මව කල වැරදි වලට මව සමග සිර දඬුවම් විඳින වයස පහට අඩු දරුවන් 42ක් සිටින බව පැවසූ කොමසාරිස්වරයා මින් 19 දෙනෙකු පිරිමි සහ 23දෙනකු ගැහැණු දරුවන් බවද ප්‍රකාශ කළේය.
මරණ දඬුවම නියම කෙරුණු 826 දෙනකු රට පුරා බන්ධනාගාරවල සිටින බවත් මින් වැඩි පිරිසක් එනම් 805 ක් පිරිමින් බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.
මරණ දඬුවම නියම කෙරුණු කාන්තාවන් සංඛ්‍යාව විසි එකක් බවද ඔහු අනාවරණය කළේය.
''10,500ක් සිටිය යුතු එම බන්ධනාගාරවල මේ වනවිට 36,000ක් ඉන්නවා ''
රට පුරා බන්ධනාගාර 36ක් පවතින බව පැවසූ බන්ධනාගාර කොමසාරිස්වරයා දහදාස් පන්සීයක් සිටිය යුතු එම බන්ධනාගාරවල මේ වනවිට 36000ක් සිටින බව සඳහන් කළේය.
ඒ අනුව බන්ධනාගාරවල ධාරිතාව සියයට හාරසීයක් බව හෙතෙම පෙන්වා දුන්නේය.
දිවයින පුරා බන්ධනාගාරවල සැකකරුවන් 25173ක් සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
(lankadeepa | සුජිත් හේවාජුලිගේ)




