෙනුවෙන් සහය දැක්වීම.

# අපගේ ආර්ථිකය සවිමත් කිරීමට, කාර්මීකරණයට සහය වීමට, වානේ සහ ටයර් කම්හල් ලබා දීම.

# සමණල වැව ආදී වාරි ක්‍රමවලට සහය දීම.

# එමෙන්ම අපේ ජනතාවගේ අධ්‍යාපනය නැංවීමට ලුමුම්බා සරසවියෙන් 1960 සිටම ශිෂ්‍යත්ව ලබා දීම. අදටත් ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව හතලිහක් රුසියාවෙන් ලැබේ.

# අපේ පාසැල් ළමුන්ට ආහාර ලබාදීමේ ලෝක ආහාර සංවිධානයේ වැඩපිළිවෙල සඳහා ලංකාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැබෙන්නේ රුසියාවේ අනුග්‍රහයෙනි.

# ලුමිම්බා සරසවිය විසින් 2010 දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට ගෞරව ආචාර්ය උපාධියක් පවා ලබා දුන්නේය. එම අවස්ථාවේ සමස්ථ ආසියාවෙන් ම එවන් ගෞරවයක් ලැබුණේ ශ්‍රී ලංකවේ රාජ්‍ය නායකයට පමණි..

මේ අයුරින් නානාප්‍රකාරයෙන් අපට සහය දුන් රුසියාවට අප පෙරළා සලකන්නේ ඔවුන්ගේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධි පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් බව ඔහු දැඩි කනස්සල්ලෙන් යුතුව පැවසිය.

119070379 3248344435253103 3746226600184775430 n

 

සබැඳි පුවත් :

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීරණය අපට කළ බරපතල අවමානයක් - රුසියාවෙන් දැනුම්දීමක්!

වෛද්‍ය සභාවේ කෝන්තරයක් නිසා රුසියානු පුර්ණ ශිෂ්‍යත්ව 40 ක් අහිමි වේ!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්