මෙරටට ආනයනය කර අලුතින් ලියාපදිංචි කර ඇති වාහනවලින් වැඩි ම ප්‍රමාණය යතුරුපැදි වන අතර පසුගිය වසරේ ජනවාරි සිට මේ වසරේ පෙබරවාරි 1 වන දා වනවිට යතුරුපැදි 290,305ක් අලුතින් ලියාපදිංචි කර ඇත.
මෝටර් රථ 81,143 ක් ද, ත්‍රී රෝද රථ 20,820ක්, ඉතිරි ප්‍රමාණය ද්විත්වකාර්ය වාහන, සින්ගල් කැබ්, බස් රථ හා ඉඩම් වාහන ආදී වශයෙන් පසු ගිය වසරේ ජනවාරි සිට මේ වසරේ පෙබරවාරි 1 වන දා විට විවිධ කාණ්ඩයන්ට අයත් වාහන 417,337ක් අලුතින් ලියාපදිංචි කර තිබේ.
පසුගිය ජනවාරි මාසය තුළ දී පමණක් යතුරුපැදි ඇතුළු රථ වාහන 55,237 ක් අලුතින් ලියාපදිංචි කර ඇත.
ඉන් 35,488ක්ම යතුරුපැදි වන අතර මෝටර් රථ 13096 ක් ත්‍රීරෝද රථ 3488 වශයෙන් අලුතින් ලියාපදිංචි කර තිබේ.
( mawbima | Anura Balasooriya )




