අද මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ අදුරුතම දිනය බවත්, විසිවන සංශෝධනය හරහා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසෙන බවත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විසිවන සංශෝධනය අරමුණ රූකඩ පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීම බවද ඔහු අවධාරණය කර සිටියේය.

ඔහු එබව කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි විසිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද සඳහන් කළේය.

''පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළෙසමින් විසිවන සංශෝධනය ඉදිරිපත් කිරීම ගැන  සමගි ජන ජනබලවේගයේ අප දැඩි කනගාටුව පළ කරනවා.

තමන්ගේ ආත්මය මුදලට වරදානවලට පාවාදෙන කිසිවකුත් සමගි ජනබලවේගයේ නැහැ. විසි වන සංශෝධන හරහා විගණකාධිපති ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙනවා. අප හඬක් නගන්නේ ඊට විරුද්ධවයි.

ප්‍රසම්පාදන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම හකුළා දමා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට මෙයින් මරු පහරක් එල්ල වෙනවා.

විසිවන සංශෝධනය අරමුණ රූකඩ පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අප ප්‍රචණ්ඩත්වයේ දුටුවේ නැහැ. 19 යටතේ සිදු වූ කිසිදු මැතිවරණයක මනුෂ්‍ය ඝාතන දුටුවේ නැහැ.

නමුත් විසිවන සංශෝධනය යටතේ ඒවා නැවත ඇතිවීමේ අවදානමක් තියෙනවා.

විසිවන සංශෝධනය යටතේ සිදුවන්නේ තනි පුද්ගලයෙකුගේ තීන්දු ක්‍රියාත්මක වීමයි.

පාර්ලිමේන්තුවේ බලය නැති භංගස්ථාන කිරීමට අප ඉඩ දෙන්නේ නැහැ.

එහෙම එන්න විසිවන සංශෝධනය පරාජය කිරීම සඳහා අප ප්‍රජාතන්ත්‍රවාදී බලමුළු සියල්ල ඒකරාශි කර ගන්නා බව මෙහිදී කිව යුතුයි.''' යයි ද ඔහු සඳහන් කළේය.

20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්