පැනමා ධජධාරී එම්ටී නිව් ඩයමන්ඩ් නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ සතියක් තිස්සේ ඇවිලුණු ගින්න නිවා දැමීම සඳහා

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සක්‍රීයව මැදිහත් වුවද මෙරට බලධාරීන්ගේ නොදැනුවත් කම සහ ජාත්‍යන්තර නීතියට අනුගත නොවීම නිසා නැව බේරා ගැනීම වෙනුවෙන් ලැබිය යුතු කෝටි ගණනක මුදල රටට අහිමිවීමේ අවදානමක් මතුව තිබේ.

එමෙන්ම නැව් ගින්න නිසා රටට අයත් මුහුදු කලාපය දූෂණය වූවද අදාළ ජාත්‍යන්තර සම්මුති වලට එළැඹ නැති ශ්‍රී ලංකාවට වන්දි ඉල්ලා නඩු පැවරීමේ හැකියාවක්ද නොමැති බව රජයේම බලධාරීහු පෙන්වා දෙති.

''එමෙන්ම නැව් ගින්න නිසා රටට අයත් මුහුදු කලාපය දූෂණය වූවද අදාළ ජාත්‍යන්තර සම්මුති වලට එළැඹ නැති ශ්‍රී ලංකාවට වන්දි ඉල්ලා නඩු පැවරීමේ හැකියාවක්ද නොමැති බව රජයේම බලධාරීහු පෙන්වා දෙති.''

මැද පෙරදිග සිට ඉන්දියාව කරා තෙල් ටොන් 270,000 ක් ප්‍රවාහනය කරමින් සිටි නිව් ඩයමන්ඩ් නෞකාවේ සැප්තැම්බර් 3 දා ගින්නක් හටගත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ සංගමන් කන්ද තුඩුවට කිලෝමීටර 60ක් පමණ එපිටිනි.

ගිනිගත් නැවට මුලින්ම ළඟාවී එහි සිටි කාර්යමණ්ඩලයේ 19 දෙනකු මුදවාගෙන ශ්‍රී ලංකා නාවික හමුදාවට බාර දුන්නේ කපිතාන් විනේ චන්ද්‍රාගේ නැව්පතිත්වයෙන් යුත් එම්ටී හෙලන් එම් පැනමා ධජය දරන නෞකාවයි.  

රුසියානු නැව් දෙකක්ද ආරම්භයේදී සහායට පැමිණ තිබේ. ගින්නෙන් එක් අයකු මියගිය අතර බේරාගත් මුලු ගණන 22 කි.  

ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව සහ නාවික හමුදාව සමග එක්වී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් ගින්න නිවා දමනු ලැබුවේ සැප්තැම්බර් 11 දාය.  

New Diamond 4

New Diamond 2

සාමුද්‍රීය නීති විශාරදයන් පෙන්වා දෙන පරිදි මෙවැනි විපත් වලට මැදිහත්වීමට අදාල දේශීය නීති ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව යාවත්කාලීන කර නොමැති වීමත් ශ්‍රී ලංකාවට පාඩු ගෙන දීමට හේතු වී  තිබේ.

මෙවැනි අවස්ථාවකට මුහුණ දීම සඳහා සකස් කොට ඇති ජාත්‍යන්තර ප්‍රඥප්ති වලට ශ්‍රී ලංකාව අත්සන් කර නොතිබීමත් හා ඇතැම් නීති ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ සංස්ථාපනය කර නොමැති වීමත් නිසා කෝටි ගණනක මුදලක් ශ්‍රී ලංකාවට අහිමි වන බවයි සාමුද්‍රීය නීති විශාරදයකු වන ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ හිටපු  විධායක අධ්‍යක්ෂ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර පවසන්නේ.

 

අඩුපාඩු ඇතත්

කෙසේ වෙතත් ගිනි ගැනීමට ලක් වු  එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ දී දේශීය නීතිවල අඩුපාඩු තිබුණ ද, බලධාරීන් වඩාත් දැනුවත් වී සිටියේ නම්, ගලවාගැනීමේ නීතිය යටතේ නෞකාවේ සහ ප්‍රවාහනය කරන භාණ්ඩ වල වටිනාකමෙන් හතරෙන් එකක් සඳහා ශ්‍රී ලංකාවට හිමිකම් කීමට හැකියාව තිබු බව සාමුද්‍රීය නීති විශාරදයකු වන ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ හිටපු  විධායක අධ්‍යක්ෂ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ගිනි ගැනීමට ලක් වු  එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ දී දේශීය නීතිවල අඩුපාඩු තිබුණ ද, බලධාරීන් වඩාත් දැනුවත් වී සිටියේ නම්, ගලවාගැනීමේ නීතිය යටතේ නෞකාවේ සහ ප්‍රවාහනය කරන භාණ්ඩ වල වටිනාකමෙන් හතරෙන් එකක් සඳහා ශ්‍රී ලංකාවට හිමිකම් කීමට හැකියාව තිබු බව ආචාර්ය ගුණසේකර පෙන්වා දෙයි.

නැවේ කාර්ය මණ්ඩලය ගලවා ගැනීමට සහ රටේ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීමට ඉදිරිපත්ව කටයුතු කිරීමෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉටු කර ඇත්තේ ව්‍යවස්ථාපිත ගළවාගැනීමේ (statutory salvor) කාර්යභාරයයි.

 ශ්‍රී ලංකාවේ විශේෂ ආර්ථික කලාපය ඇතුලත නැව ආපදාවට ලක්වූ හෙයින් මැදිහත්විමේ ප්‍රඥප්ති අනුව ඊට ආරක්ෂාව සැපයීමේ වගකීම පැවරෙන්නේ මේ රටේ බලධාරීන්ටය.

එසේ වෙතත්, එයට නියමිත පාරිතෝෂිකය හිමිවන්නේ ගිවිසුම්ගත ගළවාගැනීමේ (contractual salvor) කාර්යභාරය ඉටු කරන අයට බවයි ජර්මනියේ හැම්බර්ග් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියකු වන මාලික ගුණසේකර පෙන්වා දෙන්නේ.

එවැනි තත්වයක් තුළ මේ අවස්ථාවේදී එයට හිමිකම් කියන්නේ, එම්ටී නිව් ඩයමන්ඩ් නැවේ ග්‍රීක හිමිකරුවන් විසින් පත් කරන ලද සිංගප්පූරුව පදනම් කරගත් සමාගමක් වන බොස්කලිස් ස්මිත් සිංගප්පූරු පුද්ගලික සමාගම විනා ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව හෝ නොවේ.

''එවැනි තත්වයක් තුළ මේ අවස්ථාවේදී එයට හිමිකම් කියන්නේ, එම්ටී නිව් ඩයමන්ඩ් නැවේ ග්‍රීක හිමිකරුවන් විසින් පත් කරන ලද සිංගප්පූරුව පදනම් කරගත් සමාගමක් වන බොස්කලිස් ස්මිත් සිංගප්පූරු පුද්ගලික සමාගම විනා ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව හෝ නොවේ.''

"ශ්‍රී ලංකාව විසින් කළ යුතුව තිබුණේ සිංගප්පූරුව පදනම් කරගත් එකී සමාගම අපගේ අධීක්ෂණය යටතේ රැගෙන යෑම සඳහා වන නිසි නීතිමය ලියකියවිලි අත්සන් කිරීමයි."

එසේ කිරීමට ශ්‍රී ලාංකික බලධාරීන් අපොහොසත් වීමෙන් සිංගප්පූරු සමාගමට ක්‍රියා කිරීමට නිදහස් ලැබී ඇති බව පෙන්වා දෙන ආචාර්ය මාලික ගුණසේකර අවධාරණය කරන්නේ, එමඟින් මේ ගිවිසුම්ගත ගැළවුම්කරුවන්, එම ප්‍රදානය සඳහා සුදුසුකම් ලබන බවයි.

"ප්‍රදානය ලබා ගැනීමේ අවස්ථාව දැන් අහිමි වී තිබෙනවා. අපට දැන් කළ හැක්කේ මෙහෙයුම සඳහා වැය වූ පිරිවැය ඉල්ලා සිටීම විතරයි."

 

අහිමි වන මුදල අවම වශයෙන් ඩොලර් මිලියන 750 ක් !

අහිමි වන මුදල අවම වශයෙන් ඩොලර් මිලියන 750 ක් පමණ විය හැකි යයි ගණන් බලා තිබේ.

ආචාර්ය මාලික ගුණසේකර වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ගින්න නිමා දැමීම සහ අනුගමනය කළ  ආරක්ෂක ක්‍රියාමාර්ග වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව රුපියල් මිලියන 350 ක හිමිකමක් නැව් සමාගමෙන් ඉල්ලා ඇති බවයි.

එම මුදලද ලැබුනද එයද දෙරට අතරේ බෙදී යාමට නියමිතය.

2020 සැප්තැම්බර් 16 දින, නීතිපති දෙපාර්තමේන්තුව විසින්, සැප්තැම්බර් 3 වන දින නෞකාවේ ප්‍රථම වරට ගින්න ඇතිවීමෙන් පසුව ආධාර සැපයීම සඳහා දැරූ පිරිවැය වෙනුවෙන් මෙම තෙල් නැවේ හිමිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් වෙතින් මේ වන විටත් රුපියල් මිලියන 340 ක අන්තර්කාලීන හිමිකම් ඉල්ලීමක් කර තිබේ.

 

වැඩිම ලක්ෂ 140 යි

එමෙන්ම අපරාධ නීතිය සම්බන්ධ වරදක් යටතේ  නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව නඩු පැවරිය හැකි බව ‌පෙන්වා දෙන ආචාර්ය මාලික ගුණසේකර අවධාරණය කරන්නේ දැනට ලංකාවේ පවතින නීති තත්වයන් මත ඔහුගෙන් අය කර ගත හැක්කේ රුපියල් මිලියන 4 සිට රුපියල් මිලියන 14 දක්වා වු උපරිමයක දඩ මුදලක් පමණක්  බවයි.

තවද සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත මගින් සිවිල් නඩුවක් ගොනුකර කිසියම් වන්දි මුදලක් ලබා ගැනීමේ හැකියාවක් පවතින බව පෙන්වා දෙන ආචාර්ය මාලික ගුණසේකර වැඩි දුරටත් අවධාරණය කරන්නේ නෞකාව නිදහස් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් වන නඩු කඩිනමින් ගොනු කළ යුතු බවයි.

''තවද සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත මගින් සිවිල් නඩුවක් ගොනුකර කිසියම් වන්දි මුදලක් ලබා ගැනීමේ හැකියාවක් පවතින බව පෙන්වා දෙන ආචාර්ය මාලික ගුණසේකර වැඩි දුරටත් අවධාරණය කරන්නේ නෞකාව නිදහස් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් වන නඩු කඩිනමින් ගොනු කළ යුතු බවයි.''

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය (නාරා) විසින් එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවු ගින්න  හේතුවෙන් පාරිසරික හානියක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා සාම්පල ලබා ගැනීමට, නෞකාව පිහිටි ස්ථානයේ ගවේෂණ කිහිපයක් සිදු කර තිබෙන අතර පර්යේෂණ පිළිබඳ අවසන් වාර්තා ඉදිරි සතියේ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නාවික හමුදා මාධ්‍ය  ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මාධ්‍යවේදීන් හා පවසා ඇත්තේ , විශේෂයෙන්ම සමුද්‍ර සම්පත් විනාශය හා දූෂණය වීමේ අනතුර සලකන කල්හි, මෙම ගිනිගත් නැව තවමත් පවතින්නේ  ශ්‍රී ලාංකික අධිකරණ බලය යටතේ බවයි.

"එක්සත් ජාතීන්ගේ සමුද්‍ර නීතිය පිළිබඳ සම්මුතියේ විධිවිධාන අවශ්‍ය අවස්ථාවල දී බලාත්මක කිරීමට ශ්‍රී ලංකාවට බලය ඇත."

වර්තමාන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත මගින් ශ්‍රී ලංකාවට හිමිකම් පෑමට ඇති හැකියාව සීමා නොවූවත්, වෙනත් ජාත්‍යන්තර ප්‍රමිති වලින් සීමා පැන වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) පෙන්වා දෙයි.

"තිබිය යුතු මූලික කරුණු නැහැ වගේම ප්‍රධාන සම්මුතීන් හයක් අප විසින් අනුමත කර නැහැ" යි MEPA සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරය කෙලෙසීමට කෙරෙන කිසිදු සම්බන්ධයෙන් නඩු පැවරීමට වත්මන් පනතේ විධිවිධාන නොමැති බව ද ඇය වැඩි දුරටත් අවධාරණය කර සිටින්නීය.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරය කෙලෙසීමට කෙරෙන කිසිදු සම්බන්ධයෙන් නඩු පැවරීමට වත්මන් පනතේ විධිවිධාන නොමැති බව ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර වැඩිදුරටත් අවධාරණය කර සිටින්නීය.

ගින්න ඇරැඹුණු අවස්ථාවේ එය පැතිරීම වැලැක්වීම සඳහා පියවර නොගැනීමෙන් සහ අනතුර සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට වහාම නොදැන්වීමෙන් සාපරාධී වරදක් කළ බවට නීතිපතිවරයා විසින් චෝදනා නගා ඇති නිව් ඩයමන්ඩ් නැව්පති හැට හැවිරිදි ස්ටේරෝස් ඉලියාස් කපිතාන්වරයාට සැප්තැම්බර් 28 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කර තිබේ.

මීට අමතරව, සාමුද්‍රීය දූෂණය වැළක්වීමේ පනත උල්ලංඝනය කිරීම පිලිබඳ චෝදනා නගා කපිතාන් ඉලියාස්ට විරුද්ධව නැව ගිනිගත් අධිකරණ බල ප්‍රදේශය වන කල්මුනේ මහාධිකරණයේ ද නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බව දැනගන්නට ලැබී තිබේ.

New Diamond 3 ශ්‍රී ලංකා නාවික හමුදාපති ඉන්දීය වෙරලආරක්ෂක ICGS අමෙයා නෞකාව වෙත සැප්තැම්බර් 10 දා ගොස් තම ස්තුතිය පුද කළ අවස්තාව

 New Diamond 1 සැප්තැම්බර් 6 දා ගිනි නිවීමේ මෙහෙයුම සඳහා යොදවන ලද්දා යාත්‍රා පිලිබඳ ඉන්දීය වෙරළාරක්ෂක රූ සටහනක්.

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්